(උණවටුන - ඞී.ජී. සුගතපාල)
අම්පාර ප‍්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අවිවාහකයෙක් 2009 වසරේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැඩට පැමිණියේය. ඔහු පින්නදුව වැඩබිමේ සේවය කරමින් සිටියදී දිනක් රාත‍්‍රි ජංගම දුරකතනයට මගහැරුණු ඇමතුමක් ආවේය. එහා කෙළවරින් කාන්තාවක් ලතාවකට කතා කළාය.
පසු දින නම් එය මග නොහැරිණි. ඇය කීවේ තමා ප‍්‍රධාන රෝහලක් අසල උපස්ථායිකාවක් ලෙස රැුකියාව කරගෙන යන බවය. මේ අතර දිනක් අසනීපයකට ප‍්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණි ඔහු ඇය සැබෑවටම දැක ගැනීමේ අදහසින් දුරකතන ඇමතුමක් දුන්නේය. විනාඩි කිහිපයක් ඇතුළත ඇය ඔහු ඉදිරියේ පෙනී සිටියාය.
ඇය පනස්පස් හැවිරිදි තිදරු මවකි. සැමියා මිය ගොස්ය. ඒ හමුවීම වයස් සීමාවකින් තොරව බැඳුණ එක්වීමක් විය. පසුව දෙදෙනා එක්ව උපස්ථායක සේවාවක් ආරම්භ කිරීමට තීරණය කළේය. කාන්තාව මෙහිදී තම හැඳි මිටේ නුවණ පාවිච්චි කිරීමට වගබලා ගත්තාය. ඒ සඳහා ඔහුගේ ළඟ තිබූ සියලූ_ මුදල් වැය කළේය. උපස්ථායක මධ්‍යස්ථානය සඳහා රෝහල අසලින් කුඩා කාමරයක් ද, නතරවීමට කුලී නිවසක් ද මිලයට ගත්තේය. එහෙත් ටික දිනක් යනවිට ඇය සියලූ_ පාලනය තම අතට ගත්තාය. ඔහුගේ අවශ්‍යතාවකට පවා ඇයගෙන් මුදල් නොලැබිණි.
මේ අතර මගහැරුණු ඇමතුම පසුපස යාම නිසා සිදුවූ දේ පිළිබඳ කලකිරීමට පත් ඔහු අට වසරක අනියම් සබඳතාවට තිත තබා තවත් නොඑන බව පවසමින් ගමට ගියේය. එහෙත් ඇය අතහැරියේ නැත. ඔහු සොයා අම්පාරට ද ගියාය. පසුව උපායක් කල්පනා කළ ඇය නිවසේ තිබූ රුපියල් අට ලක්ෂයක් සොරකම් කරගෙන ගොස් ඇති බවට ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කළාය.
ටික දිනක් යනවිට ඔහුට ගාල්ල පොලිසියේ පෙනී සිටින ලෙස දැන්වීමක් ලැබිණි. වරද දුටු ඔහු පුදුමයටත් භීතියටත් පත්විය. එහෙත් නීතියට ගරු කළ යුතු නිසා ඔහු ගාල්ල පොලිසියේ පෙනී සිටියේය. ඔහු කීවේ තමාට ඇය වියදමට පවා මුදල් නොදෙන අතර ඉඳහිට ගමට යාමට පමණක් රුපියල් දෙතුන් දහසක් දෙන බවය. එනිසා තවත් ඇය සමඟ සිටීමට අකමැති බව ද ඔහු පැවසීය.
එහෙත් ඇයට ඔහු නැතුවම බැරිවිය. පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව අනාවරණය වූ අතර දෙදෙනාම සමථයකට පත්වීමට ද එකඟ වූහ. ඇය කීවේ මින්පසු ඔහුට මාසයකට රුපියල් තිස් දහසක් දෙන බවය. ඔහු ද එයට එකඟ විය. දෙදෙනාම ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර දුනුවිල, සැරයන් රෝහණ (31958) යන මහත්වරුන් ඉදිරියේ පොලිස් පොතේ අත්සන් තැබූහ.
පොලිස් පොතේ අත්සන් තැබීමෙන් පසු අලූත විවාහ වූ යුවළක් මධුසමය ගත කිරීමට යන ආකාරයට දෙදෙනා අත්වැල් අල්ලාගෙන සිනාසෙමින් පඩිපෙළ බැස යන අයුරු දුටු පොලිස් නිලධාරීන් එකිනෙකාගේ මුහුණු බලමින් අනේ කාලේ වනේ වාසේ යයි කියනු ඇසිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලතාවට ආ කතාවක් දුර දිග ගිහින්