X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


ලාබෙට කණ්ණාඩි කුට්ටම අරන්දුන් මිතුරාට ප්ලේන්ටියක්වත් නෑ

ඇස්වල ආබාධයකට පැළඳිය යුතු ඇස් කණ්ණාඩියේ විස්තර ඇතුළත් තුණ්ඩුව ද රැගෙන තරුණයෙක් පිවිසියේ ඇස් කණ්ණාඩි අලෙවි සැලකටය. විවිධ මාදිලියේ කණ්ණාඩි රාමු පෙන්වූ සේවක මහතකුට තම හිත ගිය කණ්ණාඩි කුට්ටම පෙන්වූ විට ”රුපියල් පන්දහස් පන්සීයයි” ඔහු පැවසීය. ”පස්සේ එන්නම්” පැවසු තරුණයා මිතුරකු මුණගැසී ”මම කණ්ණාඩි කුට්ටමක් බැලූවා. හරි ගනන්නේ” යැයි කීවිට ” ලොකු සාප්පුවල කඩ කුලියයි, ඒසී වල වියදමයි කණ්ණාඩිවලින් අල්ලනවා. මම දන්න තැනක් තියෙනවා” යැයි පැවසූ මිතුරා තම දුරකථනයෙන් ඇමතුමක් ගෙන ෂොප් එක ඇරලලූ තියෙන්නේ දැන්ම යමු”යි කීය.

දෙදෙනා කණ්ණාඩි අලෙවි සලේ මිතුරා හමුවූහ. ඇස් කණ්ණාඩියේ විස්තරය අඩංගු තුණ්ඩුව ගත් හෙතෙම  ඇස් කණ්ණාඩි රාමු කිහිපයක් මේසය මත තැබීය. මීට පෙර කණ්ණාඩි සාප්පුවේදී තේරූ කණ්ණාඩි රාමුවට සමාන රාමුවක් ඔහුගේ තේරීම විය.

”මේක රුපියල් තුන්දහස් පන්සීයයි. යාළුවත් එක්ක ආපු නිසා තුන්දහකට දෙන්නම්” සාප්පුවේ මිතුරා පැවසීය. මුදල් ගෙවූ අතර දින තුනකින් පැමිණ කණ්ණාඩිය රැුගෙන යන ලෙස දැනුම් දුනි. එළියට පැමිණි මිතුරා ඇමතූ අනෙකා ”උඹ නිසා මට රුපියල් දෙදහස් පන්සීයක ලාභයක් වුණා. උඹගේ ෆෝන් එකෙන් කතා කළාට ගානක් වියදම් වුණානේ. ඒකට මම රුපියල් පනහක රීලෝඞ් එකක් දාන්නම්” යැයි කී විට පිස්සුද? එපා මචං” මිතුරා පැවසීය.

පසුව මිතුරා හිතවතකුට පවසා තිබුණේ ”ඔච්චර ලාභයක් කරලත් මිනිහා අඩු ගානේ මට ප්ලේන් ටී එකක්වත් අරන් දුන්නේ නැහැනේ” යනුවෙනි.
 



අදහස් (0)

ලාබෙට කණ්ණාඩි කුට්ටම අරන්දුන් මිතුරාට ප්ලේන්ටියක්වත් නෑ

තුසිත Thursday, 19 December 2013 04:02 PM

කතාවෙන්ම පේනවා අද තත්වය. උදව්ව වටින්නෙ රු. 50යි; අල්ලස ප්ලේන්ටි එකයි. ඔක්කොම තුන්වෙනි පන්තියේ වැඩ.(නදී)

:       0       0

ඉන්දු-ලන්ඩන් Monday, 23 December 2013 07:53 PM

සමන් අයියේ අපිට හරි වැරැද්ද කියා දීල යහමගට ගත්තට ඔයාට ගොඩක් පින් (ත)

:       0       0

වනිතාප් Monday, 23 December 2013 11:50 AM

හැකි හැම විටම කෙනෙකුට උදව් උපකාර කිරීම පිනක්. වෙන කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද සමහරු කල ගුණ නොදන්නා අය. තවත් සමහර අය ගොඩක් ප්‍රශ්න තියන අය. සමහරු කපටියි. සමහරු ලෝබයි. ඉතින් පිනක් කලා කියල හිත හදාගන ආයෙත් උදව් කරන්න පුළුවන් වෙලාවට.(නදී)

:       0       0

චන්දි Monday, 23 December 2013 07:59 AM

මගේ රත්තරන් සමදරා අක්කේ ආයෙත් මේ තීරයට ඇවිත් වැදගත් දේවල් විතරක් ලියමු. (නදී)

:       0       0

සෙනරත් Sunday, 22 December 2013 12:08 PM

අය්යෝ උදව් කරද්දී ඕව බලන්නේ නැහැනේ. (ත)

:       0       0

මහී Sunday, 22 December 2013 06:32 AM

ඔන්න අද දවසේ අපේ රට? මිනිස්සුන්ගේ මානසිකත්වය තුල අල්ලස නීති ගතවෙලා.. (අ)

:       0       0

ශාන්ති Sunday, 22 December 2013 01:08 AM

අනේ පවු අහිංසා නේද (අ)

:       0       0

අහිංසකා Saturday, 21 December 2013 12:32 PM

ඊයේ කතරගම ගිහින් එන ගමන් කැකනදුර සමදරා අක්කලාගේ අහ ගියා. අනේ අපිව හොඳට පිළිගෙන සංග්‍රහ කළා.ඒ ආපු ගමන්ම පිලිගන්වපු කිතුල් හකුරු සමඟ පොල්පලා අමෘතයක් හා සමානයි. එසැණ අයට එන්න කියලා අක්කා කිව්වා. කාත් එක්කවත් තරහ නැහැ කියන්න කියලා කිව්වා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 21 December 2013 12:22 PM

සාමානය දෙයක්. වැඩිය ගණන් ගන්න එපා. මොකද ඔයාලටත් කන්නාඩි කුට්ටම් හොයන්න යන්න වේවි.(නදී)

:       0       0

අක්ෂි Saturday, 21 December 2013 07:59 AM

කාලගුණ සැලකීම ගැන කියල දෙනවා නම් කොච්චර හොඳද? (අ)

:       0       0

කුමාරි Friday, 20 December 2013 09:47 AM

හොද හිතින් කළාම ඒකේ ප්‍රතිළුල අපට ලැබෙනවා.පඩුරු බලාපොරොත්තුව කිසිවෙකුට කොපමණ හොද දෙයක් කලත් හොද ප්‍රතිළුල ලැබෙන් නැ.අවංක සිතින් අනෙකාට උදවු කර සතුටු වෙමු.(දිල්)

:       0       0

සමන්ති Friday, 20 December 2013 06:25 AM

ලාබ අපේක්ෂාවෙන් උදව් නොකළ යුතුයි. දුන්දේ ගැන සතුටුවන්න. ලද දෙයින් සතුටුවන්න. (නදී)

:       0       0

ප්‍රසීන් Friday, 20 December 2013 03:19 AM

අයියෝ දැන් අපට ප්ලේන්ටියක්වත් නෑ....(අ)

:       0       0

අජිත් Thursday, 19 December 2013 07:43 PM

අනේද කියන්නේ. අපි යමෙකුට උදව්වක් කළා නම් ඒ ඇති සතුටු වෙන්න හොදටම.(නදී)

:       0       0

අසෝකා Thursday, 19 December 2013 05:14 PM

අපි කාටහරි යාලුවෙකුට හෝ පවුලේ කෙනෙකුට හරි නාදුනන කෙනෙකුඅට හරි උදව්වක් නම් කලේ,අපි එයාලගෙන් ස්තුතිය වත් බලාපොරොත්තු නොවිය යුතුයි. (අ)

:       0       0

පද්මේ Thursday, 19 December 2013 04:45 PM

අයියෝ ඕක මොකක්ද යාළුවන්ට උදව් කරලා කවුද යමක් බලාපොරොත්තු වෙන්නේ.යාළුවෝ අපිට කරලා තියෙන උදව් හා අපි යාළුවන්ට කරලා තියෙන දේවල් බැලුවහම.(දිල්)

:       0       0

සමන් Thursday, 19 December 2013 07:20 AM

මමත් සමදරාත් වරුණ සිරිපාල රන්ජනී වගේ අය දිගින් දිගටම ඉල්ලා සිටියේ පාඨක තීරුව මාතෘකාවට අදාළ අදහස් පමණක් පල කරන ලෙසයි .කතෘ තුමා අවසානයේ අපට සවන් දී ඇති පාටයි. ස්තූතියි.(නදී)

:       0       0

අචීර Thursday, 19 December 2013 03:41 PM

උදව්වක් කරලා මට අරක කරාවි, මේක කරාවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එතකොට පිනත් නැතිවෙනවා. කරපු දේ මෙනෙහි කරලා නිතරම සතුටු වෙන්න. අන්න ඒක තමයි පින.(නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 19 December 2013 02:30 PM

ඔහොම තමා ලංකාවේ අය. ඕක මට නම් සුළු දෙයක්. මොකද මමත් ලංකාවේ අයට හුගක් උදව් කරලා ගොඩක් හිත රිදවන් ඉන්න කෙනෙක්.(නදී)

:       0       0

නුවන් ඊජිප්තුව Thursday, 19 December 2013 02:26 PM

සමන් 2013-12-19 07:20:26 අදහසින් ඔප්පුවෙනවා සමදරාත් වරුණ සිරිපාල රන්ජනී වගේ නම්වලින් සහ අනිත් අයගේ නම් වලින් අදහස් දාලා මේ තීරුව විනාශ කළේ එක්කෙනෙක් කියලා. මොකද එයා දන්නේ කොහොමද අනිත් නම් වලින් දාන ඒවා පල නොවෙන බව.(නදී)

:       0       0

චන්දි Thursday, 19 December 2013 02:25 PM

ඇත්ත සමදරා අක්කා උගත්, කාරුණික කාන්තාවක්, අනේ ඇය දැන් කොහි ඇතිද?(නදී)

:       0       0

සිරිපාල Thursday, 19 December 2013 02:02 PM

සමදරා සද්දයක් නැත්තේ හිතේ අමාරුවට මොකක් හරි කරගෙන වද්ද?  ඉන්දු තමා මේවට වග කියන්න ඕනේ.(නදී)

:       0       0

වරුණ Thursday, 19 December 2013 01:58 PM

ලංකාදීප පාඨක තීරුවෙන් මාතෘකාවට අදාළ නොවන ප්‍රතිචාර කපා හරින බවක් පෙනෙන්න තියනවා. මේ තීරණය පිලිබදව කතෘ මණ්ඩලයට අපේ ප්‍රණාමය ! (නදී)

:       0       0

ශාන්ති Thursday, 19 December 2013 11:57 AM

කෙනෙකුට උදව්වක් කර කිසි දෙයක් බලාපොරොත්තු නොවන්න. සතුට පමණක් ඉතිරි කරගන්න. (නදී)

:       0       0

අමිල සිංග් Thursday, 19 December 2013 11:28 AM

නිලූ විදානගේ හරි. (නදී)

:       0       0

ගාමිණී Thursday, 19 December 2013 10:26 AM

අපේ ලොකු අත්තා කන්නාඩි කුට්ටම ඔලුවේ ගහගෙන මගෙන් අහපී තෝ මගේ කුට්ටම ගත්ත නම් දීපිය කියලා. මම කීව බලාපිය ඔලුව අතගාල බොලන් කියලා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 19 December 2013 09:34 AM

සරණ, ඒක ඇත්ත මොකද අපි යාලුවෙකුට උදව් කරන්න ඕනේ වාසි බලාගෙන නෙමේ අවංක හිතින් විතරයි. එහෙම නැතිව ඒක උදව්වක් වෙන්නේ නෑ නේද? (නදී)

:       0       0

සරණ Thursday, 19 December 2013 08:56 AM

යාලුවෙකුට හෝ වෙනත් කෙනෙකුට හෝ උදව්වක් කරලා ඒකට ස්තුතියක් හෝ සත්කාරයක් බලාපොරොත්තු වෙන එක හරි ද? තමන් හිත හොඳින් කාට හෝ උදව්වක් කලා නම්, ඒකෙ සතුට විතරක් හිතේ තියාගන්න.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 19 December 2013 08:52 AM

මේකත් දෙයියෝ සක්කියක්ද ?(නදී)

:       0       0

ශ්‍යාමලී Thursday, 19 December 2013 08:22 AM

අද කාලේ ඔහොම තමයි. කල ගුණ තියෙන අය හරිම අඩුයි. දැනගෙන ඇසුරු කරන්න.(නදී)

:       0       0

රණවක Thursday, 19 December 2013 08:06 AM

කාට උනත් උපකාර කිරීම හොඳ ගතියක්. නමුත් ලාබ ප්‍රයෝජන ප්‍රති උපකාර බලාපොරොත්තුව උදව් කිරීම නිසා ඉන් ලැබෙන්නේ දුකක් පසුතැවීමක් මිසක් සතුටක් නොවෙයි. කිසිවෙක් බලාපොරොත්තු නැතිව උදව්කරන්න. ඔබ සතුටින්ම සිටිනා අයෙක් වනවා ඇත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site