(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
මුහුදු යනවා යයි කියමින් අලූයම් කාලයේ නිවෙසින් පිටව ගිය සිය සැමියා දරුවන් සමඟ තමන් වෙසෙන තට්ටු නිවාසයේම යාබද කාමරයේ, කාන්තාවකගේ ඇදයට සිටියදී පොලිසිය විසින් සොයාගත් අපූරු පුවතක් දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශයකින් වාර්තා වේ.
ඔහු ධීවරයෙකි. වරෙන්තුවක් සඳහා පොලිසියට අවශ්‍යව සිටි අයෙකි. ඔහුගෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය උත්සහා ගත්තේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒ හැම අවස්ථාවකදීම ඔහු මුහුදු ගොස් ඇති බව නිවැසියෝ කීහ.
මේ නිසාම පොලිසිය ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට ගියේ පාන්දර දෙකට විතරය. ඔහු වෙසෙන ධීවර තට්ටු නිවාසයට පොලිසිය තට්ටු කළේය. නිදිමරගාතේ අවදි වූ ඔහුගේ බිරිය කීවේ අනේ මහත්තයෝ දැන් ටිකකට ඉස්සරවෙලා මගෙ මිනිහා මුහුදු ගියා කියාය. ඇයගේ වදන් ගැන සැක සිතූ පොලිසිය ඔහු වෙසෙන කාමරය පරීක්ෂා කළේය. ඇඳන් යට අහුමුළුවල සෙව්වේය. ඔහු ගැන හෝඩුවාවක් නොවීය.
පාන්දර නිදිමරාගෙන හිස් අතින්ම පොලිසියට ඒමට අදිමදි කළ පොලිස් නිලධාරීන් අද මූ කොහොම හරිම අරගෙන යන්න ඕන යැයි කීවේ ඔහුගේ වරෙන්තුවේ තිබූ බලවත්කම නිසාමය.
ඔහු වෙසෙන තට්ටු නිවාසයේම යාබද කාමරයේ කුසු කුසු හඬක් ආවේ මේ අතරය. මද ආලෝකයක් එහි ඇතුළත තිබෙනු පොලිසිය දැක්කේය. මේ පුද්ගලයා පිළිබඳව එම කාමරයේ වෙසෙන අයගෙන් තොරතුරක් ලබා ගැනීමට හැකිවෙතැයි සිතූ පොලිසිය එහි දොරට තඩිබෑවේ නිකමට මෙන්ය.
කලබලයෙන් රාත්‍රී ඇඳුම පිටින් එම නිවසේ විසූ කාන්තාව දොර ඇරගෙන ආවාය. ඇයගේ හැසිරීම අමුතුය. වචන ගොත ගැසුණාය.
ඇයගේ මේ වෙනස් වීම නිසාම සැක පලකළ පොලිසිය කාමරයේ ප්‍රධාන විදුලි පහන දැල්වූයේ ඇයගේ මේ වෙනස ගැන සොයා බැලීමටය. ඇයගේ සැමියාද ඒ වන විට මුහුදු ගොස් සිටියේය. කළ ප්‍රශ්න කිරීමේදී එය හෙළිකර ගත් පොලිසිය තනිවම සිටි ඇය නිදාසිටි ඇඳයටට එබුණේ ඉබාගාතයේය. තමන් සොයන වරෙන්තුකරු ඇයගේ ඇඳයටය.
හා යමං යමං මුහුදු යමං කියමින් පොලිසිය ඇඳ යට සිටි ඔහු පොලිසියට ගෙන ආවේ මුළු තට්ටු ධීවර නිවාසයටම ලොකු ගින්නක්ද පත්තු කරමින්ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මුහුදුගිය වරෙන්තුකරු අල්ලපු ගෙදර ඇඳයටින් මතුවෙලා