ඇයට ඔහු තම සිහින කුමරා ලෙස පෙනීමත් ඔහුට ඇය මෝහිනියක ලෙස පෙනීමක් නිසා තරුණියකට නිවාස අඩස්සියකට වී සිටීමට සිදුවීමේ පුවතක් කටුගස්තොට තදාසන්න ගම්මානයකින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය මෙසේය.
ත්‍රිරෝද රථ වෘත්තියේ නියුතු තරුණයෙකු සමග සිදුකරගත් හාදවීමක් මත ඇයට තම පාසල් ගමනද අතරමග නවතා දැමීමට සිදුවූයේ මාපියන්ගෙන් එල්ලවූ බලවත් විරෝධය මධ්‍යයේයි. දවසින් දවසම තම මාපියන් සමග නොරිස්සුම් ස්වභාවයෙන් සිටි ඇයට තම නිවසත් අපායක් සේ දැනුණේ තම සිහින කුමරා නිතර නිතර සිහිවන අතරවාරයේය.
ඊට විකල්පයක් සෙවූ ඇය ඔහුට තම ජංගම දුරකතනයෙන් කතා කොට ඉකුත් අමාවකදා රාත්‍රි 9.30ත් 10.00 අතර කාලයේදී නිවස අසල වැටකඩුල්ල අසලදී යතුරුපැදියකින් පැමිණ තමා රැගෙන යන ලෙස කළ ඉල්ලීමට ඔහුද එක පයින් කැමතිවී ඇත්තේ මාස ගණනාවක් පෙරුම් පුරමින් සිටි සිහිනයක් සැබෑවනු දැකීම නිසාය.
කතා කරගත් පරිදි නියමිත වේලාවට තම සිහින කුමරා පැමිණෙන දුටු ඇය ඉවවහා ගිය සතුටින් ඔහු එන මගට දිවගියේ කඩාගත් කොණ්ඩය පද්දමින් හා අතට ගතහැකි අඩුම කුඩුව දමාගත් මල්ලක්ද අතැතිවය.
ගතවූයේ නිමේෂයකි. අය ඉදිරියට පැමිණි යතුරු පැදිය පාරෙන් ඉවතට පැන අසල අගලකට ඇදවැටෙනවාත් සමගම එහි පැමිණි යතුරු පැදිකරු මෝහිණී... මෝහිණී යැයි කෑ ගසමින් වැටි වැටී අසල නිවසකට කඩා වැදුණේ මෝහිණියගෙන් තම දිවි බේරා ගැනීමේ අරමුණෙනි.
කෙසේ නමුත් ශබ්දය ඇසී ඇගේ මාපියන් පමණක් නොව අසල්වාසින්ද එහි රැස්ව කරුණු කාරණා විමසීමේදී ඇගේ පෙම්වතා පැමිණීමට පෙර පැමිණි වෙනත් යතුරුපැදිකරුවෙකු නිසා මෙම අකරතැබ්බය සිදුවී ඇති බවට සනාථ විය. සිද්ධියෙන් අනතුරුව අසල්වාසීන්ට මුහුණ දීමට නොහැකිව ඇය මේ දිනවල තම මාපියන් සමඟ නිවසින් එළියටවත් නොබැස සිටින බව වාර්තා විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෝහිණී නැටුමෙන් තරුණිය අඩස්සියේ