(ශාන්ත සෙනවිරත්න)
රෝහල් වාට්ටුවක ප‍්‍රයෝජනය සඳහා පරිත්‍යාගශීලියෙක් දුන් මදුරු දැලක් එහි සේවකයකු ගෙදර ගෙන ගොස් ගෙදර තිබූ පරණ එකක් ගෙනැවිත් සවි කර තිබූ සිද්ධියක් කොළඹට ආසන්න රෝහලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
පරිත්‍යාගශීලියෙක් රෝහලකට මදුරු දැල් කිහිපයක් පිං තකා පරිත්‍යාග කර ඇත. ඒවා බාර ගත් එහි ප‍්‍රධානියෙක් එය වාට්ටුවලට බෙදා දී තිබේ. මේ අතර වාට්ටුවේ සිටි සේවකයෙක් එයින් එකක් කාටත් නොපෙනෙන සේ හොරකම් කර ගෙදර ගෙන ගොස් ගෙදර තිබු පාවිච්චි කළ මදුරු දැලක් සවි කර ඇත.
වාට්ටුවේ අලූත් මදුරු දැල් අතරට පරණ මදුරු දැලක් ආවේ කෙසේ දැයි එහි ප‍්‍රධානියෙකු සොයා බලද්දි රහස හෙළි කර ගැනීමට හැකි වී ඇත. පසුව එය සොරකම් කළ බව කියන සේවකයා කැඳවා මේ වගේ බාල වැඩ මීට පස්සේ කරන්න එපා මේවා අසරණ ලෙඩ්ඩුන්ගේ ප‍්‍රයෝජනය සඳහා දෙන දේවල් කියලා හිතන්න.
ඔයාට ඒ වගේ එකක් මිලට ගන්න බැරි කමක් නෑ. කොහොම වුණත් මේ කළ පහත්ක‍්‍රියාව ගැන මම ඉහළට දන්වනවා. අරන් ගිය එක නැවත බාර දෙන්න. නැත්නම් අලූත් එකක් ගෙනත් දෙන්න කියා ප‍්‍රධානියා ඔහුට අවවාද කර යවා ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රෝහල් සේවකයා මදුරු දැලකට
kumar (galf) Wednesday, 28 June 2017 10:42 AM
අල්පෙනේන්තේ ඉඳලා හොරකම් කරන අය තමා වැඩිමනක්ම රෝහල් සේවකයෝ. හැබැයි අහුවෙලා නීතිය ක්‍රියාත්මක කරන කොට ඊළඟට වැඩ වර්ජන.... නීතියක් නැති රටක්....
dinu Thursday, 29 June 2017 07:52 AM
ලොක්කගේ ඉඳන් පහළට එනකම් බොහෝ අය කරන්නේ ඕවා තමයි. මේවා නොකළා නම් රට මෙලහකට දියුණු වෙන්න ඕනනේ...