(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිය මුදල් පසුම්බිය සොරකම් කළ ගැට කපන්නාට රුපියල් ලක්ෂයක මුදලක් බන්දේසියේ දමා දුන් කාන්තාවක පිළිබඳව අසන්නට ලැබේ.
ඇය නගරයේ රෙදි පිළි වෙළෙඳසලකට ගියේ අත්‍යවශ්‍ය ඇඟලුම් කිහිපයක් මිලදී ගැනීමටය. කොරෝනා ව්‍යසනය මධ්‍යයේ වුව ද ඒ වන විටත් එම රෙදි පිළි වෙළෙඳසලේ සැලකිය යුතු පිරිසක් රෙදි පිළි මිලදී ගැනීමට පැමිණ සිටියහ. ඒ අතරින් ඇය තමාට අවශ්‍ය ඇඳුම් පැළඳුම් තෝරා ගත්තාය.
තෝරාගත් ඇඳුම්වල මිල ගෙවීමට ඇය එම රෙදි පිළි අලෙවිසලේ මුදල් අයකැමි වෙත ගියාය. සිය ගමන් මල්ල ගෙන එහි තිබූ මුදල් පසුම්බිය සෙවූව ද එහි එය නොවීය. ඇයට දහවල් තරු පෙනුණේ එවිටය. මුදල්වලට අමතරව බැංකු කාඩ්පත ද එහි ඇති බව දැනුණු විට පෙනුණු තරු ගණන දෙගුණ තෙගුණ විය. ඒ විතරක්ම නොව බැංකු කාඩ්පතේ රහස් අංකය ද කාඩ්පත දමා තිබූ කවරය තුළ දමා ඇති බව ඇයට සිහි වූ විට තුන් මුණින්ම දහඩිය දමන්නට විය.
ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ ඇය ත්‍රිරෝද රථයක් ගෙන්වා තමාගේ බැංකු කාඩ්පත නිකුත් කළ වාණිජ බැංකුවට ගියේ, කාඩ්පතට අදාළ ගිණුමේ මුදල් ගෙවීම තහනම් කිරීමටය. ඒ වන විටත් සිදු වූ දේ සිදු වී හමාරය. ඇයට කලින් ගැට කපන්නා ක්‍රියාත්මක වී බැංකු කාඩ්පත ස්වයංක්‍රීය යන්ත්‍රයකට දමා, ගත හැකි උපරිම මුදල වන රුපියල් ලක්ෂයක මුදලක් ගෙන තිබුණේය.
මේ සිද්ධිය පිළිබඳව ඇය පොලිසියට ද පැමිණිලි කළාය. එය ඇසූ පොලිස් නිලධාරියකු කීවේ, ගැට කපන්නාට තමාගේ මුදල් පසුම්බියට අමතරව මේ කාන්තාව මුදල් ත්‍යාගයක් ද බන්දේසියක දමා දී ඇති බවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුදල් පසුම්බිය ඉස්සූ ගැටකපන්නාට ලක්ෂයක තෑග්ගක් දීලා
ana Monday, 15 November 2021 01:03 PM
බොරු කතාවක්. PIN එක නැතිව සල්ලි ගන්නේ කොහොමද?
gata kapannaMonday, 15 November 2021 08:35 PM
බැංකු කාඩ්පතේ රහස් අංකයද, කාඩ්පත දමා තිබූ කවරය තුළ දමා ඇති බව... දැක්කේ නැද්ද?
sarath perthWednesday, 17 November 2021 08:01 AM
සමහරක් අය ටියුබ් ලයිට්