X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


රිළවුන් තිසරපට පැහැරගෙන ඇබැද්දියක්

 

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන) 
දුම්බර මිටියාවතේ සංචාරයේ පැමිණි පිරිසක සිටි කාන්තාවන් තිදෙනකුගේ තිසරපට රිළවුන් තිදෙනකු පැහැර ගැනීමෙන් වූ අකරතැබ්බයක් පිළිබඳ පාතදුම්බර වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ. 


සිද්ධිය සැකවින් මෙසේයි. 


කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ සේවක පිරිසක් ඉකුත් සතිඅන්තයේ දුම්බර මිටියාවතේ සුන්දරත්වය දැක ගැනීමට පැමිණ ඇත. 


එසේ යන ගමනේ දොළොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසේ සිටි කාන්තාවන් තිදෙනාගේ බලවත් ඉල්ලීම පරිදි වත්තේගම ‘රහස් ඇල්ලේ’ දිය නෑමට ඔවුනට සිත් පහළවී ඇත්තේ එහි ඇති ස්වභාවික නාන තටාකවලින් ද සමන්විත සුන්දරත්වය නිසාමය.


ඇඳ සිටි ඇඳුම් එහි වූ ගල් තලාවක උනා දමා දිය නෑමට සුදුසු ඇඳුමින් සැරැසී දියබුන් ගසමින් විනෝද වූ පිරිස නැවත පැමිණීමට සැරසෙත්ම ගල්තලාව ආසන්නයේ සිටි රිළා රංචුවක රිළා නාම්බන් තිදෙනකු වහා කාන්තාවන් තිදෙනාගේ තිසරපට රැගෙන පලා ගියේ කාන්තාවන් තිදෙනා පමණක් නොව සෙස්සන් ද අන්දමන්ද කරමිනි.


කෙසේ නමුත් අවසානයේ සංචාරයට පැමිණි පිරිසේ සිටි පිරිමින් කිහිප දෙනකු වත්තේගම නගරයට ගොස් අවශ්‍ය මිමි පවසමින් තිසරපට තුනක් මිලදී ගෙන නැවත රහස් ඇල්ලට පැමිණි බව වාර්තා වේ.

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)



අදහස් (3)

රිළවුන් තිසරපට පැහැරගෙන ඇබැද්දියක්

pakeer Friday, 27 July 2018 06:39 PM

හරිම විනෝදජනක සිද්ධියක්!

:       0       0

samarage Sunday, 29 July 2018 01:57 AM

ගිය ආත්මේ ඇඳුරුම්කමක්වත් මතුවුණාද?

:       0       59

Chandima Monday, 30 July 2018 12:41 PM

ඇයි අනේ රිලව් කියලා නෙමෙයි... මේ අයටත් ඒවායේ කිරි සුවඳ දැනෙන්න ඇති...

:       0       42

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site