මහනුවර නගරයේ උඩවත්ත රක්‍ෂිතය ආසන්නයේ රජයේ ආයතනක කලකට පෙර සිදුවූ සිද්ධියකි. මෙම ආයතනයේ රාජකාරි කටයුතු සඳහා වෙනත් රජයේ කාර්යාලයකින් නිලධාරි පිරිසකට දින කීපයක් එන්නට සිදුවිය. ආගන්තුක නිලධාරි නිලධාරිනියන්ට රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් පිළියෙළ කෙරිණි. ඔවුන්ට රාජකාරිය ඉටුකිරීමට සුදුසු ස්ථානයක් සේම බඩුබාහිරාදිය තබා ගැනීම සඳහා වෙනත් කාමරයක් සූදානම් කෙරිණි.
පැමිණි නිලධාරි පිරිස සිය ආම්පන්න වෙන්කර, දී ඇති කාමරයේ තබා රාජකාරියේ නියැළුණහ. පෙරවරු කාලයේ රාජකාරි කළ පිරිස අනතුරුව තේ පානය කිරීම සඳහා කාමරයට ඇතුළුවූහ. ගොඩනැගිල්ලට පිටුපසින් වූ උඩවත්ත කැලයෙන් ආ රිලා රංචුවක් කාමරයට රිංගා එහි තිබූ මෙවලම් සීසීකඩ ඇදදමා අලාභහානි කර තිබුණි. කාමරයේ ජනේලයක පියනක් අඟුලූ නොවැටී තිබීම නිසා රිළවුන් කාමරයට ඇතුළුවී තිබිණි. රිලවුන් රැගෙන ගිය භාණ්ඩ අතර ගර්භණී අවස්ථාවේ පසුවූ නිලධාරි මහත්මියක විසින් රැගෙන ආ විටමින් බෝතලයක් ද විය. වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීමට නියමිත විටමින් බෝතලයට සිදුවූ දෙය ගැන නිලධාරිණිය ළතැවිල්ලට පත්ව සිටියාය.
මෙදිනට නියමිත රාජකාරි කටයුතු අවසන් කළ නිලධාරි පිරිස සවස යළි කාමරයට ආවේ සිය බඩුබාහිරාදිය රැගෙන යාමටය.
ඔවුන් දුටුවේ අපූරු දසුනකි.
රිලා රංචුවේ පැටවු බිහිකිරීමට ආසන්න තත්ත්වයේ පසුවු රිලවියක තවත් පැටවුන් කීපදෙනකු සමග විටමින් බෝතල අතැතිව එය පානය කරමින් සිටි අයුරු දුටු පිරිසට සිනහව පාලනය කරගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවූහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රිළා රංචුවක් ඇවිත් ගැබිනියගේ විටමින් බෝතලය බීලා
ධම්ම Wednesday, 03 September 2014 05:58 AM
මහනුවර අධ්‍යාපන කාර්යාලය තිබුනේ ඔය කියන හරියේ. බොහෝ විට රිලවුන් වහලයේ උළු කැට උස්සා එබී බලා නැවත උළු කැට වසා තබා යනවා. අප හරියට රාජකාරී කරනවාදැයි බලනවා වගේ. (නදී)
පහන් Wednesday, 03 September 2014 08:07 AM
වදුරු රැල කිව්වහම මට කතාවක් මතක් උනා මුනුබුරෙක් දවසක් සීයට කිව්වලු ෆිල්ම් එකක් ඇවිල්ල තියනවා බලන්න යමුද කියලා. සීය කිව්වලු මට මොන බයිස්කෝප් ද බන් උබට ඕනේ නම් බලා ගනින් කියලා. ඒ පාර මුණුබුරා කිව්වලු සීයේ ඒ චිත්‍රපටියේ කතාව තියෙන්නේ වදුරු රැලක් එක්ක ජීවත් වෙන ලස්සන ගෑනු ළමයෙක් ගැන. චිත්‍රපටිය අවසාන වෙනකල්ම ඒ ළමය ඇදන් ඉන්නේ පුංචි කොළ අතු කෑල්ලක් විතරයි කියලා. මෙන්න සීය කියනවලු ''හා හා යමන් එහෙනම් කාලෙකින් වදුරු රැලක් දැක්කෙත් නැහැ " (නදී)
අන්තෝනි සුනිල් Wednesday, 03 September 2014 08:15 AM
ගිය ආත්මයේ දොස්තර කෙනෙක්වද්ද? (නි)
කසුන් Wednesday, 03 September 2014 11:22 AM
අනේ මන්දා මේ රිළවු? (නි)
සරත් Wednesday, 03 September 2014 11:54 AM
රිළා අම්මාගේ පින කියන්නේ ඕකටනේ. අපේ මාතාවට තව විටමින් එකක් ගන්න බැරි නැහැනේ. (නි)
නයන Wednesday, 03 September 2014 06:09 PM
ඇත්තටම හිනාගියා. (නි)
චින්තක Thursday, 04 September 2014 04:10 AM
පහන්, නියම කතාව (අ)
චමින්ද Thursday, 04 September 2014 10:17 AM
මට තියෙන ප්‍රශ්නය තමයි,වසා තිබු විටමින් බෝතලය ගැබ්බර රිලවිය ඇරගත්තේ කොහොමද කියන එක? (නදී)
ලක්ශේ Thursday, 04 September 2014 01:00 PM
නිරෝගී රිලා පැටවූ ලැබේවි නේද? (නි)
චමින්ද Thursday, 04 September 2014 01:33 PM
ලියන්නා කෙසේ ලිව්වත්, කියවන්නා සිහිබුද්ධිය ඇතුව කියවා, තාර බර ඇර, තේරුම් ගත යුතුයි. (නදී)
මංජුල Thursday, 04 September 2014 08:19 PM
නියම කතාවක් තමයි (නි)
සුගුනවති Friday, 05 September 2014 05:28 PM
අනේ අම්මප මේ අයට වෙන ලියන්න දෙයක් එත්තේම නැද්ද (අ)
විරාජ් Saturday, 06 September 2014 03:54 AM
සුගුනවති අක්කේ,මේ ගොල්ලෝ බොරු ලියනවා ඇත්ත වගේ. (නදී)
රන්ජිත් Saturday, 06 September 2014 05:23 AM
මේ අහිතකර රසායන වලින් එම අහිංසක සතුන්ට හානියක් නොවේවා. රිලවුන්ට අමුතුවෙන් විටමින් අවශ්ය නැහැ. උන්ගේ ආහාර රටාව සමබරයි (නදී)
දිල් Tuesday, 09 September 2014 08:48 AM
චමින්ද, වතුර කරාම ඇරලා, වතුර බීලා යන රිළවු මම දැකලා තියනවා. (නදී)