සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ආරක්ෂිතව අධිකරණයට රැුගෙන ආවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහාය.
නඩුව අධිකරණයේ කැඳවන තුරු සැකකරු වෙනම ස්ථානයක වෙනම රඳවා තැබුවේ මුළු ශරීරයම ආවරණය වන ලෙසය. දුර්වර්ණ වූ රෙද්දකින් මුළු ශරීරයම වසා තිබිණි.
අධිකරණ සම්ප‍්‍රදාය අනුව සැකකරු සමග සාමාන්‍ය පුද්ගලයන් අට දෙනකුද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරේ.
ඒ සඳහා අවශ්‍ය අට දෙනකුද සොයාගෙන පෙරෙට්ටුව ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කළ පොලිසිය විසින් සැකකරු අධිකරණයට රැගෙන ඒම සඳහා ඔහු රඳවා සිටි ස්ථානයට ගියේය. සැකකරුට කලාන්තය හැදී තිබිණි
පොලිසිය කලබලයට පත්විය.
ඔහුට සිහිය ආ පසු පොලිසිය ඔහුගෙන් ක්ලාන්තය ඇතිවීමට හේතුව විමැසීය.
ලෙඩක් ඇද්දැයි පොලිසිය ඔහුගෙන් ඇසීය.
තමා ආවරණය කර තිබූ රෙද්දේ ගඳ ඉවසාගත නොහැකිව ක්ලාන්තගතියක් සැදුණු බව සැකකරු පවසා ඇත.
කොළඹ දිස්ත‍්‍රික්කයේ අධිකරණයකින් මෙම සිද්ධිය වාර්තා විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෙද්දේ ගඳ ඉවසන්න බැරිව සැකකරුට ක්ලාන්තය හැදිලා
විශ්මි Friday, 07 June 2013 10:11 AM
හොරෙක් වුනත් මනුස්සයෙක් නේ? නීතිය බව ඇත්ත. ඒත් අපි හොරෙකුටත් වැඩිය අමානුෂික විය යුතුද? (නි)
දම්මි Wednesday, 05 June 2013 06:06 PM
මේක රෙද්දේ ගදද පොලිස් ගදද දන්නෙ නැහැ (නි)
හේරත් Wednesday, 05 June 2013 06:08 PM
ඕක නේ සකලබුජන් ආතා කියන්නේ ඉඳල හිටලාවත් වහලා තියෙන රෙද්ද උස්සලවත් බලන්න කියලා? (නි)
ලලිත්-එස්.එල් Wednesday, 05 June 2013 08:45 PM
මේ යකා රෙද්දේ හොරෙක් නේ. ග්‍රීස් යකෙක්ද දන්නේ නැහැ රෙදි අරහන්.(නදී)
සරත් Wednesday, 05 June 2013 09:04 PM
රෙද්දේ ගදට වඩා ඔලුවේ සිට රෙද්දකින් ආවරණය කරගෙන සිටි නිසා ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබෙන්න ඇති! එසේම ඇතුලත කාබන් ඩයොක්ෂයිඩ් සාන්ද්‍රණය වැඩි වීමත් හේතුවෙන්න ඇති! රෙද්දේ ගඳම පමනක්මනම් මෙලහකට මම මැරෙන්නම ඕනේ! මම හැමදාම පොරවන රෙද්දත් ඔයවගේ !(නදී)
චතුල වෙරෝනා Wednesday, 05 June 2013 09:18 PM
ඈත්තම කතාවනම් පොලිසිය ඈඳගෙන ඉන්න රෙදිවල ගඳ සහ පොලිසිය ලඟ එන බුලත් විට ගඳ කාටවත් ඉවසන්න බෑ මතක් වෙද්දි මටත් කලන්තෙ වගේ.(නදී)
ජානි Wednesday, 05 June 2013 11:04 PM
ඔය හෝදන්නේ නැති රෙද්ද වෙනුවට පාවිච්ච්යෙන් පසු ඉවත් කල හැකි ආවරණ යොදා ගන්නවානම් මන් හිතන්නේ පරිසරයටත් හොඳයි අදාල පුද්ගලයාටත් හොඳයි.(නදී)
රංජනී Thursday, 06 June 2013 01:12 AM
මේවා අහලා අපටත් කලන්තේ වගේ.(නදී)
චන්දි Thursday, 06 June 2013 02:08 AM
හේරත්,මහත්තයෝ.. කතාව නම් නියමයි!,හහ්,හහ් ,හහ්,හාහ්!!!!(නදී)
අසීම් Thursday, 06 June 2013 06:35 AM
පොලීසියෙන් එහෙම අහපු එකත් පුදුමයි නේද? (නි)
විමල් Thursday, 06 June 2013 02:09 PM
හනේ බෝල ඌරන්ට මොන සෞඛ්‍යද !!(ස)
ඉෂාන් Wednesday, 05 June 2013 06:06 PM
හහ් හහ් හා!! (නි)
චන්ද්‍ර Friday, 07 June 2013 11:44 AM
විමල් ගේ ප්‍රතිචාරය සදාචාරාත්මක නොවේ. අධිකරණ තීන්දුව ලැබෙන තෙක් සැකකරුවෙක් වරදකරුවෙක් නොවේ. (නි)
රාජා Friday, 07 June 2013 12:40 PM
ඔකේ කැලි හොස්පිටල් වලට දුන්නනම් ශල්‍යාගාර වල ලෙඩුන් සිහිසුන් කරන්න එන්නත ඕනේ නැතිවේවි.(නදී)
චන්දන Friday, 07 June 2013 03:23 PM
සරත් කොහොම වුනත් රෙද්ද සෝදාගන්න මාසෙකට සැරයක් වත්.(නදී)
නන්ද Friday, 07 June 2013 09:06 PM
ඒ රෙද්ද පොලිස් කාරයෙක් ගෙදර අරන් යන්න ඇති. ඔය පාරේ ඉන්න හිගන්නෙක්ගේ එකක් ගෙනත් දාන්න ඇති.(නදී)
අශෝක Saturday, 08 June 2013 10:56 AM
කෙහෙළිය රබුක්වැල්ල කොහෙද ඉන්නේ?(නදී)
දිසානායක Sunday, 09 June 2013 01:24 AM
ඔව් ඔව් කලිසමක ගද වගේ නෙමෙයි, රෙද්දේ ගද ටිකක් වැඩියි තමයි (නි)
හේරත් Sunday, 09 June 2013 09:25 AM
පව් අනේ මේ හොරා. ජීවිතේටම රෙද්දක් අස්සේ හිටිය පලවෙනි දවස වෙන්න ඇති නේද? (නි)
දිසානායක Sunday, 09 June 2013 11:35 AM
හෝදන්න 'මිස් වුන' රෙද්දක්ද කොහෙද? (නි)
කිර්ති Sunday, 09 June 2013 05:34 PM
විහිලුත් දැකලා තියෙනවා මෙන්න විහිලු (දී)
ලෙස්ලි Wednesday, 12 June 2013 07:02 PM
ඇත්තටම මම අද හිනාවුණා (නි)
ආනන්ද ආර් Wednesday, 05 June 2013 01:13 PM
දැන් දන්නවා කොහොමද සැකකරු හඳුනාගන්නේ කියලා. කිලිටු රෙද්දෙන් වහල හිටපු කෙනා පෙන්නුවම හරි.(නදී)
ඉසාම් Wednesday, 05 June 2013 10:02 AM
පිරිසිදුවට ඉන්න හොරක් වන්න ඇති හොර ආදර්ශයට අරන්වත් ඔය රෙදි හෝදන්න දාන්න.හොර හොර කරාද කියලත් බලන්න. (ස)
සුරංග Wednesday, 05 June 2013 10:37 AM
හී හී කවදාවත් ඔය රෙද්ද හෝදලා නැතුව ඇති..(ස)
පද්මිණී Wednesday, 05 June 2013 10:49 AM
අපුල්ලන්න බැරි තරමටම ඔය රෙද්ද ගදයි. අපිටත් ඔය රෙද්දේ ගද ලගක ඉදල දැනෙනවා.(නදී)
වරුණ Wednesday, 05 June 2013 11:08 AM
රෙද්ද රාළහාමිලා රෑට පොරවන්න ගන්නවද දන්නේ නැහැ නයිට් ඩියුටි කරනකොට උසාවියේ (නි)
ෂෙරිෆ් Wednesday, 05 June 2013 11:38 AM
හොඳ වැඩේ හොරාට, හොරකම් ජිවිතේ අමතක නොවන සිද්දිය.(ස)
නාලක Wednesday, 05 June 2013 12:20 PM
සෙන්ට් පවුඩර් ගහපුවද ඉල්ලන්නේ.(නදී)
සංජය Wednesday, 05 June 2013 12:26 PM
මාර රෙද්දක් නේ.. (ස)
අමිළ-කටුනායක Wednesday, 05 June 2013 12:25 PM
පොලිසියට නම් ඕන රෙද්දක්.(නදී)
ප්‍රසාද් Wednesday, 05 June 2013 12:39 PM
දවසේ කතාව. (ස)
චන්දන Wednesday, 05 June 2013 12:36 PM
ගද නැතුව තියෙයිද පොලිසියේ රෙද්දක්නෙ.(නදී)
ගාමිණී-සිරි Wednesday, 05 June 2013 09:31 AM
හොරු කියන්නේ ගඳ වැඩ කරන පිරිසක් .හොරකමට ගිහාමත් ගද ,සුවඳ බලනවද ?හැදුනයි කියන ක්ලාන්තය නම් උප්පරවැට්ටියක් !
ලක්මාල් Wednesday, 05 June 2013 01:14 PM
නියම කථාව. අදනම් ඇත්තටම හිනා ගියා.(ස)
තිලින Wednesday, 05 June 2013 01:31 PM
අනේ පව් අහිංසක හොරා. දඩුවම අඩු කරන්න වටිනවා. රෙද්දේ ගද ඉවසන්න උන නිසා.(නදී)
මනෝජි Wednesday, 05 June 2013 02:14 PM
පොලිසිය ඉන්නේ අනුන්ගේ රෙදි හෝදන්නනේ , ඉතින් කොහෙද එයාලගේ රෙදි හෝදන්න වෙලාවක්? (නි)
කිරිහාමි Wednesday, 05 June 2013 02:54 PM
ඕන රෙද්දකට පොලිසිය කිවුවලු (නි)
මර්වින් Wednesday, 05 June 2013 03:04 PM
මට මගේ මාලක පුතා මතක් උනා.(නදී)
සිල්වා Wednesday, 05 June 2013 03:16 PM
රෙදි අපුල්ලන අය ඔය ඕනෑතරම් ඉන්නේ අර පැත්තේ. (නි)
ඩිරාම් Wednesday, 05 June 2013 03:41 PM
පොලීසියේ රෙද්ද පෙරවගන කලන්තෙ හැදිල බේරුනානන් ලොකු දෙයක්, මැරිල වැටෙන්නෙ නැතිව.
රන්දිල් Wednesday, 05 June 2013 04:57 PM
ඔය රෙද්ද තියලා තියන්නේ පොලිසියේ නම් මේ ගද ඉවසන්න පුළුවන් නිලධාරීන් කීදෙනෙක් සමත්ද?(නදී)
නිල්මිණී Wednesday, 05 June 2013 05:03 PM
මොන අධිකරණයේද ඕක උනේ.(නදී)
සිසිර Wednesday, 05 June 2013 05:52 PM
නොදන්නාකමට අහන්නේ. ඔය පෙරට්ටුවට තියන අනිත් අයගේ මානව අයිතිවාසිකම් කැඩෙන්නේ නැද්ද, ඔහොම බලෙන් පෙරට්ටු වලට තිබ්බහම? (නි)