මුදලාලි නොමැති වේලාවක ඔහුගේ බිරිය විසින් අඩු මිලට අනෝදා ගෙඩි විකුණූ නිසා බිරියට බැණවැදී බිරිය අනෝදා ගෙඩි මිලට ගත් පුද්ගලයන්ගේ නිවෙස්වලට යවා අනෝදා ගෙඩි එකතු කරගත් පුවතක් කන්ද උඩරටින් වාර්තා වේ.
කන්ද උඩරට ව්‍යාපාරිකයකු වන මොහු මසුරු අයෙකි. ඔහු කඬේ නොමැති විට ඔහුගේ බිරිය වෙළඳාම් කටයුතු සිදුකරන අතර සියලූ වෙළෙඳාම් විස්තර පොතක ලිවිය යුතුවේ.
පසුගිය දිනක තම ඉඩමෙන් කඩා ගත් අනෝදා ගෙඩි විකිණීමට කඬේ තබා ඇති අතර එදින මුදලාලි ගමනක් ගිය බැවින් බිරිඳ විසින් කඬේ වෙළඳාම් සිදුකර ඇත.
සවස් භාගයේ පැමිණි මුදලාලි වෙළෙඳාම් පිළිබඳ විස්තර පොත පරීක්‍ෂා කිරීමේදී අනෝදා ගෙඩි අඩු මිලට විකුණූ බව පෙනී ගොස් ඇත.
බිරියට හොඳ හැටි බැනවැදුණු මුදලාලි එම ගෙඩි නැවත එකතු කර ගෙන එන ලෙස පවසා බිරිඳ කඩෙන් පන්නා ඇත. පසුව ගම පුරා ඇවිද ඇති ඇය එම අනෝදා ගෙඩි නැවත සල්ලි දී එකතු කරගෙන තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙහෙමත් මුදලාලිලා
කාන්ති Friday, 30 October 2015 06:52 AM
අපිට නම් ඔය මෙතන මහ පුටුවට තරඟයක් නැහැ. අපි කැමති දෙයක් පුවතට සුදුසු විදියට ලිව්වා . එතනින් ඉවරයි. (බ)
සරත් Thursday, 29 October 2015 04:17 PM
අනෝදා හරි රසයි. කටු අනෝදද, වැලි අනෝදද?. මට හිතයි ඔය නෝනා හාමිනේගේ කඩේට යන්න බලන්න. (බ)
ඉනෝකා Thursday, 29 October 2015 04:52 PM
පිටබදර ජයා,මගේ මහත්තයාගේ වත්තේ තියෙන කරපිංචා අපේ මුළු ගමටම ඇති.ලංකාවට ආපුවාම මදි නොකියා කන්න මට ඕනෑතරම් තැන් තියෙනවා.මේ සභාවේ බවලතුන්ට බොරු පාට් දාන්න ඔබට ලජ්ජා නැද්ද....? ? ..(රේ)
සුනිල් Thursday, 29 October 2015 05:09 PM
කරපිංචා වවාගන්න පුලුවන් සිත කාලයට ගේ ඇතුලට ගන්න රස්නේ කාලයට එලියේ තියන්න. මගේ යාලුවෙක් ගේ ගෙදර තියෙනවා ඇමරිකාවේ..(රේ)
ඉනෝකා ක්‍රිෂ්නජෝති Thursday, 29 October 2015 05:32 PM
මා මෙහි අදහස් දක්වන්නේ මා එසැණට බොහෝ ආදරය කරන නිසයි. ඒ ලොකුකම් පෙන්වන්නට නොව අනෙකුත් අයත් මගේම සහෝදර,සහෝදරියන් ලෙස මා සිතූ නිසයි. අදහස් හුවමාරු කරගැනීමෙන් මා ලැබුවේ ඉමහත් ප්‍රීතියකි. නමුත් පිටබැද්දර ජයා,චන්දී සහ රුපවතී මට එතරම් කැමැත්තක් නැති බව මට පෙනීගිය කරුණකි. සුදර්ශී සහ අනුර මගේ කාර්යාලයේ වැඩකරන දෙදෙනෙකි. මට පහරගසා තිබෙන බව මා දැනුවත් කළේ ඔවුන්ය. කාගේවත් තැනක් ගන්නට හෝ පාඨක සබාවේ මුල් පුටුවට යන්නට හෝ මට ඕනෑකමක් නැත. මා ලිවුවේ හුදෙක් විනෝදයට පමණකි. (නි)
විකුම් රංගන Thursday, 29 October 2015 05:34 PM
අදහස් බැලුවහම මෙතන ලියන සමහර අයට පිස්සු වගෙයි පෙනෙන්නේ. සමහර කාන්තාවන්ගේ කයිවාරුව මදිවාට මෙතන හුරතල් වෙන්නත් හදනවා. අපේ රටට ගිය කල? (නි)
රූපවතී Thursday, 29 October 2015 05:42 PM
මම මෙහි දින ගානකින් කිසිවක් නොලීවේ මගේ ස්වාමියාගේ පියාණන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙන නිසා. පුවත්පතවත් කියවන්න සිත එකලස් නැහැ. අපි දුරු රටක හුදකලා වී ඇති හෙයින් පවුලේ සාමාජිකයින්ගේ සංවේදී සිද්ධීන් එකපාරටම වදින්නේ ඔලුවට. එහෙත් අවාසනාව කියන්නේ මගේ නමින් අදහස් පළකර තිබීමයි. (නි)
ද සිල්වා බර්ලින් Thursday, 29 October 2015 06:40 PM
ජර්මනියේ කරපිංචා මිටියක් යුරෝ 1 (රුපියල් 150) විතර වෙනවා. සතියක් විතර කෑමට ගන්න පුළුවන්. මෙහෙ මිනිසුන් හම්බකරන සල්ලිත් එක්ක එම මුදල සුළු මුදලක්. කෑම රසවෙන්න කරපිංචා දමන්න ඕනෑ (නි)
නිමල් නිශාන්ත-බර්මින්හැම් Thursday, 29 October 2015 07:10 PM
සුනිල්,මෙහෙ කරපිංචා පව්මකට මිලදී ගන්න ලැබෙන්නෙත් කුඩා ඉති කිහිපයක් විතරයි. උතුරු ලන්ඩනයේ ඉන්න මගේ සහෝදරිය ඔබ කී විදිහට කරපිංචා දණ්ඩක් පැළකර ගන්න බැලුවා. හරි ගියේ නැහැ. ඉනෝකාගේ යාළුවාගේ සැමියාත් සමහරවිට හිතන්න ඇති ගණන් වැඩියි කියලා. පිටබැද්දර ජයා මොකද මේ කාන්තාවන්ගේ කරපිංචා මිටියට පැටළිලා? (නි)
යොහාන් Thursday, 29 October 2015 07:40 PM
රූපවතීගේ තැන ඉනෝකා අල්ලාගනී කියලා බයට වෙන්න ඇති පිටබැද්දර ජයාට තරහා ගිහිල්ලා තියෙන්නේ. ඉනෝකා වෙනස්ම කතා කියන නිසා මම නම් දකින්නේ වෙනස්ම සුන්දරත්වයක්. අපි එයාලාට ගරහන්න නරකයි. හැමකෙනාගේම අදහස් වලට ගරුනොකරන අය ගැන කතාකරලා වැඩක් නැහැ. (නි)
සමන් දල්පදාදු Thursday, 29 October 2015 10:06 PM
ඔන්න පැත්ත ගියත් ඇත්ත කියන කාන්තාවෝ. කොට්ටෝරුවා කොට,කොටා ගිහින් කෙහෙල් ගහට කොටපුදාට හොට පැටළෙනවාලු. (නි)
පිටබැද්දර ජයා Thursday, 29 October 2015 10:24 PM
ඉනෝකා , ඇත්තටම අපේ ගමේ කරපිංචා හැදෙන්නේ කැලේට. මිනිස්සු කියන්නේ වල් කරපිංචා කියලා. අපි නම් ඉතින් ඉපදුනදා ඉඳලා කෑමට ගන්නේ, කැඳ හදන්නේ, සර්පයෙක් කෑ කෙනෙකුට කොටලා ඉස්ම ටික බොන්න දෙන්නේ මේ වල් කරපිංචා තමයි. (නි)
සමන් Thursday, 29 October 2015 10:27 PM
ඔය චන්දියි,රූපවතීයි තවත් කවුදොයි ස්කයිප් එකෙන් එකතුවෙලා ඉන්නවා කිවුවා නේද? කාටද ඇටෑක් එක දෙන්නේ කියලා වෙන්න ඇති. (නි)
පිටබැද්දර ජයා Thursday, 29 October 2015 10:28 PM
ජෙහාන් , සුභාෂ්, මගේ කතාවේ සැඟවුණ අරුතක් නැහැ. ඇත්තම කතාව ඔන්න මම ලියා තිබෙනවා. ඇත්තටම කරපිංචා මේතරම් ගණන් කියලා දන්නවා නම් අම්මපා නොලියා ඉන්නවා. කරපිංචා කොලයක් ගිය දුරක්! (නි)
අවන්ත Friday, 30 October 2015 02:58 AM
අනේ මෙහෙම තණ්හාවක්... (නි)
පිටිගල Friday, 30 October 2015 05:01 AM
මේකට නම් "දෙය්යෝ සාක්කි" කියන්නම වෙනවා.(ම)
සුදර්ශි Thursday, 29 October 2015 03:55 PM
රුවන් ඔබ බොරු නමකින් පෙනී සිටින බැටළු හම පොරවාගත් අර කව්දෝ වාගේ යයි මට සිතේ.ඔබ කව්ද කියා අපි දනිමු. (බ)
ප්‍රේමවතී Friday, 30 October 2015 07:09 AM
රූපවතී අදත් පරණ තැටිය දාල. හැමදාම එයාගේ නමින් තව කවුදෝ අදහස් දමනවාලු. (ර)
ජයන්ත Friday, 30 October 2015 01:07 PM
මෙයාගේ වෙළදාම ඉක්මනින් සුන් (හේ)
චන්දි Friday, 30 October 2015 01:56 PM
සොයුරිය ඉනෝකා., ඔබට උත්තර දීල තියෙන කෙනා කවුද කියල මම දන්නේ නැහැ., නහදුනන අයගේ සිත් රිදවා ලබන සතුට තාවකාලිකයි., මම මේ එසැනට., ලියද්දි කාගේ හෝ සිතක් කුරිරු කමින් පිරිලා මා ලියන දේ අවතක් සේරු කරනවා මගේ නමින් දේවල් ලියල ඒවාට උත්තරත් දෙන්නේ මට මඩ ගහන්නේ එක්කෙනෙක් බවයි මගේ හැගීම., ඔබලා මා ලියනවට අකමැති නම් නොලියා ඉන්නම් ඒ අනුන්ගේ සිත් රිදවීමත වඩා කෙනෙක් සතුටු කිරීමට මා ගොඩක් ආස නිසයි ඉන් කිසිවෙකු ගේ සිත් මගේ නමින් නොරිදේ යැයි මා සිතමි (බ)
චන්දි Friday, 30 October 2015 02:03 PM
අනුර සෙනෙවි ඔබද කිසිවක් නොදැන අනුන්ට දොස් කීමෙන් වලකින්න මට එක එක නම් වලින් දොස් කියන කෙනා කවුද කියා දනිමි මා නැවත පත්තරේට ලියනවා කියපු දවසේ ඉදන් තමයි මා එක්ක නරි පොරේට පැටලුනේ අහිතක් නැහැ කිසි දවසක අපි කරන පව් ගෙවන්නෙත් අපිමයි එක එක නම් වලින් ලියල කිහිප දෙනෙකුගේම සිත් බිදින්නේ ඔබනම් ඒ පවා ගෙවන්නෙත් ඔබමයි, මට මා විශ්වාසයි මෙතන කිසිවෙකුට විරුද්ධව ලියුවේ නැහැ කියා නොකර වැරදි එක එක්කෙනාගෙන් බැනුම් අහල කදුළු හලනවට වඩා හොදයි වැඩක් නැති වෙලාව නෙට් එකෙන් ආටක නාටක බැලුවනම් හිනා වෙන්න පුළුවන් (බ)
චන්දි Friday, 30 October 2015 02:16 PM
කවුදෝ කෙනෙක් මාව කනවැන්දුම් කියලත් ලියල තිබුනා මගේ නමින්ම., එහෙත් මා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්නේ මගේ සැමියා තාමත් ජිවත් වෙනවා එක එක නම් වලින් මෙතන කුකුල් කොටුවක් කරන ඔබ...? දැන් සතුටින් ඉන්න මින් මතු මා එසැනට නොලියමි (බ)
රුපවතී Friday, 30 October 2015 06:21 PM
මාද දෙවියෝ සාක්කියට නොලියමි ..ලංකාදීපය දනී අපි නොදනී ..? කව්ද මඩගහන්නේ කියල ..?මඩ වදින්න පෙර....? මඩගහන අයගේම තමයි මඩ ඇගේ තැවරෙන්නේ... (රේ)
ගුණවර්ධන Friday, 30 October 2015 08:10 PM
මට එක දෙයක් අහන්න වෙනවා. අපි අනෝදා ගැන කතාකරනවද? නැත්නම් කරපිංචා ගැන කතාකරනවද? (නි)
අබේවික්‍රම වින්දන Saturday, 31 October 2015 06:04 AM
මගේ මුල්ම කොමෙන්ට් එක මේක. හැමදාම මම ඔයාලගේ කොමෙන්ට්ස් කියවනවා. ගොඩාක් හොද කතා තියෙනවා. හැමෝටම බුදු සරණනයි. (අ)
හෂාන් Sunday, 01 November 2015 05:06 AM
මෙන්න සහෝදරයෝ (නි)
ගුණවර්ධන Sunday, 01 November 2015 01:19 PM
චන්දි නංගි හිත රිද්ද ගන්න එපා සමහර අය ආවා ගියාට ප්‍රතිචාර දානවා කිසිම තේරුමක් නැතිව අනික් අයගේ ප්‍රකාශ වලට දොස්කියනව මේවා හොඳ මදි අපි කොයි රටේ හිටියත් ලාංකික සහෝදර, සහෝදරියන් පිරිසක් ඒ වගේම ලංකාදීප පත්තරය හරිම වැදගත් පත්‍රයක් ඒ නිසා ඔබ දිගටම කොමෙන්ට්ස් අපිට දෙන්න අපි අනෝද ගැනත් කරපිංචා ගැනත් කතාකරමු. ඔබලාට ජය . (අ)
තුෂා Sunday, 01 November 2015 01:49 PM
සොයුරු ගුණවර්දන, ඔබ වැන්නන් නිසාය ලොව ලස්සන වී ඇත්තේ. ඔබ කාරුණික පුද්ගලයෙක් බව හැඟුණ නිසායි මෙම සටහන ලිවීමට සිතුනේ. (අ)
චන්දි Sunday, 01 November 2015 04:38 PM
ගොඩක් ස්තුතියි., ගුණවර්දන සොයුර.., තුෂා කියනවා වගේ ඔබ වැනි පිරිමින් ගැහැණු ජාතියටම ආඩම්බරයක්.., මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ..., මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.., ඔබද මනු ලොව දෙවියෙක් යැයි සිතුනි මට.., ඔබටද පතමි දිර්ඝායුෂ..(රේ)
ගීතා Monday, 02 November 2015 05:44 AM
ඔන්න ලංකාවේ සිටින අයට හොඳ අදහසක් කරපිංචා පිටරට යවන්න. මට තිබෙනවා ගස් දෙකක්. (නි)
රනා Tuesday, 17 November 2015 01:43 PM
මට හිතෙනවා මේකේ ලියන ඔක්කොටොම කරපිංචා කවන්න. (අ)
නිලංග Thursday, 29 October 2015 10:50 AM
මම ඉන්න රටෙත් කරපිංචා ඔය ඉනෝකා කියපු මිල ගණන් තමයි. කොහොමටත් රුපවති සහ චන්දි එකිනෙකාගේ පිට කසා ගනිමින් ලියන දේවල් වලට අපිට හිනා වෙලා පන යනවා. (ර)
චන්න Thursday, 29 October 2015 05:12 AM
අනේ පව්... (ර)
ජයරත්න Thursday, 29 October 2015 05:24 AM
මේ මුදලාලි නම් නියම මසුරෙකි. එපමනක් නොව නපුරෙකි. මුදලාලි නෝනා නම් කරුනාවන්ත කාන්තාවක් බව සිතේ. ඈය ගෑන කනගාටුයි.(ර)
දිමේෂ් Thursday, 29 October 2015 05:48 AM
මුදලාලි හොද පාඩමක් ඉගෙනගනී දවසක.... (ර)
ඉනෝකා Thursday, 29 October 2015 05:52 AM
පිටරටින් එන කරපිංචා මිටියක් පවුමකට මිලට අරන් ආවා කියලා බැනුම් අහපු මිතුරියක් මම දන්නවා. එයා කරපිංචා නැතුව තමයි දැන් කෑම උයන්නේ. කොහොම හරි බැරි වෙලා පවුම් 500ක් කුණු කුඩෙත් එක්ක අතුරුදහන් වෙලා. ලෝබයාගේ බඩු කුඹියා කාපු කනවා කියන්නේ ඕවාට තමයි. (ර)
රූපවතී Thursday, 29 October 2015 06:26 AM
ඉනෝකා අදත් නයෙක්ද? ඊයෙ රෝස් කුකුලො අද පවුම්...(බ)
ජයරත්න Thursday, 29 October 2015 06:27 AM
ඉනෝක කියන සිදුවීම බ්‍රිතාන්‍යයේ සිදුවූ දෙයක්. බ්‍රිතාන්‍ය පවුමක් සාමාන්‍යයෙන් රුපියල් 215 ක් විතර වෙනව. ඒ රටේ හෑටියට ඒක කරපිංච මිටියක සාමාන්‍ය මිල විය හෑකියි. (බ)
මාලක Thursday, 29 October 2015 06:37 AM
සමහරුන්ගේ කොමෙන්ට්ස් දැක්කකම හිතෙනවා ඇත්තටම නොදන්නා කමද නැත්නම් අනුන් ගරහන එක පුරුද්දක්ද කියල (බ)
දුල්මි Thursday, 29 October 2015 07:46 AM
අපොයි මේ මුදලාලි හාමිනේට හරියට කන්න අඳින්නවත් ලැබෙනවාද මන්දා ! (බ)
කුමරු Thursday, 29 October 2015 09:37 AM
රූපවතී ගැන හරිම කණගාටුයි. නියම දූපත් මානසිකත්වය. ඒක බොළඳයි දිලිඳුයි. ඔය ලිඳෙන් ගොඩ ඇවිත් බලන්න. (ම)
සුබාෂ් වික්‍රමසිංහ Thursday, 29 October 2015 09:48 AM
රුපවති නෝනා දාන අදහස් විතරද ඇත්ත? අනිත් අයගේත් අදහස් වලට ගරු කරන්න පුරුදු වෙන්න බලන්න. (ර)
සරසි Thursday, 29 October 2015 10:01 AM
ටිකක් විශ්වාස කරන අමාරුයි. අද කාලයේ ගං වල වුනත් මුදලාලි හාමිනේලා මෙහෙම ගම වටේට යාවි කියලා හිතන්න අමාරුයි . අනෙක හොඳයි ඒ ගිහින් බලනකොට ඒවා ඔක්කොම නොකා ඉතිරි වෙලා තියේවිද ? (බ)
නලින් Thursday, 29 October 2015 10:21 AM
ඔන්න දැන් කියාවි මේක මම ලියපු දෙයක් නෙවෙයි කවුද මගේ නමින් ලියලා යනුවෙන්. අන්තිමේ වෙන අයව තමයි අල්ලන්නේ. (ර)
නුමා Thursday, 29 October 2015 10:28 AM
ඉනෝකාගෙ කථාව හරි. කරපිංචා නැති රටක ඉන්නකොට හිතෙනවා ලංකාවට ගිහින් කරපිංචා රට පටවන්න. (බ)
මහේෂ් මුතුකුඩ Thursday, 29 October 2015 10:33 AM
රුපවතියි ඉනෝකයි සහෝදරියෝද මන්ද? (බ)
ඈෂ්ලි Thursday, 29 October 2015 10:42 AM
කරපිංචා නෙමේ අනෝදා (බ)
සඳුන් Thursday, 29 October 2015 05:08 AM
එච්චර කල් නොකා ඉඳලද? (ම)
සුභාෂ් Thursday, 29 October 2015 12:11 PM
මම ඉන්න ඩුබායි වල නම් කරපිංචා මිටියක් රුපියල් 35ක් විතර වෙනවා. ලාබයි නේද? (නි)
පිටබැද්දර ජයා Thursday, 29 October 2015 12:11 PM
ඉනෝකා, ලංකාවට ආ වෙලාවක එන්න අපේ ගම පැත්තේ. දෙන්නම් කරපිංචා මදි නොකියන්න. (නි)
ජෙහාන් Thursday, 29 October 2015 12:35 PM
මට නම් අල්ලන්නේ නැහැ මේ අපේ පිටබැද්දර ජයාගේ කතාව. (නි)
සුභාෂ් Thursday, 29 October 2015 12:43 PM
පිටබැද්දර ජයා, මොකද ඉනෝකාට විතරක්? අපිත් කනවා (නි)
අජිත් Thursday, 29 October 2015 12:52 PM
අනේ පවු ඒ මුදලාලි හාමිනේ. (නි)
චන්දි Thursday, 29 October 2015 01:15 PM
හැමෝම තම තමන් ඉන්න රට ගැන හරි, අනුන් කියපු දෙයක් ගැන හරිනේ කතාව. මුදලාලි කළ වැඩේ කැතයි කියලාවත් කියමු අඩු ගානේ (නි)
නදීකා Thursday, 29 October 2015 01:17 PM
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
විජේසුන්දර Thursday, 29 October 2015 01:26 PM
පුදුමාකාර තණ්හාවක්නේ! (නි)
ඉනෝකා Thursday, 29 October 2015 01:56 PM
අනේ මම දැනුයි දුවලාගේ ස්විස් ගෙදර ඉඳලා මගේ රටේ ගෙදරට ආවේ.දැන් ඔයාලාට රාත්‍රී 7 විතර වෙලා ඇති.උදේ පාන්දර ගුවන් තොටුපොළට යන්න ඉස්සර වෙලා මහත්තයාගෙන් බැනුම් අහගෙන කොමන්ට් කලේ.දැනුයි බලන්න වෙලාව හම්බුනේ.මගේ කොමෙන්ට් එකේ අන්තිම හරිය බලන්න.හදිසියටයි පැටලුනේ. මම පස්සේ වෙලාවක කියන්නකෝ.(අ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 29 October 2015 02:12 PM
වෙලාවට ඒක සිදුවෙලා තියෙන්නේ කන්ද උඩරට .නැත්නම් බලන්න තිබුන නිලමේලගේ කුමාරිහාමිලගේ උදහස් අදහස් ?(අ)
අනුර සෙනවි Thursday, 29 October 2015 02:21 PM
චන්දි,අනුන්ට ඉරිසියා කිරීමෙන් වලකින්න.අනුන් මොනවා ලීවත් ඔයාට මොකද? (අ)
සුදර්ශනී පෙරේරා Thursday, 29 October 2015 02:50 PM
දැන් මෙහි පලවෙන අනිකුත් අයවලුන්ගේ අදහස් සමහරුන්ට දීරවගන්න බැරුවා වාගෙයි.ඕනෑම කෙනෙකුට තේරෙනවා නිරීක්ෂණය කරනවිට.අනේ මන්ද..? (බ)
රුවන් Thursday, 29 October 2015 03:23 PM
පිරුනු කලේ දිය නොසැලේ, නොපිරුන කලේ සුලගටත් සැලේ..සමහරුන්ගෙ පුරාජේරු දැක්කම ඒක මතක් වුණා (බ)
මෙවන් Thursday, 29 October 2015 03:45 PM
කවුරු හරි අනෝදා ගෙඩියක් හරි කාලා තිබ්බ නම් තමයි වැඩේ වරදින්නේ හාමිනේට. (බ)