(කටුනායක ටී.කේ.ජී. කපිල)
ඇය 20 හැවිරිදි රූමත් තරුණියකි. ඇය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කම්හලක රැුකියාවේ නියතුව සිටියාය. ඇයට අලූත් ටී-ෂර්ටයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් මතුවිය. ඇය සේවය නිමවා, රාත‍්‍රී 8.00 ට පමණ කටුනායක ඇවරිවත්ත ප‍්‍රදේශයේ රෙදි සාප්පුවකට ගොඩවිය.
රාත‍්‍රිය එළඹී තිබීම නිසා, රෙදි සාප්පුවේ ගැනුම්කරුවන් අඩුවිය. ඇය තම සිත්ගත් ටීxෂර්ට් කීපයක්ම සාප්පුවේ විවිධ ස්ථානවලින් තෝරාගෙන, ඇඳ සිටි ටීxෂර්ටය පසෙක ගලවා තබා ඒවා හැද බලන්නට විය.
ඔවුන්ගේ සහායට රෙදි සාප්පුවේ සේවිකාවක් ද පැමිණි අතර, ඇය මෙම තරුණිය ඇඳ බලා ඉවත තබන සෑම අදුමක්ම වහ වහා ඇඳුම් එල්ලනවල දමා යළිත් ඒවා තිබුණු රාක්කවල එල්ලීමට පියවර ගත්තේ, රෙදි සාප්පුව වැසීමට ආසන්නව තිබූ බැවිනි. පැය භාගයකට ආසන්න වේලාවක් රෙදි තේරුවද, ඇයට සිත්ගත් ටී-ෂර්ටයක් එම රෙදි සාප්පුවෙන් සොයා ගැනීමට අසීරු විය. ඇය යළිත් ඇය හැදගෙන පැමිණි ටීxෂර්ටය දමාගෙන වෙනත් සාප්පුවකට යෑමට සැරසුණි.
එහෙත් එම ටීxෂර්ටය ඒ වන විටත් එම ස්ථානයේ නොවීය. රෙදි සාප්පුවේ සේවිකාවත් තවත් පැය භාගයක් පමණ එම ටීxෂර්ටය සෙව්වද, සොයා ගැනීමට නොහැකි විය. ඇය හැද බැලූ ටී-ෂර්ට් සමඟ එයද පැටලී ගොසිනි. කළ හැකි අන් යමක් නැත. මේ ආකාරයට උඩුකය විවෘතව ආපසු නේවාසිකාගාරයට පැමිධෑමට ද නොහැක. ඇය අලූත් ටී-ෂර්ටයක් මිලදී ගත්තාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෙදි කඬේදී ඇඳිවත මාරුවී අලූත් ඇඳුමක් අරන්
ගිහාන් Thursday, 23 October 2014 12:49 PM
වෙළඳ සේවිකාව මොකටද ෆිටින් රූම් එක අස්සට රිංගුවේ. (නදී)
හසී Thursday, 30 October 2014 02:00 PM
සේවිකාව පව්.! (ර)
ලක්මාල් Wednesday, 29 October 2014 04:31 AM
ඒකත් බැලුවහම නියම වැඩේ තමයි... (නි)
ක්‍රීශාන් Monday, 27 October 2014 02:05 AM
සේවිකාව බයවෙන්න ඇති (පව්) තමාගේ ඇදුම ගැලවෙයි කියලා. (නදී)
ධනුෂ්ක Friday, 24 October 2014 10:33 AM
ටිකක් හොයලා බැලුවා නම් හැඳ බැලූ ටී-ෂර්ට් එක සොයා ගැනීමට තිබුනා. එ්ත් සාප්පුවේ සේවිකාව මොකටද ඇතුලට ආවේ (නදී)
බෙනට් Thursday, 23 October 2014 08:24 PM
මේවා වැඩිහරියක් කුමන්ත්‍රණ (නි)
බණ්ඩාර Thursday, 23 October 2014 02:50 PM
ඉවකළානම් හොයාගන්න තිබුනා දහදිය සුවදෙන්.(හේ)
අජිත් Thursday, 23 October 2014 02:23 PM
වෙළඳ සේවිකාවට දෙන්න ඕනේ හොදම සේවිකාවට දෙන සම්මානය. (නදී)
ජෙමා Thursday, 23 October 2014 01:36 PM
ඒ තරම් දුප්පත් ...පව් ..වෙන මොකුත් නැතුව ඇති. (නදී)
රෙජි-සිඩ්නි Thursday, 23 October 2014 05:12 AM
ඒක සේවිකාවගේ වැරැද්ද. මෝඩ ළමයා මොකටද සල්ලි දීලා ටීෂර්ට් එකක් ගත්තේ? කියන්න තිබුනේ මගේ එක හොයලා දෙන්න බැරි නම් අලුත් එකක් හරි දෙන්න කියලා. (නි)
ජිනදාස Thursday, 23 October 2014 09:00 AM
දැන් ගෑනු ළමයි අඳින පිළිවෙලට අනුව ඇඳුම් කඩේට එනකොට ටී ශේර්ට් එකක් ඇඳගෙන ආවාදැයි සැකයි.(හේ)
රුවන් Thursday, 23 October 2014 08:14 AM
රූපවතී අක්කේ, ඔයා හැමදාම ලංකාවේ වැරදි දකින්නේ ඒක හොඳද?(දිල්)
රූපවති Thursday, 23 October 2014 06:46 AM
අපි හැම දේම වැරදියට දකින්න හොද නැහැ.(හේ)
සමාධි Thursday, 23 October 2014 05:49 AM
හොඳ වේලාවට උඩු කය වුණේ.නැත්තම් ඉවරයි.(හේ)
ධම්ම Thursday, 23 October 2014 05:36 AM
මේක මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. (හේ)
ප්‍රමේෂිකා Thursday, 23 October 2014 05:21 AM
වැරැද්ද කරලා තියෙන්නේ සාප්පුවේ සේවිකාව නිසා ඇයට අලුත් ඇදුමක් සාප්පුවෙන් නිකන් දෙන්න ඕන. (හේ)
බණ්ඩාර Thursday, 23 October 2014 05:14 AM
සල්ලි නොදී යන්නනේ තිබුණේ (නි)