(පැටි‍්‍රක් මාකස්)
බස්රථයක ගමන් කරමින් සිටියදී මුදල් පසුම්බියක් සොරා ගත්තැයි කී අයකුට සිදුවූ අපූරු සිද්ධියක් පසුගියදා නුගේගොඩින් වාර්තාවිය.
සිද්ධිය සැකවින් මෙසේය.
දිනය 24 වැනිදාය. මාර්ග අංක 138 කොළඹ මහරගම ධාවනය වන බස්රථයකි. බස්රථය මගීන්ගෙන් පිරී තිබිණි. මහරගම සිට කොළඹට ධාවනය කරන බස්රථය නුගේගොඩ ගුවන් පාලම අසළ තිබෙන බස්නැවතුම්පළේ නැවත්විය.
කාන්තාවන් ළමයින් හා තරුණ තරුණියෝ කඩිනමින් බැස යාමට පොරකෑහ.
ඩෙනිම් කලිසමක් හැඳ සිටි මැදිවියේ මහත්මයකු ඔහුගේ මුදල් පසුම්බිය නැති වී ඇති බවට කෑ ගැසීය. ඔහුගේ කලිසමේ පිටුපස සාක්කු දෙක වරින් වර අත ගාමින් මුදල් පසුම්බිය නැතිවූ බව හඬ නඟා කීය.
කොන්දොස්තර මහතාද බිමට බැස සිටි අතර ඔයාගෙ අතේ මොකක්ද තිබෙන්නේ කියා ඇසූවිට ලැජ්ජාවට පත් ඩෙනිම් කලිසම ඇද සිටි පිරිමි මහතා සීරුවෙන් මඟහැර ගියේය
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුදල් පසුම්බිය සොරාගත්තැයි අතේ තියාගෙන කෑගහලා
ටෙකිසන් Friday, 26 December 2014 06:58 AM
ඔලුව තිබෙන්න ඇත්තේ බැහැල ගිය කෙනෙක් ලඟ. (නදී)
කටුගස්තොට Friday, 26 December 2014 07:49 AM
හදිසියේ හිත කලබල කරගත්තම මේ වගේ දේවල් සිද්ද වෙනවා (නදී)
රුවන් Friday, 26 December 2014 08:53 AM
කොහොමද අනේ අතේ යමක් තියාගන කලිසම් සාක්කු අල්ලන්නේ? (බ)
මහේෂ් Friday, 26 December 2014 09:29 AM
ඕකට තමයි කියන්නෙ තමන්ගෙ දේවල් තමන්ම හොරකම් කරනවයි කියලා.(හේ)
වනිතා Saturday, 27 December 2014 01:51 PM
ඇයි එක මිනිසෙක් අමුඩය ගහගෙන අමුඩය හෙවුව කතාවකුත් තියෙන්නේ! (නි)
සිරිපාල Monday, 29 December 2014 05:46 AM
මේක වුණේ අර අලුත් අපේක්ෂක මහත්තයට නෙවෙයි නේ ද? (නදී)
බොබී Tuesday, 06 January 2015 09:16 AM
ඕකට වඩා හොඳ එකක් තියෙනවා... මේක පිළියන්දල සිද්දියක්. බාර් වහන නිවාඩුවකට කලින් දවසක රෑ 8:55 ට විතර ඇති. වයින් ස්ටෝර් එකේ පොරකන සෙනඟ අස්සෙන් රිංගපු හෙල්මට් එකකුත් දාගත්ත අයියා කෙනෙක් බෝතලයක් ගත්තා. ගත්ත බෝතලය හරිම පරිස්සමෙන් පපුවටම තුරුළු කරගෙන ආපහු සෙනඟ අස්සෙන් රිංගල එලියට ආපු අයිය එකපාරටම ආපහු හැරුනෙ "මගේ පර්ස් එක කවුරුහරි අරගෙන" කියාගෙන. අයියගේ සද්දෙට අර පොරකකා හිටපු සෙට් එකම හරිල බැලුවා. පර්ස් එක නැහැ කියපු අයිය තාම එක අතකින් බෝතලෙයි පර්ස් එකයි පපුවට තද කරගෙන අනෙත් අතින් සාක්කු අතගානවා, ෆුල් ෆේස් හෙල්මට් එක නිසා අතේ තියන පර්ස් එක පේන්නෙ නැහැ. අර සෙට් එකටම පර්ස් එක පේනවා. එතන හිටපු ඒ වෙනකොටත් හොඳට දාල හිටපු මල්ලි කෙනෙක් "ඔය තියෙන්නෙ අතේ පර්ස් එක... මෙතනට එන්නෙ බේබද්දෝ මිසක් හොරු නෙමේ..." කියපු පාරට අර අයියා "තැන්ක් යූ..." කියාගෙන යන්න ගියා. (බ)