(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය මුනුපුරා විසින් ලියන ලද පෙම් හසුන් පතක් ඔහුගේ පෙම්වතියට දීමට රැගෙන යමින් සිටි සීයා අල්ලපු ඉඩමක කපා තිබු වැසිකිළි වළකට වැටී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවෙයි. මෙලෙස වැසිකිළි වළකට වැටී ඇත්තේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ ගමක පදිංචි 74 හැවිරිදි අයෙකි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේය.
මොහුගේ එක් දරුවකු විදේශ රටක රැකියාවක් කරන අතර ලේලිය හා ඔවුන්ගේ පිරිමි දරුවන් දෙදෙනා සමඟ මෙම වයෝවෘද්ධ පියා තනි නොතනියට එම නිවසේ වසරක පමණ කාලයක සිට ජීවත් වෙයි. මුණුපුරන් දෙදෙනාගේ වයස 21 සහ 17ක් වන අතර, 21 හැවිරිදි මුණුපුරා වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ ඇඟළුම් ආයතනයක සේවය කරයි. ඔහු අල්ලපු ගමේ පදිංචිව සිටින 19 හැවිරිදි ශිෂ්‍යාවක් සමග මීට මාස කිහිපයකට ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබිණි. මෙම තරුණයා පෙරේදා 26 දා සිය පෙම්වතියට පෙම් හසුන් පතක් ලියා සීයා අතේ යැවීමට කටයුතු කර තිබිණි.
පෙම් හසුන රැගෙන කිලෝමීටරයක් පමණ ඈතින් යන සිසුවියට දීමට කෙටි මාර්ග යකින් යද්දී සීයා අසල්වැසි නිවසක අඩි නවයක් පමණ කපා තිබූ වැසිකිළි වළකට වැටිණි. සීයාගේ ප්‍රමාදය බැලීමට ගිය මුණුපුරාට දැකගත හැකිවූයේ සීයා අල්ලපු නිවසක වැසිකිළි වළට වැටී ඇති අයුරුයි. පසුව මුනුපුරා නිවසට දිව ගොස් ඉනිමගක් ගෙන වළට දමා සීයා ගොඩට ගත්තාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුනුපුරාගේ පෙම්හසුන ගෙනගිය සීයා වළකට වැටී ජංජාලයක්
sudda Thursday, 29 August 2019 09:11 AM
74 කියන්නේ වයසක්ද. අපිටත් පුළුවන් 21 කොල්ලන්ට සටනක් දීලා කෙල්ලෙක් සෙට් කරගන්න.
BamunuarachchiFriday, 30 August 2019 01:11 AM
හරියට හරි මචං. දීපන් ඔය වෙව්ලන අත. හැට පැන්න නාකිවගේ ඉන්න කොල්ලෝ කොච්චර ඉන්නවද එකට අපිනේද?
sampath Friday, 30 August 2019 12:17 PM
මේක නම් පිළිගන්න බැහැ. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ලියුම් ලියන්න දන්නෙත් නැහැ. මෙතරම් ජංගම දුරකථන තියෙද්දී පෙම් හසුන් මොකටද ඒවා ලිව්වේ?