(මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
එකම මංගල උත්සවය සඳහා මනාලයා හා මනාලයාගේ මව්පියන් දෙවතාවකදී එකම පිරිසකට අවස්ථා දෙකක් සඳහා ආරාධනා කිරීමේ අපූරු මංගල ආරාධනයක් පිළිබඳව සියනෑවේ ගම්මානයකින් වාර්තාවිය.
නව යොවුන් තරුණයෙකි. කලවයස ඉක්ම වූ පසු විවාහයකට සූදානම් විය. දින නියම කෙරිණි. ආරාධිතයින්ගේ ලේඛනයක් ද සකස් කළේ මව්පියන් හා මනාලයා වෙන වෙනම ය.
මිතුරන්ට ආරාධනාපත්‍ර ලබා දීමටත් නෑදෑයින් ට බුලත් දී ආරාධනා කරන්නටත් මව්පියෝ තීරණය කළහ.
දින වකවානු ළංවෙද්දී මනාලයා ඔහුගේ මිතුරන්ට මෙන්ම මව්පියන් නෑදෑ හිතවතුන්ට ආරාධනා කිරීමේ කටයුතු ආරම්භ කළහ. නෑදෑ නිවෙස් දෙක තුනකට යද්දී මව්පියන් ට දැනගන්න ලැබුණේ පුත්‍රයා වන මනාලයා එම පවුල්වලට මිතුරන් සේ සලකා මංගල උත්සවය ට ආරාධනා පත් ලබා දී ඇති බවයි. පුතුගේ ආරාධනාව ඉවත ලන ලෙස ඉල්ලූ මව්පියෝ බුලත් හුරුළු දී සියලු නෑදෑයින්ගෙන් සමාව ඉල්ලමින් නැවත ආරාධනා කළේ මංගල උළෙලට සහභාගි වන ලෙසටය.
පසුව මනාලයා හා කළ සාකච්ඡාවකින් මව්පියන්ට දැන ගන්න ලැබුණේ ඥාති පිරිසක් ද මිතුරන් සේ සලකා ගණනය කිරීමෙන් මංගල උළෙලට සහභාගිවන පිරිස 50කින් පමණ ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව හෝටලයට ඇනවුම් කර ඇති නිසා අලුතින් නෑ හිතවතුන් පනහකට ආරාධනා කරන්නට මනාලයා දුව පනිමින් කටයුතු කළ බව ද පසුව වාර්තා විය.
මේ සිද්ධිය ද දැනගත් පවුලේ වැඩිහිටි ඥාතියකු සඳහන් කළේ අද සමාජයේ මව්පියන් දරුවන්ට නෑදෑ හිතවතුන් හඳුන්වා නොදෙන අතර, දරුවන්ද නෑදෑයින් නොහඳුනන නිසා මේ අලකලංචිය සිදුව ඇති බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යාළුවොයි නෑයොයි පැටලිලා මගුල් ගෙදර දෙපාරක් කියලා