(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන )
මුහුණු පොත හරහා හඳුනාගත් පෙම්වතිය එන්නත විදගැනීමට පැමිණි පසු පෙම්වතා විසින්ම ප්‍රේම කතාව නිමකළ අපූරු කතාවක් දකුණු පළාතේ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වාර්තාවේ.
දකුණු පළාතේ ප්‍රධාන නගරයක රජයේ කාර්යාලයක සේවය කළ නිලධාරියකු සිය මුහුණු පොත හරහා හඳුනාගත් තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගියේය.
මුහුණු පොත හරහා සංවාද කළද දෙදෙනා දෙදෙනාට හමුවීමක් සිදුකළේද නැත. තරුණිය රූමතියක් වූ අතර එයට සරිලන අයුරින්ම තරුණයාද කඩවසම් අයෙක් විය. නගරයේ කාර්යාලක සිටි ඔහුට හිටිගමන්ම වාගේ ග්‍රාමිය ප්‍රදේශයක කාර්යාලයකට ස්ථාන මාරුවීමක් ලැබුණේය.
නව සේවා ස්ථානයේ වැඩ බාරගෙන සිටින අතර තුර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන්වල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ රාජකාරිවලට යාමටද ඔහුට සිදුවිය.
වයස අවුරුදු විස්සත් තිහත් අතර පිරිසට එන්නත් ලබාදීමේ වැඩසටහනට සහභාගි වී සිටි තරුණ නිලධාරියාට කාන්තාවක් කුඩා දරුවකුද වඩාගෙන විත් හැඳුනුම්පත ලබාදුන්නාය. හැඳුනුම්පතෙහි ඇති ඡායාරූපය සහ නම දුටු තරුණයා එකවරම පුදුමයට පත්විය. මුහුණු ආවරණයක් සමග මුඛ ආවරණ දෙකක් පැළඳ සිටි තරුණ නිලධාරියා හඳුනා ගැනීමට තරුණියට නොහැකි විය. දරුවාද රැගෙන බෙහෙත් වීදිමට පැමිණියේ ඇයි දැයි ඔහු තරුණියගෙන් විමසූ අතර සැමියා විදේශ ගතව සිටින නිසා දරුවාද සමග පැමිණි බව ඇය පැවසුවාය.
ලියාපදිංචි කටයුතු කඩිනමින් ඉටුකර දී කාන්තාව සමග එන්නත්කරණ ස්ථානයට ගොස් එන්නතද කඩිනමින් ලබාදී ඇය පිටත්කර හැරියේය. තමන් රාජකාරි කර ස්ථානයට පැමිණ සමීපතම යහළුවකුට සිද්ධිය පවසා සිත් තැවුලෙන් යුතුව තරුණ නිලධාරියා පිටව ගියේය.
තරුණයා මෙම කතාව පැවසූ මිතුරාගෙන් කාර්ය මණ්ඩලය පුරාවටම සිද්ධිය පැතිර ගිය අතර තරුණයා ටික දිනක් නිවාඩු ලබාගෙන නිවෙසේ රැඳී සිට පෙම්වතියටද කතාව පවසා සම්බන්ධය නතරකර දැමුවේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුහුණු පොතේ ප්‍රේමය එන්නත් පොළේදී ෙබ්‍ර්ක් වෙයි
dnh Monday, 13 September 2021 07:13 AM
අයියෝ මෝඩයි
sam Tuesday, 14 September 2021 11:26 AM
මට මේකට හිනායන්නේ නැහැ... ආයිමත් දානකොට හොඳට හිනාවෙන්න පුළුවන් කතාවක් දාන්න.. හොඳේ...