බරපතළ රිය ගැටුමකට ලක්ව රෝහල් ගතවී සිටින විට තමාගේ සුවදුක් බැලීමට ආවේ නැතැයි කියමින් අනියම් බිරියකගේ දරුවාට ගෙවිය යුතු වන්දි මුදල් නොගෙවා මඟහැර යාමට තැත් කළ තැනැත්තකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ දේව කන්නලව්වලට ප්‍රසිද්ධ ප්‍රදේශයකින් වාර්තාවිය. තම බිරිය මියගිය පසු අනියම් බිරියක ඇසුරු කළ ඔහු දරුවකු ලද පසු මඟහැර යාමට තැත් කළත් උසාවිය මගින් දරුවා සඳහා වන්දි මුදලක් ගෙවීමට නියම කරනු ලැබීය. දැව කර්මාන්තයට සම්බන්ධ රැුකියාවක නිරතවූ ඔහු යතුරු පැදියකින් යද්දී රිය ගැටුමකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කළත් වන්දි ලබා ගන්නා අනියම් බිරිය නිකමටවත් ඔහු බැලීමට ආවේ නැත. මේ නිසා කෝපයට පත් ඔහු ‘‘මං ඒ වෙලාවෙ මැරුණ නං කවුද වන්දි ගෙවන්නේ’’ කියමින් දරුවාට වන්දි ගෙවීම පැහැර හැරියේය. මාස තුනකට පසු තමාට වූ අසාධාරණය ගැන කියමින් අනියම් බිරිය පොලිස් පොතේ එය සටහන් කළෙන් ඔහුට පොලීසි යාමට සිදුවිය. ‘‘ඒ වෙලාවේ මැරුනේ නැති නිසා ඉතිං මැරෙණකම්ම වන්දි ගෙවනවා’’ කී පොලිස් පරීක්ෂකතැන සහනයක් උවමනා නම් ආයෙත් උසාවි යන ලෙස කීවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රිය අනතුරට මුවාවී අනියම් බිරියට වන්දි ගෙවීම මග හැරලා
ලලිත් - එස්එල් Wednesday, 07 May 2014 03:53 PM
දන්නේ නැති නිසා අහන්නේ අනියම් බිරිඳටත් වන්දි ගෙවන්න ඕනද ?? මීට කලින් අහල නැහැ. (ස)
සම්පත් Wednesday, 07 May 2014 05:05 PM
එහෙත් දරුවට ගෙවන්න වෙනවා.මොකද බිරිදත් වරදක් කරලා තියෙනවනේ අනියම් සබඳතාවක් තියාගෙන (නි)
විතාන Wednesday, 07 May 2014 05:11 PM
නියම උත්තරය දීලා තියෙන්නේ (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 07 May 2014 05:11 PM
ඒ මනුස්සයා බලාඉන්න ඇත්තේ කොහොමද ගැළවෙන්නේ කියලා.අනතුර මුවාවෙන් දාලා ඇඟ බේරා ගන්න හැදුවට යස දඩුවම. (නි)
පේලොග් Wednesday, 07 May 2014 07:17 PM
අන්තර්ජාලයෙන් මුදල් සොයන වැඩක් පටන් ගත්තා නම් හරිනේ ඉතින් (නි)
දොන් රොෂාන් දී සොයිසා Thursday, 08 May 2014 12:27 AM
මොහුගේ පිංතුරයවත් ලංකාදීපය වැනි වටිනා පුවත් පතක දැමීම සුදුසු නොවේ (දී)
ඉසුරන්දි Thursday, 08 May 2014 01:25 PM
අනියම් බිරිදට වන්දි ගෙවනවනම් කොහොමද ඒ මනුස්සයා අනියම් වෙන්නේ. පැහැදිලි මදි මටනම් (දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 08 May 2014 06:16 PM
සොයිසා,කොහෙන්ද දැක්කේ මේ මනුස්සයාගේ පින්තූර හැබෑටම? (නි)
පිටිගල Friday, 09 May 2014 09:31 PM
මරුනානම් වන්දි ඕන නැහැ. නොමරුනා නම් ගෙවන්න ඕන. එතකොට මැරුණා නම් හොඳයිද? නොමරුනා නම් ....නෑ! නෑ!! නොමරුන එක හොඳයි!. මාරයි නේද? (ස)