(උණවටුන ඩී.ජී. සුගතපාල)
පාස්කු ඉරිදා දේවස්ථානවලට පහරදීමෙන් පසු ගාල්ල නගරයේ ද ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය. ගාල්ල පොලිසිය අවට ද කොටුවට පිවිසෙන මාර්ග ද කළුවැල්ල ප්‍රදේශය ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල ද ඇතුළු වැදගත් ස්ථාන රැසක ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යුද හමුදාව යොදවා තිබිණ. ඇඳිරි නීතිය පැනවීමත් සමග නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක් ද දක්නට ලැබිණ.
රජයේ කාර්යාලවලට සහ අධිකරණයට පැමිණි ජනතාව ද හැකි ඉක්මනින් ගම්බිම් බලා යාමට පියවර ගනු ලැබීය. මේ තත්ත්වය නිසා විශේෂයෙන්ම තමන්ගේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකිව කම්පනයට පත්ව සිටි පිරිසක් ද සිටිති. ඒ නගරයේ සිඟමනේ යෙදී සිටි යාචක පිරිස්ය. ඔවුන් අතර ගාල්ල පොලිසියේ තාප්පය අයිනේ සිට සිඟමන් යදින පුද්ගලයෙක් සිටියේය. ඔහු දිනපතා රාජකාරියට පැමිණෙන පුද්ගලයකු ලෙස පැමිණ තාප්පය අයිනේ සිට සිඟමනේ යෙදීම සිරිත විය.
ආරක්ෂක අංශ විසින් ආරක්ෂාව තර කිරීමත් සමග ඔහුට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වා සිටියත් ඔහු ඉවත්වී නැත. පසුව ආරක්ෂක නිලධාරින්ගේ දැනුම්දීම මත පොලිසිය පැමිණ ඔහු පොලිසියට කැඳවාගෙන ගියේය. එහිදී ඔහුගේ බෑග් ඇතුර්‍ළු අනෙකුත් භාණ්ඩ දැඩි සෝදිසියකට ලක්කළේය. පොලිස් නිලධාරින්ගේ දෑස් උඩ ගියේය. නෝට්ටුවලින් පමණක් රුපියල් හතළිස් දෙදහසක මුදලක් යාචකයා සතුවිය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යාචක බෑගය දැක පොලිසියේ ඇස් උඩ ගිහින