පෞද්ගලික සමාගමක සේවය කරන විදේශීක මහතෙක් සහ ඔහුගේ රියදුරු රාජකාරි කටයුත්තක් සඳහා පිටත්වූහ. සාප්පු සංකීර්ණයක් අසලට පැමිණි විදේශිකයා තමා පැමිණෙන තෙක් වාහනයට වී සිටින්නැයි කියා සාප්පු සංකීර්ණයට ඇතුළු විය. වාහනයෙන් බැසගත් රියදුරු මහතාට යතුරුපැදියක් තල්ලූ කරමින් පැමිණෙන හොඳින් හැඳ පැළඳගත් තරුණයකු දක්නට ලැබිණි. ”මොකද සයිකලේ තල්ලූ කරගෙන” රියදුරු මහතා ඇසීය. ”බලන්නකෝ අයියේ පෙට‍්‍රල් ඉවර වුණානේ තෙල් ගහන්න සල්ලිත් නැහැ” තරුණයා පැවසීය. රියදුරු මහතාට දුක සිතී තම මුදල් පසුම්බිය බැලූවිට තිබුණේ වියදමට ගෙනා රුපියල් දහසේ නෝට්ටුව පමණි. නුදුරින් ඉන්ධන පිරවුම්හලක් තිබූ අතර වාහනය අගුලූ දැමූ හෙතෙම ”ෂෙඞ් එක ගාවට යමු” යැයි කියමින් යතුරුපැදිකරු සමග ඉන්ධන පිරවුම්හල වෙත ගියේය. වාහනයකට ඉන්ධන සපයමින් සිටි පොම්පකරුට රුපියල් දහස දුන් රියදුරු මහතා, ”සයිකලේට දෙසීයක ගහන්න” යැයි පැවසීය. එවිටම රියදුරුගේ ජංගම දුරකථනයට විදේශික මහතාගෙන් ඇමතුමක් ලැබිණි. තම මුදල් පසුම්බිය වාහනය තුළ බවත් එය රැුගෙන එන ලෙසත් ඉන් පැවසුනි. ඔහු වාහනය වෙත දිවගිය අතර යතුරුපැදිකරු පොම්පකරු අමතා ”මල්ලී දාහ දෙන්න, සයිකලේ තෙල් ටිකක් තියනවා” යැයි කියමින් දහසේ නෝට්ටුව ලබාගෙන යතුරුපැදිය පණගන්වා පවනට බඳු වේගයෙන් ගියේය. මොහොතකින් පැමිණි රියදුරු මහතා පොම්පකරු අමතා ”මල්ලී ඉතිරි සල්ලි ගමුදැයි” ඇසීය. එවිට පොම්පකරු මෙසේ කීය. ”සර් එක්ක සයිකලෙන් ආපු අනික් මහත්තයා පෙට‍්‍රල් එපා කියලා රුපියල් දාහත් අරගෙන සයිකලේ නැගලා යන්න ගියා?”
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යතුරුපැදිකරුට උදවු කළාට අමතක නොවන පාඩමක්
උදිත් Tuesday, 02 October 2012 03:28 PM
චික් මේ වගේ සත්තුත් ඉන්නවනේ ....පව් ඒ මිනිහා (ස)
රවීන්ද්‍ර Tuesday, 09 October 2012 08:10 AM
මේ වගේ අය නිසා ඇත්තටම අසරණ වෙච්ච මනුස්සයෙකුටවත් උදව්කරන්න හිතෙන්නේ නෑ (ස)
හරීන් Monday, 08 October 2012 10:00 AM
දිය යට ගිනි , පරිස්සමින් !!! (ස)
රජිව් Friday, 05 October 2012 01:50 PM
උදවුවක් කරන්න ආපු කෙනෙකුට මෙහෙම කරන එක වැරදියි. (නි)
චානක Thursday, 04 October 2012 07:32 AM
මේ වගේ දෙයක් පලකර එක හොඳයි , රටක් හැටියට අපි දැන් ගතිගුණ අතින් පිරිහිලා , ඉතින් එහෙම දියුණුවක් ඇති රටට සෙතක් නෑ (ස)
ප්‍රියන්ත Wednesday, 03 October 2012 11:31 PM
අයියෝ සල්ලි ....
මනම්පේරි Wednesday, 03 October 2012 05:20 PM
මේක පිළිගන්නත් අමාරුයි. මෙහෙම හොරු ලංකාවේ හිටියට මෙහෙම උදවු කරන්නේ නම් නැහැ. (නි)
චමින්ද Wednesday, 03 October 2012 09:14 AM
ලෝකෙන් උතුම්ම රට ලංකාවයි. (නි)
ෂෙරීෆ් Tuesday, 02 October 2012 08:08 PM
ලංකාවේ අපේ ලංකාවේ.... (නි)
උදිත් Tuesday, 02 October 2012 07:52 PM
මේක ඉතින් ලංකාවනේ! (නි)
හේමන්ත Tuesday, 02 October 2012 06:44 PM
උඩින් ඔපේ - යටින් හපේ.... (නි)
ඩයස් Tuesday, 02 October 2012 06:00 PM
ලංකාවේ මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා. මටත් විශාල අත්දැකීම් තියෙනවා. (නි)
චින්තක Tuesday, 02 October 2012 05:37 PM
ඉතිං කොහොමද අසරණයකුට පිහිට වෙන්නේ..!(නු)
ප්‍රසාද් Tuesday, 02 October 2012 04:35 PM
මට මෙයාව හම්බුණොත් ප්‍රෙට්ට්‍රල් දාල ගිනි කූරක් තියනවා (ස)
වරුණ Tuesday, 02 October 2012 10:00 AM
ඕකෙන් පෙන්වන්නේ මොකද්ද ? හැමෝම බලන් ඉන්නේ කාගේ හරි බෙල්ල කපලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්න .මේ කියන ආශ්චර්‍යය මේ කපේදි දකින්න ලැබෙන්නේ නැ (ස)
අමිල කටුනායක Tuesday, 02 October 2012 02:54 PM
අනුකම්පාව භූමි කම්පාවකට පෙරලුන අවස්ථාව (ස)
යොහාන් Tuesday, 02 October 2012 02:11 PM
මට ඇත්තටම හරිම කණගාටුයි.. ඒ මනුස්සයා හමුවුනොත් ඇදගෙන සිටින කළිසම ඔළුවෙ ඔතනවා..!(නු)
ලන්ඩන් බණ්ඩා Tuesday, 02 October 2012 01:55 PM
මේක තල්ලු කරගෙන ආවෙ තෙල් නැති නිසා නේද? එහෙම නම් ආයෙත් බයිසිකලේ පණගන්වා ගත්තේ කොහොමද?(නු)
ජගත් බාලසූරිය Tuesday, 02 October 2012 02:01 PM
මහත්මයාණෙනි.. ඔබ ලොකු පිනක් කරගත්තේ.. මේ මනුස්සයා තවත් පව් එකතු කරගත්තා.. (නු)
දයා සවුදි Tuesday, 02 October 2012 01:42 PM
දියෙහි යන යන දණ්ඩට පිහිටක් වෙතත් කිසිවිට දුදනන්ට පිහිට නොවෙව් යන බස සැබෑවක් මට (අ)
චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 01:19 PM
කමක් නෑ ඕකෙන් පාඩමක් ඉගෙන ගත්තනේ...හොදයි(ස)
සජී Tuesday, 02 October 2012 11:28 AM
අවංක මිනිසුසු බොහොම අඩුයි , මේ සමාජයේ . බොරු කාරයන්ට කවමදාවත් හරියන්නේ නෑ (ස)
එරංග Tuesday, 02 October 2012 11:15 AM
මේ වගේ දේවල් වලින් වෙන්නේ උදවුවක් ඕනෑ කෙනෙකුටවත් උදවුවක් නොලැබෙන එකයි. (නි)
සන්ජි Tuesday, 02 October 2012 11:11 AM
හරිම කණගාටුයි කාරණා දෙකක් නිසා.. එකක් තමයි හිත හොද රියදුරු මහතාට වෙච්ච දේ, අනික මේකෙ පළවෙලා තියෙන අදහස් දකින විට... (නු)
සන්ජි Tuesday, 02 October 2012 11:08 AM
මෙහෙම දේවල් වෙනකොට ඇත්තටම අමාරුවේ වැටුන කෙනෙකුටවත් උදව්වක් ලැබෙන්න නෑ ....අනික තමයි අදහසින් එයාගේ මෝඩකම පේනවා (ස)
සරත් Tuesday, 02 October 2012 10:26 AM
චන්ඩියට අඳින ගොඩක් අය හිස් කියන්නේ ඕකනේ .(ස)
රුවන් Tuesday, 02 October 2012 10:29 AM
බොරු නේ අනේ ..(ස)
නිරාන් Tuesday, 02 October 2012 10:03 AM
මේකත් බොරු නේ..(ස)