(අතුරුගිරිය විමුක්ති)
කොළඹට ආසන්න ගමක මිතුරන් පිරිසක් පුරුද්දක් වශයෙන් මසකට දෙවතාවක් කොළඹ නගරයේ ඇවිදයන්නේ නොයෙකුත් භාණ්ඩ අඩු මිලට ගෙන ගමට ගොස් වැඩි මිලකට විකිධෑමටය. මේ කණ්ඩායම ලාබ භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් ඉතා දක්ෂ ලෙස භාෂාව හසුරවමින් කටයුතු කරයි.
දිනක් සුපුරුදු පරිදි කොළඹ නගරයේ ස්ථාන කීපයකට ගොස් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ අඩු මිලට ගැනීමට සොයමින් යන අතර, කණ්ඩායමේ එක් මිතුරකුට යට ඇඳුමක් මිලට ගැනීමට අවශ්‍ය වුවත් එම අවශ්‍යතාව ඉතා අඩු මිලකින් ඉටු කර ගැනීමේ අරමුණින් වෙළෙන්දකු වෙත ගොස් විමසුවේය. එවිට වෙළෙන්දා පවසා ඇත්තේ රුපියල් දෙසීයක් වැනි මුදලකට යට ඇඳුම් 3ක් මිලදී ගත හැකි බවයි. එහෙත් එයටත් වඩා අඩු මුදලකට මිලදී ගත යුතු යැයි සිතූ මිත්‍රයා එය මගහැර වෙනත් වෙළෙන්දකු සිටින ඉසව්වක් සොයා ගියේය. මාර්ගයේ වෙළෙඳාම් කරන වෙළෙන්දකු යට ඇඳුම් දෙකක් තිබෙන පෙට්ටියක් පෙන්වමින් ශබ්ද නගා “රුපියල් අසූවයි රුපියල් අසූවයි” කියමින් වෙළෙඳාමේ යෙදුණි.
එය දැකීමෙන් එය ඉතාම ලාභදායී අවස්ථාවක් යැයි සිතූ මිතුරා එය මිලදී ගැනීමට රුපියල් 100ක් සිය පසුම්බියෙන් ඉවතට ගෙන වෙළෙන්දා අතට දී එක් පෙට්ටියක් තමන්ට දෙන මෙන් ඉල්ලා සිටියේය. වෙළෙන්දා ද භාණ්ඩය වෙනත් පාර්සලයකට දමා ඔහු අත තැබීය. වෙළෙන්දාට දුන් රුපියල් 100ක මුදලේ ඉතිරි මුදල් ඉල්ලූ වෙළෙන්දා ශබ්ද නගා පවසා ඇත්තේ භාණ්ඩය වෙනුවෙන් තවත් මුදල් අවශ්‍ය බවය. එක යට ඇඳුමක මිල පමණක් රුපියල් අසූවක් වන බවකි. වෙළෙන්දා කීවේ දෙකෙහිම මිල රුපියල් එකසිය හැටක් වන බවයි. එම අවස්ථාවේදී ඒ අසල සිටි මිත්‍රයන්ගේ ඇස් උඩ ගියේය. එහෙත් සුළු වේලාවකින් සිදුවී ඇත්තේ කුමක්ද කියා වැටහුණි. අවට සිටි පිරිස ද මෙම සිදුවීමට අවධානය යොමු කර ඇති අතර, වරද වටහාගත් මිතුරන් පිරිස ඉතිරි මුදල්ද දී ලැජ්ජාවෙන් වට පිට බලා වහ වහා එම ස්ථානයෙන් පිටව ගියහ. වැඩි ලාභයක් සොයන්නට ගොස් තම මිතුරාට සිදුවූ අකරතැබ්බය පිළිබඳව අනෙක් මිතුරන් තිදෙනාට හාස්‍ය උපදවන කරුණක් ද විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලාබෙට ගන්න ගිහින් සාක්කුවට තට්ටුවෙලා