X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රන්කාසි මුට්ටියට ගෙයක් හුවමාරු කරගන්න ගිහින්

(පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි )
ලක්ෂ ගණනාවක් වටිනා නිවෙසක් ඇතුළු දේපළක් විකිණීම සඳහා පුවත්පතක පළ කර තිබූ දැන්වීමකට අනුව එම දේපළ හිමිකරුට දුර කතනයෙන් ඇමතූ පුද්ගලයෙකු නිධානයකින් හමුවූ රන් කාසි තොගයකට එම දේපළ මාරු කිරීමට කළ ඉල්ලීමක් දේපළ හිමිකරු විසින් ප්‍රතික්ෂේප කළ පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


 ලක්ෂ 150ක් පමණ වටිනා දේපළ විකිණීම සඳහා ඉරිදා පුවත්පතක මෙම දැන්වීම පළ කර ඇති අතර ඒ අනුව දුරකථන ඇමතුම් රාශියක් ලැබී ඇත.


ඒ අතරින් කතා කළ එක් පුද්ගලයකු පවසා ඇත්තේ “මහත්තයා, මම මේ කතා කරන්නෙ මැදවච්චිය පැත්තෙන්,  අපේ තාත්තා ගල් වළක් කරන කෙනෙක්. තාත්තට පහුගිය දවසක ඒ වළේ තිබිල කාසි මුට්ටියක් හම්බ වුණා. ඒකෙ රන්කාසි කිලෝ හතක් තිබුණා. අපි ඒ කාසියක් ටවුමෙ රත්තරන් බඩු කඩේකට ගෙනිහිල්ල පරීක්ෂා කරල බැලු‍වා. එක කාසියක් රුපියල් දහතුන් දාහක් විතර වටිනවා කිව්වා.”‍


බොහොම බය පක්ෂපාතී හඬකින් එසේ කතාව කියාගෙන එන විට දේපළ හිමිකරුට අවබෝධවී ඇත්තේ මේ පුද්ගලයා තමාව ඇන්දවීමට සැරසෙන බවයි.


 ‘‘මේ...., ඔය වගේ රන් කාසි ගනුදෙනුවලට අහුවෙලා අමාරුවෙ වැටුණු අය ගැන අපි මාධ්‍යවලින් ඕන තරම් දැකල තියෙනව, කෝටි කීයක් වටිනව වුණත් මට නම් ඔය රන් කාසි එපා.”‍ කියමින් ඔහු දුරකථනය විසන්ධි කර ඇත.

 



අදහස් (0)

රන්කාසි මුට්ටියට ගෙයක් හුවමාරු කරගන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site