X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


රජයේ සේවිකාවක් සෙවූ මනාලයා දෑවැද්දත් බැඳලා

(බණ්ඩාරවෙල සුජීව චින්තක සෝමරත්න)
වයසින් වසර විසිහයක් වූ ඔහු කඩවසම් තරුණයෙකි. ඌව පළාතේ ප‍්‍රදේශයට ආසන්න සරුසාර ගම්මානයක ස්වයං රැකියාවක් කරමින් සිටි ඔහු සහකාරියක් වශයෙන් මනාලියක් සොයා ගැනීමට අදහස් කළේය. තම මිතුරන් සමග මනාලියන් කිහිප දෙනකුම සොයා ගියේය. එහෙත් ඔහු බලාපොරොත්තු වූ පරිදි සොයන මනාලිය රාජ්‍ය සේවිකාවක් නොවූ හෙයින් ඒ සියල්ල මග හැරිණි.


දිනක් මෙම තරුණයා කිතුල් හකුරු මුලක් සොයා ගැනීමට අසල ගම්මානයකට ගියේය. මනාලිය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් අසල නිවසකට ගොඩ වැදුණේය.


නිවෙස් හිමියාත් ඔහුගේ බිරියත්, එකම දියණියත් එක්ව ගෙවත්තෙන් ලබාගත් ගම්මිරිස් වගාව අව්වෙන් වේලමින් සිටි දුටු මෙම තරුණයා අවට ගස් දෙස හිස ඔසවා බැලීය. නිවෙස වටා තිබූ පුවක් ගස් දෙසීයක් පමණ ඉදුණු පුවක් වලූවලින් ගහනව තිබෙනු දුටු ඔහු විශ්මයට පත්විය. දළ වශයෙන් පුවක් අස්වැන්නේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවා යයි.


අවට පරිසරයේ සියලූම ගස් වටා වේලී තිබුණු ගම්මිරිස් ඉදුණු ගෙඩිවලින් සමන්විත වී තිබුණි. ඔහු විසින් එහි අස්වැන්න සිතින් තක්සේරු කරනු ලදුව දළ වශයෙන් ලක්ෂ දහයකට තක්සේරු කළේය.


බිම වේලමින් තිබූ ගම්මිරිස් ප‍්‍රමාණය කිලෝ සීයය ඉක්මවා තිබුණි. වියළන ලද ගම්මිරිස් කිලෝව රුපියල් එක්දහස් දෙසීයක් පමණ වූ අතර ඉන් පමණක් රුපියල් ලක්ෂ දහයක් ඔවුනට ලබාගත හැකි බව මෙම තරුණයාට වැටහිණි.


තමා මනමාලියක වශයෙන් තෝරා ගැනීමට උත්සාහ කළේ රාජ්‍ය සේවයක නියුතු තරුණියකි. රාජ්‍ය සේවයක නියුතු තරුණියක් උපයා ගන්නා මුදලට වඩා ඇයගේ පියා සතු උපයන මුදල වැඩි බව තරුණයා සිතට ගති. හකුරු මුලක් ගෙනියන්නට පැමිණි මෙම තරුණයාට ඒ බව මතක නැති විය. ගෙහිමියා උපයනු ලබන මුදල සිතට ගත් ඔහු ‘මාමේ මං තකහනිියක් දුවගෙන ආවේ මාමගේ දුව බඳින්නයි. ආයි මොටද මේක කල් දාන්නේ? හෙටම කච්චේරියට ගිහින් මම මාමගේ දුව බඳින්න කැමතියි කියා මාමට පැවසීය. පසුදිනම විශේෂ අවසරයක් මත විවාහය සිදුවිණි.



අදහස් (0)

රජයේ සේවිකාවක් සෙවූ මනාලයා දෑවැද්දත් බැඳලා

දුල්මි Tuesday, 12 May 2015 08:12 AM

මෙහෙම කඩිමුඩියේ ගැහැණු ළමයින්ව විවාහ කරලා දෙනවද? ඊටත් යෝජනාවකින් (නි)

:       0       0

හීන් මැනිකා Thursday, 14 May 2015 08:29 AM

ගම්මිරිස් දීලා මිරිස් ගත්ත වගේ වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

හිරාන් Wednesday, 13 May 2015 09:31 AM

ගොඩක් කැත, කාටවත් දෙන්න බැරි කෙල්ලෙක් වෙන්න ඕනේ.... නැත්තම් ඉතින් ඔහොම දෙයිද පහුවදාම​.(හේ)

:       0       0

කුමාරිහාමි Wednesday, 13 May 2015 08:47 AM

පිටබැද්දර ජයා, මොහු බිරියගෙන් කන්න අඳින්න බලාපොරොත්තු වෙන කෙනෙක්. මොහු බිරියට කන්න අඳින්න දෙන් නෑ. ඇගෙන් කනවා අඳිනවා මිසක්. (බ)

:       0       0

මනුවල Wednesday, 13 May 2015 04:12 AM

ලංකාවේ ගොඩක් පිරිමි ඔය විදිහ තමයි අවරුදු 10ක් යාලු වෙලා ඉදලත් එහලම උපාධියක් තියන මගෙනුත් බදිනකොට දවාදී ඉල්ලුවා .මට මිනිහ එපා වුණා ලෝක ලජ්ජාවට බැඳ ගත්තේ (ම)

:       0       0

මුබාරක් Wednesday, 13 May 2015 12:08 AM

ගහක් කොළක් ආදරයෙන් රැකබලාගන්න පුලුවන් නම් හොඳ අස්වැන්නක් ලබාගන්න පුළුවන්.එහෙම කෙනෙක් තමන්ගේ පවුලත් ආදරෙන් රැකබලාගනී කියා ඔහු හිතුවා හරියට හරි (නි)

:       0       0

නවිනි Tuesday, 12 May 2015 03:34 PM

සාරෝ අසාරෝ.......!(හේ)

:       0       0

වික්ටර් Tuesday, 12 May 2015 02:37 PM

හැබැයි මිනිහට ගණන් බැහැ වගෙයි. අනෙක් දේවලුත් තක්සේරු කළේ ගම්මිරිස් කිලෝව වගේ නම් මිනිහට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කුමාරි Tuesday, 12 May 2015 01:47 PM

ඒක ඇත්ත.මම දන්නා දුවෙකුට ගේ දොර ඉඩකඩම් තිබෙනවා.බලන්න එන මනාලයෝ කෙල්ල දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.දේපල දැක්ක ගමන් කැමති වෙනවා.දැන් දු කියලා කාටවත් මේ දේපොළ මගෙයි කියන්න එපා කියලා. (නි)

:       0       0

සරසි Tuesday, 12 May 2015 01:38 PM

පිරිමි විතරක් නෙමෙයි ගැහැණු උදවියත් ඉන්නවා සල්ලි මත්තේ බඳින. අපේ ගමේ තරමක් අමාරුවේ ජීවත්වුණ පවුලක දුවෙක් මහන්සියෙන් ඉගෙනගෙන දොස්තර කෙනෙක් වුණා. ගෙදරදී නොලැබුන සැප සම්පත් බැන්දාට පසුව ලබන්න හිතාගෙන ලොකු ව්‍යාපාරයක් අයිති මුදලාලි කෙනෙකුගේ නාස්තිකාර පුතාව බැන්දා. ගිටාර් එකක් අතින් අරන් කාර් එකේ යාළුවො එක්ක රවුමේ යන , කිසිම දෑතේ ශිල්පයක් නොදැන තාත්තගේ සල්ලි වලින් වැජඹුන පුතා විවාහයෙන් පසුවවත් සෙලක්කාර ගති අතහැරියේ නැහැ. පුතාගේ හැටි දන්නා කපටි මුදලාලිත් රජයේ රැකියාව ඇති ලේලිට කැමති වුණේ ව්‍යාපාර බංකොලොත් වුණත් ලේලිගේ පඩියෙන් පුතාට ගොඩයන්න පුළුවන් නිසා. කොහොමහරි දැන් අන්න දොස්තර නෝනා ආපහු ගෙදර ඇවිත්. නඩත්තු ඉල්ලලා දරුවෙක් එක්ක ගැහැණු කෙනෙක් මහත්තයාට නඩු දාලා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 May 2015 09:40 AM

බිරිඳට කන්න අන්දින්න දුන්නොත් ලොකු පුදුමයක් ! (කේ)

:       0       0

ශලිනි Tuesday, 12 May 2015 04:47 AM

කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගේ ගැහැණු දරුවාව කඩිමුඩියේ ගෙදරට දුවගෙන ආ හාදයෙකුට පංගාර්තු කරන මව්පියන් ඉන්න රටකද අපි දැන් මේ එතකොට ඉන්නේ? (නි)

:       0       0

දුමින්ද Tuesday, 12 May 2015 07:10 AM

හැමදාම පලදාව ඇත්නම් හොඳ වේ. මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ රටේ දෑවැද්ද බලන් ඉන්න (ම)

:       0       0

ශලිනි Tuesday, 12 May 2015 07:05 AM

නෝනාගේ පානෙන් එලිය බලන්න ඉන්න පිරිමියෙකු බඳින්න ලැබෙන කාන්තාවට දෙවියන්ගේම පිහිටයි.(ම)

:       0       0

කිරි ගමරාල Tuesday, 12 May 2015 06:57 AM

බින්න බැස්ස වගේ නෙවෙයි ගම්මිරිරිස් වලට දැවිල්ල හැදෙනකොට. (නදී)

:       0       0

ධම්ම Tuesday, 12 May 2015 06:46 AM

මේ මිනිස්සු අපේ රටේ ගම්මු වෙන්න බැහැ. මොකද ලංකාවේ ගම්වල දෙමව්පියෝ මේ තරම් ඉක්මනට ළමයින්ගේ විවාහ තීන්දු කරන්නේ නැහැ. එහෙත් කතන්දරේ රසවත්. (ම)

:       0       0

දිමුත් Tuesday, 12 May 2015 06:15 AM

නියම ප්‍රායෝගික මනුස්සයෙක්.(හේ)

:       0       0

ශිරෂ් Tuesday, 12 May 2015 05:45 AM

පිරිමි මට අහන්නත් ලැජ්ජයි (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 12 May 2015 05:25 AM

දුව බැන්දට පසු මාමා මෙහෙම කියන්න ඇති නේද. "අනේ බෑණො, මේ මගේ වතුපිටි නොවෙයි .අපි ඒවා බලාකියා ගන්නවා විතරයි" (නි)

:       0       0

නදීකා Tuesday, 12 May 2015 05:25 AM

අනේ මෙහෙම තණ්හාකාර පිරිමි? (නි)

:       0       0

සම්පත් Tuesday, 12 May 2015 05:17 AM

බැන්දට පස්සේ ඒවා ලැබුනද දන්නෙ නැහැ (නි)

:       0       0

මංජු Tuesday, 12 May 2015 05:05 AM

මම දැකල තිබෙනවා ස්ථිර මාසික ආදායමක් නැති බහුතරයක් පිරිමි බඳින්න සොයන්නෙම ආණ්ඩුවේ රැකියාවක් කරන තරුණියක්. විශේෂයෙන් ව්‍යාපාර කරන මුදලාලිලා. එතකොට ව්‍යාපාර බංකොලොත් වුණත් බිරිඳගේ ආදායමෙන් ජීවත්වෙන්න පුළුවන්නේ ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site