රට ගොස් පැමිණි බිරිඳ කරන අමුතු යෝජනාවකට අවනත නොවීම නිසා නිවසේ අඬදබර බෝ වී සාමය බිඳ වැටී ඇති බවත් ඇයත් සමඟ තවදුරටත් දීග කෑ නොහැකි නිසා ඇගෙන් වෙන්වීමට අවශ්‍ය බව පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි සැමියකු පිළිබඳව තොරතුරක් ගල්ගමුව පොලීසියෙන් දැනගැනීමට ලැබෙයි.
මැදිවිය ඉක්ම වූ මේ පුද්ගලයා විවිධ පැමිණිලි අංශයේ කොස්තාපල් අජිත් මහතා (48368) වෙතට යොමු කෙරිණි.
“ලොකු උන්නැහේ මොකක්ද මේ ආරවුල?”අජිත් රාලහාමි විමසීය. “මට ගෑණිත් එක්ක ඉන්න බෑ” ඔහු පිළිතුරු දුන්නේය.
“ඒකට හේතුව” රාලහාමි යළි ඇසීය. “ගෑනි මගෙත් එක්ක රණ්ඩු කරනවා” ඔහු කීය.
‘ඒකට හේතුවක් ඇති නේ’ රාලහාමි ඇසීය.
“හේතුව මේකයි ගෑනි රට ගිහිල්ලා ආවා. මං ගෑනි ළඟට යනකොට ඒකි නරක කතාවක් කියනවා. මං ඒකට බෑ කීවාම නැගිටලා යනවා. මගෙත් එක්ක රණ්ඩු අල්ලනවා. ගෑනි මීට කලිනුත් රට ගිහින් ආවා. ඒත් මේ සැරේ ගිහින් තමයි ඔය අමුතු පුරුද්දක් පුරුදුවෙලා ඇවිත් තියෙන්නේ. හප්පේ මං දන් නෑ. කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද? විලි ලැජ්ජාවේ බෑ” යි කියමින් ඔහු ඇඹරෙන්නට විය.
“මේ ලොකු උන්නැහේ තෙපරබාන්නේ නැතිව කාරණාව කියනවා කෝ. මොකක්ද ඒ අමුතු පුරුද්ද?” රාලහාමි පොලිස් ප්‍රයෝගයක් අනුගමනය කෙළේය.
“ඒක මහ අමුතු සෙල්ලමක්” කී මැදවියේ පුද්ගලයා රහසක් කියන්නාක් මෙන් යමක් කීවේය.
“ම් ... ඒකත් එහෙමද?. ගෑනිට වයස අවුරුදු හතළිස් දෙකක් විතර වෙනවා කීවා නේද? මං නිකමට වාගේ යෝජනාවක් කරන්නම්. තමන් අරක්කු භාගයක් බීලා ගිහින් ගෑනිගෙ ආශාව ඉෂ්ට කරනවා” රාලහාමි විහිළුවට මෙන් කීය.
“භාගයක් නෙමෙයි කල්දේරමක් බීලත් මට ඕක කරන්ඩ බෑ. එව්ව ඕන නෑ. මට ඒකිගෙන් වෙන් වෙන්ඩ අවස්ථාව හදලා දෙනවා නම් ඒ ඇති.” මැදිවියේ පුද්ගලයා ඉල්ලා සිටියේය.
“හා...හා... කලබල වෙන්ඩ එපා. අපි ඇවිත් තමන්ගේ බිරිඳට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නම්. එතකොට ඔය නරක පුරුදු අයින් කර ගනීවි” යි කියා රාලහාමි කියන විට මැදිවියේ පුද්ගලයාගේ මුවෙහි පුංචි හිනාවක් මතුවුණේය.
(ගල්ගමුව නිහාල් ජයවීර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රට ගිහින් එද්දී ඉගෙනගෙන ආ ‘අමුතු සෙල්ලමෙන්’ මිනිහට ගෑනි එපාවෙලා