X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


රිළවුන් එළවන්න වෙස්වළාගත් ඉඩම් හිමියාට ගල් ප‍්‍රහාරයක්

තමාගේ ඉඩමට පැමිණෙන රිළවුන් බයකොට එළවීමට වෙස්වලාගෙන ඉඩමේ ඇවිදපු පුද්ගලයකුට අවට ඉඩම් හිමියන් විසින් ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වූ පුවතක් හේවාහැට පෙදෙසින් වාර්තා වේ.

හේවාහැට ප‍්‍රදේශයේ රිළා රංචුවල ව්‍යාප්තිය වැඩිවීම නිසා ඉඩකඩම්වල ඇති ගස්වල කිසිම ඵලදාවක් රැුක ගැනීමට නොහැකි නිසා තම ඉඩම්වලට පැමිණෙන රිළවුන් පැන්නීමට නොයෙක් ක‍්‍රම අනුගමනය කිරීමටත් නොයෙක් ක‍්‍රම අත්හදා බැලීමටත් ගම්මු පුරුදු වී සිටිති.

රතිඤ්ඤා දැමීම, අහස් වෙඩි දැමීම, විශාල ටක එල්ලීම වැනි ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ප‍්‍රදේශයේ පුද්ගලයකුට තවත් අපූරු අත්හදා බැලීමක් කරන ලෙස හිතවතෙක් උපදෙස් දී ඇත. එනම්, මුහුණ ද ඇතුළු මුළු සිරුරම වැසෙන සේ කළු කබායක් ඇඳගෙන රිළවුන් පැමිණෙන විට එම ඉඩමට වී සිටින ලෙසයි. එවිට රිළවුන් එම රූපයට බය වී පලා යන බවත් නැවත කාලයක් යනතුරුත් ඔවුන් මෙම ඉඩමට නොපැමිණෙන බවත්ය.

ඒ උපදෙස අනුව දිනක් රිළවුන් පැමිණෙන විට කළු කබායක් හැඳගෙන ඉඩමේ ඇවිදින්ට පටන්ගෙන ඇත. මෙය දුටු තරුණයෙක් කෑගසා මෙම වෙස්වලාගත් පුද්ගලයාට ගල් ගසා ඇත. එම සද්දයට අවට ඉඩම්වල අයද පැමිණ ඇත.



අදහස් (0)

රිළවුන් එළවන්න වෙස්වළාගත් ඉඩම් හිමියාට ගල් ප‍්‍රහාරයක්

නුවන් Tuesday, 10 November 2015 05:46 PM

කොරේ පිටට මරේ කිවුවලු! (නි)

:       0       0

සෝමා Wednesday, 30 December 2015 11:51 AM

අපේ ගෙදරටත් දවසක් රිළවෙක් ඇවිල්ලා මුළු ගෙදරම වැනසුවා (නි)

:       0       0

දනීෂා Thursday, 12 November 2015 03:35 AM

සම්පත්, රිළව් බෝග විනාශ කරනවා කිව්වට උන්ට තේරුමක් නැහැ අපිට හානි වෙනවා කියලා. උන් උන්ට කෑමට සුදුසු අහුවෙන දෙයක් කනවා කියන එකයි මගේ අදහස (නි)

:       0       0

උදය Wednesday, 11 November 2015 11:46 PM

ඉස්සර අපේ අයියලගේ වත්තට එන රිලවෙක් ගහෙන් අඹ කඩන් කාල ගෙදර කවුරුත් නැත් නම් ඉස්තෝප්පුවේ තිබ්බ හාන්සි පුටුවේ පොඩි නැප් එකකුත් දාල තම යන්නේ. අපි ෆොටෝ ගන්න හැදුවට හරි ගියේ නෑ(රේ).

:       0       0

සමි Wednesday, 11 November 2015 09:31 AM

යාළුවා සැලසුම් කරපු වැඩක් ද දන්නේ නෑ (ම)

:       0       0

සම්පත් Wednesday, 11 November 2015 09:15 AM

රිලව් බෝග අස්වැන්නෙන් 30% කට වඩා විනාස කරනවා. පොල් පලදාව කෙසෙල් බඩ ඉරිඟු අලි පේර ගස්ලබු අඹ අන්නාසි වගේ බෝග වලට ඉතා හානි කරනවා. මේ නිසා ගොඩ ගොවිතැනින් වගේම ගෙවතු වගාවෙන් මිනිස්සු ඈත් වෙලා. මාතර දික්වැල්ල ප්‍රදේශයේ ඉතා තදින් මේ ප්‍රශ්නය තියෙනවා. (ස)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 11 November 2015 02:55 AM

බදුල්ලේ අපෙ නංගිලාගේ ගෙදර පැත්තේ ඔය රිළව් කරදරය තිබුනා. පසුව වනජීවී දෙපාර්තමේන්තුවෙන් [මට මතක හැටියට] ඇවිල්ලා රිළව් දැල් කූඩු වල දමා අල්ලලා යාල වනෝද්‍යානයට මුදාහැරියා (නි)

:       0       0

පියසේන Wednesday, 11 November 2015 01:42 AM

රිළවුන් ගොඩක් වෙලාවට ගම්වදින්නේ කෑම සොයාගෙන (නි)

:       0       0

සමන්ත Wednesday, 11 November 2015 01:10 AM

පුෂ්පගේ කතාවට නම් මහත්තයට රිදෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඉනෝකා-එංගලන්තය Tuesday, 10 November 2015 10:51 AM

මේ රිලව් ගැන කියවනකොට මට මතක් වෙන්නේ, මහනුවර තියන අපේ ගෙදරට රිලව්ගෙන් වෙන හිරිහැර. ගේ වටේ තියන අලිගැට පේර වලට කරන අපරාදයක්. අම්මා කුස්සියේ උය, උයා ඉන්නවිටදී අම්මාගේ බෙහෙත් තියන පුංචි බෙහෙත් පෙට්ටියත් උස්සගෙන රංචුවම දුවනවාලු. ඒ විතරක් මදැයි, වැලේ වේලෙන්නට දාපු රෙදිත් ඇදලා පොලවේ ගහලා තමයිලු නවතින්නේ. කුස්සියේ දොර අගුලු දාන්න අමතක උනොත් අතින් තල්ලු කරගෙන ඇවිත් පොල් බැයත් උස්සගෙන යනවාලු. මම ඒ වෙලාවේ අම්මාට කියන්නේ රිලව් හැට පැන්නත් බිමින් යන්නේ නැහැ කියන කතාව බොරු කියලා. (ර)

:       0       0

ජයනාත් Tuesday, 10 November 2015 01:47 PM

රැහෙන් පන්නපු, අතක් පණ නැති රිළවෙක් අපේ ගෙවල් පැත්තෙ හිටියා. ගෙදරට ඇවිල්ලා වහළය උඩට වෙලා බලා ඉඳලා, අපි ඉස්සරහ පැත්තෙ ඉන්නවා නම් පිටිපස්සෙන් කුස්සියට රිංගලා අහුවුණ දෙයක් කාලා යනවා. අත පණ නැති නිසා ඉවසගෙන හිටියා වෙන පාඩුවක් වෙද්දෙන් කියලා. එළෙව්වෙ නැහැ. (නි)

:       0       0

මලික් Tuesday, 10 November 2015 01:07 PM

මෙහෙම කඩාවැදුණු රිළා මොටෙක් අපේ ගමේ ගෙදරක එළියේ වනලා තිබුන පිරිමි යට ඇඳුමක් අරගෙන ගිහින් අසළ වෙනත් නිවසකට අතහැරලා එතන ගෙදර අඹුසැමියන් සැකය නිසා, රිළා නැටුම් සංදර්ශනයක් පවත්වන්න යෙදුනා (නි)

:       0       0

අජිත් Tuesday, 10 November 2015 01:00 PM

ඉනෝකා, රිළව් නෙමෙයි. වඳුරායි හැට පැන්නත් බිමින් නොයන්නේ. කොහොම වුණත් ඉනෝකා ගත් උත්සාහයට මම සුබ පතනවා. (නි)

:       0       0

ජෙහාන් Tuesday, 10 November 2015 12:46 PM

කොහොම වුනත් රිලව් ඔක්කොම නැටුම් පෙන්වන්නේ බවලත් උදවියට තමයි. (බ)

:       0       0

පුෂ්ප Tuesday, 10 November 2015 12:35 PM

මෙලනි, ඕක නුවර විතරක් නොවෙයි කොහෙත් එකයි. හරි ඇමතුම එනකොට ඔය කොයි මහත්වරුන්ගේත් ඔලුව පාත්වෙනවා. (නි)

:       0       0

සරසි Tuesday, 10 November 2015 11:59 AM

නුවර රිලවුන් ගේ තරම බලාගන්න පුළුවන් තපෝවනයට දානේ අරන් ගියාම. අපේ නැන්දම්මාගේ කැවුම් පෙට්ටියම උස්සලා තිබුනා. (ර)

:       0       0

මෙලනි Tuesday, 10 November 2015 11:47 AM

නුවර රිලව් බවලතුන්ට බය නැති වුනාට නුවර මහත්වරු නම් මහගෙවල් වල බවලතුන්ට සෑහෙන්න බය පක්ෂපාත බව පෙනෙන්න තිබෙනවා. අපේ මහත්තයා නුවර අක්කලා හරි නංගි හරි කතා කලොත් දුරකථනය ට දුවන්නේ පණ කඩාගෙන. (ර)

:       0       0

සමරසේකර Tuesday, 10 November 2015 11:26 AM

ඉනෝකා, නුවර පළාතේ රිලව් ගැනු උදවියට බය නැහැ. ඒනිසා බය නැතිව ගේ අතුලටම එනවා. කොල්ලෙකුට කැටපෝල් එකකින් නායක රිලවාට රිදෙන්න විදින්න කියන්න. එ ගල් පාර හරියට වැදුනොත් කාලේකට රිලව් පැත්ත පළාතේ එන්නේ නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site