(වියලූව වාර්තාකරු)
ආරක්ෂක අංශයේ රැුකියාවක් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට යාම සඳහා බාධාවක් වූ තම අතේ කොටා තිබූ පච්චයක් මකා ගන්නට ඒ මත රත්වූ විදුලි ස්ති‍්‍රක්කයක් තබා අත පුලූස්සා ගත් තරුණයකු පිළිබඳ පුවතක් වියලූවේ ගමකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු ගම්බද තරුණයෙකි. සම වයසේ ඇතැම් තරුණයන් සේ ඔහුද එක් අතක උඩබාහුවේ පච්චයක් කොටා ගත්තේ එය අපූරු විලාසිතාවක් යැයි සිතමිනි.
පච්චය තරුණකමට කිසියම් ජීවයක් ගෙන දුන්නද එය ආරක්ෂක සේවයේ රැුකියාවට ඇතුළුවීමට බාධාවක් බව ඔහුට වැටහුණේ ඒ සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකට ගිය අවස්ථාවේදීය.
ආරක්ෂක අංශයේ රැුකියාවක සම්මුඛ පරීක්ෂණය සඳහා දෙවතාවක්ම ඉදිරිපත්වුවද ඒ හැමවිටම පච්චය හරහට හිටියේය.
‘‘ඔය පච්චය තියෙද්දී මේ රැුකියාවට ගන්නේ නැහැ. ඔයා ඔය පච්චය මකාගෙන එන්න. එතකොට අපි රස්සාවට ගන්නම්.’’
සම්මුඛ පරීක්ෂණය සඳහා සිටි නිලධාරීන්ගෙන් ඔහුට ලැබුණේ එවැනි පිළිතුරකි.
තමා සැබෑවටම ආදරය කළ මේ රැුකියාවට යන්නට අතේ වූ පච්චය බාධාවක් වීම නිසාම මේ තරුණයා සිටියේ දැඩි කනස්සල්ලෙනි.
නිවෙසට පැමිණි ඔහු පච්චය මකන්නට මගක් සිතුවේය. ඔහුගේ සිතට ආවේ අපූරු සිතුවිල්ලකි. සිතුවිල්ල කි‍්‍රයාවට නැංවිණි. හොඳින් රත්කළ විදුලි ස්ත‍්‍රික්කය ඔහු පච්චය මතින් තැබුවේ එහි සලකුණු සියල්ල මැකී යන පරිද්දෙනි.
දැන් අතේ පච්චය වෙනුවට ඇත්තේ රත් පැහැයෙන් බබලන ලොකු තුවාලයකි. දැන් දිනක් හැර දිනක් ඔහු ගමේ රෝහලට යන්නේ පච්චය මත ඇති තුවාලයට බේත් දමන්නලූ. ‘‘තුවාලය සනීපවුණු ගමන් මම ආයෙත් ඉල්ලූම්පත‍්‍රයක් දානවා.’’ ඔහුගෙන් සිය මිතුරන්ට ලැබුණේ අපූරු උත්තරයකි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රස්සාවට පරහට හිිටි පච්චය ස්ත‍්‍රික්කයෙන් පුච්චලා
රුවන් Tuesday, 30 September 2014 07:53 PM
මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ. පච්ච මකන්න දැන් ලේසර් කිරණ වලින් පුළුවන්. (නදී)
කිත්සිරි Wednesday, 01 October 2014 01:39 AM
කවුරුත් දුරදිග හිතන්න ඕනා සිරුරේ පච්ච කොටනකොට. තරුණ වයසට ගැලපෙන පච්ච කොටාගත්ත අයට මතක නැති වෙච්ච දෙයක් තමයි, තරුණකම තාවකාලිකයි, වැඩිහිටියෙකු, වයෝවෘධ කෙනෙකු ලෙස මේ පච්ච එක්ක සමාජයට මුහුන දෙන්නේ කොහොමද කියලා. (නදී)
මහේෂ මුතුකුඩ Wednesday, 01 October 2014 04:42 AM
අනුගමනය කලේ හරිම විදිය නොවුනත් අධිෂ්ටානයක් ඇති තරුණයෙක් (නදී)
ගයාන් Wednesday, 01 October 2014 05:00 AM
තරුණ විසේට ඕන දේයි එපා දේයි හැම එකම කරනවට හොඳ වැඩේ. (නදී)
චමින්ද Wednesday, 01 October 2014 09:38 AM
පච්ච කොටන්න කලින් දහස් වාරයක් හිතන්න ඕනේ කොටනවද,නැද්ද කියලා.පිටරටවල වුනත් වැදගත් රැකියාවකට ගන්නේ නැහැ පේන තැනක පච්ච කොටලා තිබුනොත්.(දිල්)
සරත් Wednesday, 01 October 2014 10:08 AM
ඔහු ආරක්ෂක අංශයේ රැකියාවට හොඳටම ගැළපෙනවා. උත්සාහය අත්හරින්න එපා මල්ලියේ... (නි)
රෙජි-සිඩ්නි Wednesday, 01 October 2014 11:34 AM
මොළයක් තියෙන කෙනෙක් මේ වාගේ වැඩක් කරයිද? (නි)
පිටබැද්දර ජයා Wednesday, 01 October 2014 02:30 PM
හමුදාවටම ගැළපෙන හිත හයිය කොල්ලෙක්. සුබ පතනවා රැකියාව ඉක්මනට ලැබෙන්න කියලා (නි)
අයේෂා Wednesday, 01 October 2014 02:39 PM
දකුණේ කෙනෙක් වගෙයි!! (නි)
නන්ද Wednesday, 01 October 2014 02:46 PM
උත්සාහවන්තයා ජයගන්නවා මල්ලි. (නි)
සුභාෂිණි Wednesday, 01 October 2014 03:54 PM
අනේ මල්ලි, ඔයාට ඉතාම සුළු දවසකින් ඔයාගේ තුවාලය හොඳවෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. හොරකම් කර කර ,රස්තියාදු ගහනවට වැඩිය රස්සාව උතුම් කියලා ඔයාට තේරුණා නේද? (නි)
මාලි Friday, 03 October 2014 01:12 AM
පුදුම වැඩනේ කරන්නේ! (නි)
සිරි අයියා Friday, 03 October 2014 06:49 AM
කරන්නන් වාලේ පච්ච කොටාගන්න වර්තමාන තරුණයන්ට තරුණියන්ට මේක හොඳ පාඩමක්. මන් ඉන්න රටේනම් පච්ච කාරයෝ කිසිම රජයේ රැකියාවකට ගන්නේ නැහැ. නොපෙනෙන තැන වල පච්ච කොටා ගත්තත් මෙඩිකල් එකේදී අහුවෙනවා. (දිල්)
පිටිගල Friday, 03 October 2014 07:55 AM
ලංකාවේ පච්ච දේශපාලකයින් කී දෙනෙක් ඉන්නවද? පච්ච නැත්නම් , අයියෝ! කිසි වැඩක් නැහැ. (නි)
මධුශංක Friday, 03 October 2014 11:30 AM
මේ අපි දන්න කෙනෙක් නේ. (ස)
බෙනරගම Wednesday, 15 October 2014 08:22 PM
ඇයි දැන් කවුරුවත් ස්ත්‍රික්කය ගැන කතා නොකරන්නේ? දැන් ඒ පච්චය ස්ත්‍රික්කයේ ඇලිලා ඇති නේද? (නි)