X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


මුරකරුගේ මනුස්සකම දැක අයිතිකරුට තරු පෙනිලා

වයඹ පළාතේ පොල් ඉඩමක හිමිකරු වුවත් ඔහුගේ පදිංචිය බස්නාහිර පළාතේය. වත්තේ මුරකරු අහිංසකයෙකි. වත්තට ආ හොරකු දුටුවත් අවවාද කොට යැවීම හැරෙන්නට ඔහු දඬුවම් කළේ නැත. මෙය වතු හිමියා නොරිස්සුවේය. කීප අවස්ථාවකම මුරකරුගේ මනුස්සකම දුටු ඔහු වත්තට තරමක් සැර අලූත් මුරකරුවකු පත් කළේය. මේ ගැන විමසූ පැරණි මුරකරුට ඔහු කීවේ ‘‘තමුසෙත් නරක නෑ. ඒත් තමුන්ගෙ හිත හොඳ වැඩියි. ඔය මනුස්සකමත් එක්ක මේක කරන්න බෑ’’ කියායි.

පසුගිය සතියේ පැරණි මුරකරු උදේ පාන්දරම වතු හිමියා සොයා ආවේ තුවක්කුවක්ද රැුගෙනය. වතුහිමියා බියවිය.

මං ආවෙ සර්ගෙ අලූත් මුරකරුගෙ තුවක්කුව සර්ට දීල යන්න. එයා ඊයේ ? හොඳටම නිදි. මට  ඕනනං මේක ගෙදර ගෙනියන්න තිබුණා. ඒත් සර් නිතර කියන මගේ ‘‘නරක’’ මනුස්සකම තවම තියෙන නිසා මේක සර්ට දීලා යන්න හිතුණා කීමෙන් වතු හිමියාට තරු පෙනුණාලූ.

 



අදහස් (0)

මුරකරුගේ මනුස්සකම දැක අයිතිකරුට තරු පෙනිලා

තිලක් Tuesday, 26 August 2014 05:16 AM

මගේ පොල් ඉඩමට මුර කාරයෙක් නැහැ. ඒත් හොරු කඩන්නේත් නැහැ. (දී)

:       0       0

සරත් Tuesday, 26 August 2014 07:39 AM

මනුස්සකම තියන අයට හරියන්න කාලයක් යනවා. (දී).

:       0       0

කව්ෂල්ය Tuesday, 26 August 2014 09:39 AM

නියමයි (දී)

:       0       0

අසංක Tuesday, 26 August 2014 10:12 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

කුමාරි Tuesday, 26 August 2014 11:23 AM

දැන් වත් ලොක්කට තේරුනාද මනුස්ස කමේ වටිනාකම.? (දී)

:       0       0

රුවන් Tuesday, 26 August 2014 12:28 PM

මුරකරු අහින්සක නිසා තමා මෙපමන කලක් ජීවත්වෙලා ඉන්නේ නැත්නම් ඉතින් හොරෙකුගේ ගොදුරක්වෙලා හුඟක්කල්. (නදී)

:       0       0

රූපවති Tuesday, 26 August 2014 02:45 PM

අපේ අම්මයි අප්පච්චියි කවදාවත් අපේ ඉඩම් වලට වැටවල් ගැසුවේ නැහැ , වත්තේ පුරාවටම හැම දෙයක්ම වගා කරලා තිබුන, දුප්පත් මිනිසුන් වගේම යමක් වගා කරන්න අකමැති වටේ ඉන්න අය මහා රෑ අපේ වත්තේ තියන මයියොක්ක , ගස් පිටින් ගලවන් යනවා , මුරුංග ගහේ..නමා හැලිලා අතු පාත්වෙලා බිමට නැවිලා තියෙන අතු පින්ම කඩන් යනවා ..උදේට නැගිටලා වත්ත වටේට යාම පුරුද්දක් උණු අප්පච්චි, බිම දිග හැලිලා තියන අමු පස් , මුරුංග කරල් පිටුපස යනවා, ඒ හොරාගේ ගෙදර මිදුලට යන අප්පච්චි ..ඒ අපේ වත්තට පැනපු හොරා බව දැනගෙන ..ආපසු එනවා...? එලවළු මයියොක්ක බතල අනිවාරයෙන් පළ නෙළන දාට අඩගහල ඒ ගෙවල් වලට දෙනවා, ළමයි 7,8,9, හිටිය ඒ ගෙවල් හැමෝගෙම ..අපි ගොඩාක් අසරණ යින්ට එදා ඉදම්ම උදව් කළා ..අපිත් එදා ගොඩාක් දුප්පත්, අපිට කවදාවත් අග හිග කම් ඇති වුණේ නැහැ ..!!! (අ)

:       0       0

චම්පික Tuesday, 26 August 2014 08:14 PM

මනුස්සකම වැඩිවීමත් ප්‍රශ්නයක් තමයි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 26 August 2014 11:54 PM

ඔබ ඔබට මෙන් අසල්වැසියාටත් ප්‍රේම කරනවානම් මේ ලෝකය කොයිතරම් ලස්සන තැනක් වෙන්න තිබුනාද? (නි)

:       0       0

චානක Wednesday, 27 August 2014 10:37 AM

රුපවති අක්ක ගේ ගෙවල් තියෙන්නේ කැලවනේ මොන වැටවල්ඩ් ද ..(අ)

:       0       0

නුවන් Thursday, 28 August 2014 10:14 AM

අද කාලේ අසලවාසියට ප්‍රේම කරන්න ගියොත් බෙල්ල කැපෙනවා! (ස)

:       0       0

ගාමා Thursday, 28 August 2014 04:11 PM

රුපවති කැමති නැද්ද නව කතාවක් ලියන්න ...හොද අලෙවියක් තියෙයි (අ)

:       0       0

රූපවති Thursday, 28 August 2014 05:24 PM

ඔවු චානක..? ඇත්තටම අපි කුඩා කල හිටියේ හද්දා කැලයක..හැමෝම ඒ ගමේ දුප්පත් .. එදා ඒ එහෙම වුණත් පරණ මිනිසුන් මියැ දුන පසු අලුත් පරම්පරාව නිසා, ඒ ගමේ තිබු ඒ ලස්සන , වැව්, ඇළ, දොළ , ඔයවල් , කුබුරු , ගහ කොළ පවා මට හදුනා ගන්න වත් බැරි තරමට .. විනාශ කරලා ..?නිවාඩුවට ගියාම මා ඒ ගමටත් යනවා ඉඳහිට. ඇසට කඳුලක් අනිවාර්යයි ඒ විනාශ වුණු අපේ දුප්පත් ලස්සන ගම දකින විට ..? එදා තිබුණු ඒ අදුරේ උනත් කැලයක් මැද තිබුණු ගම්මානයේ සුන්දර ලස්සනක් තිබුණ. මේ ලියන විටත් මට දුකයි මා ඉපදුනු ඒ ගම ගැන සිහි වෙන විට...? ඒ දුප්පත් සොදුරු ගමෙන් දුප්පත් ජීවිත තුලින් අපි විදි අද්දැකීම් අද ජීවත් වෙන කිසි වෙකුට මුළු ජීවිත කාලය වැය කලත් මුදල් කොටි ගානක වියදම් කලත් .. ලබා ගන්න බැහැ..? එත් දුකයි කියන්නේ ඒ ගමට තාමත් ලයිට් නැහැ, සැවොම අදුරේ ..? (අ)

:       0       0

ප්‍රේමානන්ද Thursday, 28 August 2014 05:26 PM

රුපවති මහත්මියට ප්‍රසංසා කල යුතුයි.සිංහලයාගේ සිරිත සිංහලයාට අපහස කරන එක නේ. (අ)

:       0       0

හසන්ත Friday, 29 August 2014 04:54 AM

ඉතා හොඳ කතාවක් (නි)

:       0       0

ඡානක Friday, 29 August 2014 08:30 AM

රූපවතී අක්කා සමාවෙන්න හිත රිදුනා නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site