X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


රට ගිය පියවතීගේ දුරකථනය ගමක්ම කළඹලා

පැරණි ජන සමාජයේ  කයි කතාන්දර  ඕපාදූප බහුලව පැවති බවට පැරණි  පොත පත එළිදරව් කරයි. වාර්තමානයේ තාක්‍ෂණය දියුණු  නිසා දුර ඈත පළාතකට පවා  ඕපාදූප පැතිරවීමට පහසුකම් සැලසී ඇත.
නගරයෙන් ඈත් වූ පුංචි ගම්මානයක වෙසෙන සිරිමල් අයියා ගමේ සිදුවෙන   ඕනෑම සිද්ධියක් එක දෙක කර කියා පෑමට දක්‍ෂයෙකි. එහි ඵල විපාක හෝ, යහපත අයහපත ගැන කිසිසේත්ම නොදන්නා සිරිමල් වැඩිපුර කාන්තාවන් සමග  කතාබහට කැමැත්තක් දක්වයි.
 ගමේ කෙල්ලන් කොල්ලන් අතර පවතින   රහස් කතා සොයා යාමට සිරිමල් දක්‍ෂයෙකි. සමහරු සිරිමල් අයියා හමු වී සමහර රහස් දේ හාර  හාරා විමසා අපූරු වින්දනයක් ද විඳ ගනිති. ඔහු රසකර කියයි.
ඒ ගමේම උපන්දා සිට  වාසය කරන පියවතී ලියන්න කියන්න උගත් මැදිවියේ පසුවන අවිවාහක කාන්තාවකි.  තම මවගේ විශ‍්‍රාම වැටුපෙන් දිවි ගෙවන ඇය විදේශ රැකියාවක නිරතව පැමිණ සිටී. ගමේ කා සමඟත් සුහදව ගත කර ඇය නිතරම ජංගම දුරකථනයක් අතැතිව  සිටින්නීය.  ගමේ  සමහරුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වන අවස්ථා ද ඇත.
 පසුගිය දින පැවැති අධික වැසි හේතුවෙන් ගංවතුර ගැලීම නාය යෑම්වලින් බොහෝ පිරිසක් ආපදාවට ලක්වූහ. මේ දිනවල සිරිමල් ගේ බිරිඳ දඹුල්ලේ දුවගේ නිවෙසට ගොස් සිටියාය.
 රටේ තොරතුරු අසා සිරිමල් අයියා පියවතී සොයා ගියේ බිරිය ගැන තොරතුරක් දැන  ගැනීමේ අටියෙනි.
  අනේ පියවතියේ දඹුල්ලේ ඉන්න දුවගේ ගෙදරට  මගේ උන්දැ ගියා එහෙ ගංවතුර ගලනවා. මේ අංකයට කතා කරලා ඒකිගේ තොරතුරක් දැන ගන්න බලපන්කෝ.
 පියවතී එම අංකයට කතා කළාය.
සිරිමල් අයියේ දඹුල්ල පැත්තේ වැව් උතුරලා  ගෙවල් යටවෙලා  අක්කා ගෙදර නැහැ කිව්වා. පියවතී ලද තොරතුරු කෙටියෙන් පැවසුවාය. සිරිමල්  ඒ වචන ටික ඇසූ සැනින් නිවසට දිව ගියේය. යන අතර මඟ  හමුවන හිතවතුන්ටත් ”අනේ මගේ ගෙදර ගෑනි වතුරේ ගිහින්” කියමින් නිවෙසට ගොස් නිවෙසේ සිටි  දරුවන්ට ද ඒ බව කීවේය.
 කවුරුත්  කඩි මුඩියේ එක් වී වෑන් රථයක් කතා කරගෙන දඹුල්ලට යන්න පිටත් වූහ. වෑන් රථයට කවුරුත් එක සමව ගෙවීමට තීරණය කළහ.
 දඹුල්ලේ  දියණියගේ නිවෙස අසලට ළඟා වන විට  කාගේත් හදේ ගැස්මක් ඇතිවිය. වයලට්ට මොකද වුණේ වතුරේ ගිහින් මැරිලා මළකඳ සොයා ගත්තද? යන අදහස් එකි නෙකා  කොඳුර  කොඳුරා කියන්නට වූහ.
නිවසේ මිදුලට ගිය වාහනය නතර කරන්නට විය. හෙමින් හෙමින් වෑන් රථයෙන් බිමට  බැසීමට කවුරුත් වගබලා ගත්හ.
 වයලට් අක්කා නිවසේ දොරෙන් එළියට පැමිණි වෑන් රථය අසලට පැමිණියාය.
කවුරුත්  මූණෙන් මූණ බලාගත්හ. සිරිමල්ට මහත් ලැජ්ජාවක් ඇතිවිය. කාටත් සිදුවී ඇති දේ ගැන වැටහී හමාරය. ඒ පිරිසේම කීප දෙනෙක් කිව්වේ ”අනේ අපට වෙච්ච දෙයක්” වයලට් අක්කාගේ තේ සංග‍්‍රහය භුක්ති වින්ද ගමේ  පිරිස සමඟ වයලට් අක්කාද ගමට ආවාය.



අදහස් (0)

රට ගිය පියවතීගේ දුරකථනය ගමක්ම කළඹලා

රජිත Wednesday, 23 January 2013 09:50 PM

ෂෝක් කතාවක්. (නි)

:       0       0

රංජන Thursday, 07 February 2013 04:36 AM

ඔන්න කනෝ පිනුම්. පේනවනම් බලපන් කිවිවලු.(නදී)

:       0       0

චානක Friday, 01 February 2013 10:55 AM

හරි ෂෝක්. අපිට නම් හරියට හිනායනවා. (නි)

:       0       0

ලසන්ත Tuesday, 29 January 2013 05:59 AM

ඕක ගම අලු කරන්න කරපු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් (ස)

:       0       0

ඩේවිඩ් Sunday, 27 January 2013 12:19 PM

ඕක නම් හදපු කතාවක් වගේ... මේ කාලෙ නම් ඔය වගේ අය අඩුයි..!(නු)

:       0       0

නුවන්ගි Sunday, 27 January 2013 08:34 AM

පියවතී අක්කගේ දුරකතනය කීයකටද විකුණන්නේ? (නි)

:       0       0

සුමුදු Saturday, 26 January 2013 04:53 PM

අනේ පවු, මුළු ගමේම මිනිස්සු රැවටුණා. ගෑණිව එක්ක එන්න කරපු උප්පරවැට්ටික්නේ ඕක. (නි)

:       0       0

ලෙපර්ඩ් Saturday, 26 January 2013 07:15 AM

මිනිහට මුලින් ඇතිවෙන්න ඇත්තෙ දුකක්ද,සතුටක්ද ? එතකොට පස්සෙ? (නි)

:       0       0

රුවිනි Friday, 25 January 2013 12:35 PM

හාවා ලෝකය පෙරළෙනවා කිවුවා වගෙයි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 24 January 2013 10:05 PM

නියමයි. ෂෝක් කතාව. (නි)

:       0       0

රූපා Thursday, 24 January 2013 07:40 PM

දැන් අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ සිරිමල්ලා තමයි. (නි)

:       0       0

nalaka Thursday, 24 January 2013 10:04 AM

මන්ද මානසිකත්වයට හොද උපහැරණයකි...........! (ස)

:       0       0

ලලිත් Wednesday, 23 January 2013 11:09 AM

බොහොම දිග කතාවක් !! ගංවතුර කාලෙට ගැලපෙනවා (ස)

:       0       0

ෂෙරිෆ් Wednesday, 23 January 2013 09:42 PM

මට කෝපි කඩේ නාට්‍යයේ අබිලින් ගොයියව මතක් වුණා. (නි)

:       0       0

රොෂාන් Wednesday, 23 January 2013 08:24 PM

සිරිමල් අයියලා වගේ අය තව කොච්චර නම් ලෝකයේ ඇද්ද? (නි)

:       0       0

සිල්වා Wednesday, 23 January 2013 07:30 PM

දෝහා තමයි දවසේ කියමන කිවුවේ. (නි)

:       0       0

ඩෑම් Wednesday, 23 January 2013 05:12 PM

කරන්න තිබ්බේ එමින් ගමන් සිරිමල් අයියාව මගින් බස්සලා එන්න. (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 03:30 PM

සිරිමල් අයියා තවම හොද හෝටලයකින් කාලා නැහැ වගෙයි. (නි)

:       0       0

සරත් Wednesday, 23 January 2013 02:25 PM

හොඳයි (ස)

:       0       0

නිසාම් Wednesday, 23 January 2013 01:25 PM

ඕපදූප හොයපු සිරිමල් අයියට ලැබුණු රස තෑග්ගක්. (නි)

:       0       0

හේමන්ත Wednesday, 23 January 2013 11:57 AM

කාන්තාවන්ටයි හැදි මිටේ නුවන කිව්වේ. පිරිමින්ට ඒකෙන් භාගයක්වත් දැං නැති වගෙයි පේනේ..!(නු)

:       0       0

හර්ෂ Wednesday, 23 January 2013 11:44 AM

හොඳට හිනා වුණා (ස)

:       0       0

ශ්‍රීනාත් Wednesday, 23 January 2013 11:21 AM

හරිම හාස්‍යෝත්පාදකයි..... අඩු අධ්‍යාපනය, මන්ද මානසිකත්වයට හොද උපහැරණයකි...........! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site