X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


රියැදුරාගේ ගැටේට අසුවූ ලොක්කා සුබ පැතුමකුත් කරලා

තරුණ රියැදුරකුගේ සොහොයුරිය විදේශයක සේවය කළාය. දිනක් ඇය ඔහුට කතා කොට ලංකාවට එන බවත්, ඇය කැටුව යෑමට පැමිණෙන ලෙසත් දැන්වූවාය. රියැදුරාගේ සේවා ස්ථානයේ සතියේ දිනවල නිවාඩු ලබාගැනීම අසීරුය. නිවාඩුවක් ගන්නේ කෙසේ දැයි කල්පනා කළ ඔහුට ගණදෙවි නුවණ පහළ විය. හෙතෙම ප‍්‍රධානියාගේ කාමරයට ඇතුළු විය.


”මොකද මනෝජ්” ප‍්‍රධානියා විමසීය.


”සර් මට සිකුරාදා කොළඹ යන්න වෙලා. වැදගත් කාරණාවකට” මනෝජ් පැවසීය. එවිට ප‍්‍රධානියා ”මනෝජ් දන්නවානේ සතියේ දවස්වල නිවාඩු ගන්න බැරි බව. මොකක්ද ඔය තරම් ලොකු හදිස්සිය” යනුවෙන් විමසීය.


”සර් මගේ ගෑණු ළමයයි මමයි මුදු මාරු කර ගන්නවා. එදාට” තරුණ රියැදුරා පැවසීය. ”ඔය වගේ දේකට නිවාඩු නොදී බැහැනේ. ඔයා යන්න. මම එදාට වෙන කෙනෙක් හොයාගන්නම්” ප‍්‍රධානියා ද කීය.


සිකුරාදා තම කටයුත්ත ඉටු කළ රියැදුරා සඳුදා සේවා ස්ථානයට පැමිණියේය. ඔහු දුටු ප‍්‍රධානියා ”මයි කන්ග‍්‍රැජුලේෂන්” යනුවෙන් සුභ පැතීය. ”කෝ රින්ග් එක” ප‍්‍රධානියා විමසූ විට ”සර් මට සමාවෙන්න. අක්කා රට ඉඳන් ආවා. එයාව ගේන්න මම එයාපෝර්ට් ගියා. මෙහෙන් නිවාඩු දෙන්නැති නිසයි මම බොරුවක් කීවේ” රියැදුරා පැවසීය.


”හරි කමක් නැහැ. බොරුවක් කළේ තමන්ගේ අක්කා වෙනුවෙන්නේ” ප‍්‍රධානියා සිනාසෙමින් කීය.


මේ දිනවල රියැදුරා අත වෙලාගෙන සිටින අතර ඔහු හේතුව නොකියන්නේ ඒ බොරුවක් කියා සමහරු සිතන බැවිනි.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)



අදහස් (0)

රියැදුරාගේ ගැටේට අසුවූ ලොක්කා සුබ පැතුමකුත් කරලා

දුමින්ද Friday, 27 March 2015 04:57 AM

නියම මල්ලි කෙනෙක් (නදී)

:       0       0

යහම්පත් Friday, 27 March 2015 07:26 PM

ආයතනේ ප්‍රධානියා මනුස්ස කම දන්නා කෙනෙක් වාගේ , රියදුරා පසුව හෝ ඇත්ත ප්‍රකාශ කලාම ඔහු එය වටහා ගත් ආකාරයෙන් පේනවා (ම)

:       0       0

හෙළයා Saturday, 28 March 2015 01:59 AM

ගහලද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site