යෙහෙළියන්ගේ උපදෙස් මත මූහුණ ලස්සන වීමට ගෑ මුදවපු මීකිරි ගෙදර හුරතලයට ඇති කරන බලු_ පැටියා ලෙව කෑමෙන් එම කාන්තාව දැඩි අපහසුතාවට පත්වූවාය.
උපාධිධාරිනියක වන ඇය රජයේ කාර්යාලයක රැකියාව කරන අතර, නිතරම තම රූප ස්වභාවය ගැන සැලකිලිමත් වීම පුරුද්දකි. රූප ස්වභාවය වැඩි කර ගැනීම සඳහා කරන පිළියම් පිළිබඳව කවුරුන් හෝ දෙන උපදෙස් හිස් මුදුනින්ම පිළිගැනීමට ඇය මැලි නොවන්නීය.
ඒ අනුව මුහුණේ සියුම් බව වැඩිකර ගැනීමට හා පැහැපත්ව තබා ගැනීම සඳහා මුදවපු මී කිරි මුහුණේ ගා පැයකට පමණ පසුව සෝදා හරින ලෙස ඇගේ යහලුවන් විසින් ඇයට උපදෙස් දෙන ලදී.
ඒ අනුව නිවාඩු දිනක දී ඇය මුහුණේ මී කිරි තවරා පැයක් යනතුරු ඇඳේ හාන්සි වූවාය. ඒ සමග ඇයට නින්ද ගොස් ඇති අතර, ඇය විසින් හුරතලයට ඇති කරන බලුපැටියා ඇයගේ කාමරයට පැමිණ මුහුණේ ගෑ මී කිරි තට්ටුව ලෙව කා ඇත.
ඇය ක්ෂණිකව අවදි වී ඇති අතර එවිටත් මුහුණේ තිබූ මීකිරි වැඩි ප්‍රමාණයක් බලු_ සුරතලා විසින් ලෙව කා ඇති අතර ඇයට මහත් පිළිකුළක් ඇති වී ඇත.
පසුදින කාර්යාලයට පැමිණ සිද්ධිය තම යහලුවන්ට පවසා ඇති අතර ඔවුහු ඒ සම්බන්ධව විහිලු කරන්නට පටන් ගත්හ.
කතාව කාර්යාලය පුරා පැතිර ගොස් ඇති අතර, ඇය අසලින් යනවිට බල්ලන්ට දෙන්න ගෙනා මීකිරි ගෙදර තියනවා දැයි විමසීම නිසා ඇය මහත් ලජ්ජාවට පත්වූවාය.
(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලස්සන වෙන්න මුහුණේ ගෑ මී කිරි තට්ටුව බලු හුරතලා ලෙවකාලා
leel gunawardena Monday, 17 February 2020 07:34 PM
ඉස්සර වෙලාම බලු සුරතලා ලෙව කනකොට සිහිනෙන් හිතන්න ඇති ප්‍රේම වන්තයෙක් මුහුණ ලෙව කනවා කියා රස වින්දනයක් ලබා ගන්න ඇති, මී කිරි ටික ඉවර වේගන එනකොට අවදි වන්න ඇති අයියෝ පව් අප්පා.