(වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
හතළිස් තුන් හැවිරිදි එක්දරු මවක හා පෙමින් වෙලී ඇති විසිඅට හැවිරිදි තරුණ විවාහකයකු රාත්‍රී කාලයේ තම පෙම්වතිය හමුවීමට සිය යතුරු පැදියෙන් ඇයගේ නිවසට ගොස් සිටිය දී බලාපොරොත්තු නොවූ සිද්ධියක් නිසා යතුරු පැදිය ද පෙම්වතියගේ ගෙමිදුලේ දමා පණ බේරාගෙන නිෙවසේ පෑල දොරින් කළුවරේම පලාගොස් ඇති සිද්ධියක් අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි පොලිසියකින් වාර්තා වේ.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
මැදිවියේ පසුවන රූමත් කාන්තාවක් වන එක්දරු මව තම ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවිකාවකි. 28 හැවිරිදි තරුණ විවාහකයා ද එම ඇඟලුම් ආයතනයේම සේවකයකු ලෙස කටයුතු කරන්නෙකි.
ඇඟලුම් සේවකයා දුර බැහැර ප්‍රදේශයකින් පැමිණ ඇඟලුම් ආයතනය ආසන්නයේ නේවාසිකව සිටිමින් රැකියාවට යන එන අයකු බව ද පොලිසිය කියයි.
මෙම 28 හැවිරිදි ඇඟලුම් සේවකයා හා හතළිස් තුන් හැවිරිදි ඇඟලුම් සේවිකාව අතර පෙම් සබැඳියාවක් ඇඟලුම් ආයතනයේදී ඇතිවී ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
ඇඟලුම් සේවිකාවගේ සැමියා රාත්‍රී කාලයේ නිෙවසට නොඑන බව පවසා දුර බැහැර ගමනක් ගොස් සිටිය දී ඇඟලුම් සේවිකාවගේ ඇරයුම මත ඇඟලුම් කම්හල් සේවකයා සිය යතුරු පැදියෙන් රාත්‍රී කාලයේ තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇත.
තම පෙම්වතා නිෙවසට පැමිණි පසු ඇඟලුම් සේවිකාව වැඩි ආරක්ෂාව සඳහා නිෙවසේ ඉදිරිපස දොර අගුල දමා වසා දමා ඇති බව ද පොලිස් නිලධාරීහු පවසති.
රාත්‍රී කාලයේ ආපසු නිෙවසට නොඑන බව පවසා නිෙවසින් බැහැරට ගොස් ඇති ඇඟලුම් සේවිකාවගේ සැමියා ඇඟලුම් සේවිකාව කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පරිදි රාත්‍රී කාලයේ නිෙවසට පැමිණ ඇති බව ද පොලිසිය පවසයි.
තම ගෙමිදුලේ යතුරු පැදියක් නවතා තිබෙනු දැක ඇති ගෙහිමියා වහා නිෙවසේ ඉදිරිපස දොර අසලට ගොස් දොරට කිහිප වරක් තට්ටු කර තම බිරියට කථා කිරීමේ දී විනාඩි දෙක තුනකට පසුව ඇඟලුම් සේවිකාව දොර විවෘත කර ඇති බව පොලිස් විමර්ශනවල දී හෙළිවී තිබේ.
ගෙමිදුලේ නවතා ඇති යතුරු පැදිය පිළිබඳව සැමියා තම බිරියගෙන් විමසීමේ දී එය ආපදාවකට ලක්ව දන්නා හඳුනන අයකු ගෙමිදුලේ නවතා ගිය බව බිරිය පවසා ඇතැයි පොලිසිය කියයි.
සිදුවී ඇත්තේ කුමක්ද යන්න වටහාගෙන ඇති ගෙහිමියා අංක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකතනයෙන් වහා කථාකර අයිතිකරුවකු නොමැති යතුරු පැදියක් තම ගෙමිදුලේ ඇතැයි දැනුම් දී එදින රාත්‍රියේම ප්‍රදේශයේ පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කර ඇත.
යතුරු පැදිය පිළිබඳව කරන ලද දැනුම් දීමකට අනුව පොලිස් ජංගම රථයක් රාත්‍රී කාලයේම එම නිෙවසට ගොස් යතුරු පැදිය එම රථයේ පටවාගෙන පොලිසියට රැගෙන ගොස් ඇති අතර, යතුරු පැදියේ හිමිකරු නිෙවස තුළ සිට නිවසේ පෑල දොරින් කලුවරේම පණ බේරාගෙන පලාගොස් ඇති බව සිද්ධිය විභාග කිරීමේ දී හෙළි වූ බවද පොලිසිය කියයි.
ගෙහිමියා දැන් තම බිරිය අතහැර වෙනත් නිවසක පදිංචිව සිටින බව ද පැවසෙයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යතුරුපැදියෙන් ‘හොර මඟුල’ මාට්ටු