X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ලූනු සම්බෝලයක් ඉල්ලූවාම මීපැණි දාපු ලූණු ගම්මිරිස් දීලා

ඔහු මාලදිවයිනේ සංචාරක නිකේතනයක සේවය කරන විධායක නිලධාරියෙකි. සංචාරකයන් සඳහා ආහාරපාන ලබාදෙන භෝජනාගාරයෙන්ම ආහාර ලබාගන්නා මෙම විධායක නිලධාරියා දිනක් දිවා ආහාරය සඳහා ගොස් සිටියදී ලූනු සම්බෝලයක රස බැලීමේ අවශ්‍යතාව දැනුන නිසා බංගලාදේශ ජාතික වේටර්වරයකු අමතා වේටර්වරයාට තේරෙන ලෙස කැඩුණු ඉංග‍්‍රීසියෙන් පැවසුවේ ලූනු සම්බෝලයක් සාදාගෙන එන ලෙසයි. 

වේටර්වරයාට මෙම විධායක නිලධාරියා කියා ඇත්තේ බී අනියන් සෝල්ට් පෙපර් මික්ස් යනුවෙනි. ටික වේලාවකින් විධායක නිලධාරියාගේ මේසයට අදාළ භාජනය රැගෙන පැමිණි වේටර් කොලූවා එන්ජෝයි සර් කියමින් පිටව ගියේය. බී ලූනු සම්බෝලයේ බී ලූනු නොමැති බවත් පැණි වැනි යමක් මිශ‍්‍රව තිබූ නිසාත් පෙර කී විධායක නිලධාරියා අදාළ වේටර් කොලූවා කැඳවා ලූනු සම්බෝලය සෑදු ආකාරය විමසීය. සර් කියපු විදියට මම බීහනි දාලා සෝල්ට් පෙපර් දාලා තමයි ගෙනාවේ යැයි කැඩුණු ඉංග‍්‍රීසියෙන් කී වේටර් කොලූවා සිදුවූ දෙය ගැන සමාව ඉල්ලීය.



අදහස් (0)

ලූනු සම්බෝලයක් ඉල්ලූවාම මීපැණි දාපු ලූණු ගම්මිරිස් දීලා

හිමාෂි Wednesday, 09 December 2015 01:32 PM

සමහරු හිතාගෙන ඉන්නේ කාන්තා පාර්ශවය ඉන්නේ, මහත්වරුන්ට උයලා පිහලා කන්න දෙන්න තමයි කියලා. එක ලූනු ගෙඩියක් සුද්දකරලා දෙන්නෙ නැහැ බිරිඳට. (නි)

:       0       0

සමරෙ Sunday, 13 December 2015 09:44 AM

සුදු ලුණු කන්න අකමැති මිනිස්සුත් කොලෙස්ටරෝල් වගේ ලෙඩ හැදුනම කන්න පටන් ගන්නවා. (ස)

:       0       0

වික්‍රම Saturday, 12 December 2015 07:43 AM

රත්නායකට ජයාගේ කටගැස්ම කන්න හිතිලා තියෙන්නේ, අමු මිරිසුයි දෙහියි දානවා කියපු නිසා වෙන්න ඕනෑ. (නි)

:       0       0

වජිර Friday, 11 December 2015 10:20 AM

සමහරුන්ගේ බඩේ අමාරු හැදුනම හොද වෙන්නෙත් සුදු බත් එක්ක ලුනුමිරිස් හදාගෙන කැවොත් තමයි (බ)

:       0       0

රත්නායක Friday, 11 December 2015 06:26 AM

පිටබැද්දර ජයා හදන කටගැස්ම කන්න ආසයි , බැරිද අපිටත් හදල දෙන්න .....? (බ)

:       0       0

රාධා Thursday, 10 December 2015 02:44 PM

නුවන්, බොම්බයි ලූනු වලට ඉංගිරිසියෙන් කියන්නේ "ග්ලෝබ් අනියන්" කියලා (නි)

:       0       0

කිත්සිරි Thursday, 10 December 2015 03:14 AM

මී පැණි වල ගිල්වපු සුදු ලූනු වලට නම් හොද ඉල්ලුමක් තියෙනවා ලෝකෙ පුරාම වගේ..බෝතල් කරලා විකුණනවා ලොකු ගණන් වලට පිටරට.(ම)

:       0       0

රාධා Wednesday, 09 December 2015 07:11 PM

අපි බි ලූනු කියන්නේ පහසුවට. ඉන්දියාවෙන් ගෙන්වූ නිසා බොම්බයි ලූනු කියා භාවිත කළ අතර පහසුවට බි ලූනු විය (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 09 December 2015 05:36 PM

සහතික ඇත්ත හිමාශි (නි)

:       0       0

චන්දි Wednesday, 09 December 2015 04:23 PM

ඒක නම් ඇත්ත ජයනාත්. අපේ තුනපහ ටිකක් දාලා තැම්බුම් හොද්දක් හදා ගත්තත් බත් කටක් කන්න පුළුවන්නේ (නි)

:       0       0

කමල් Wednesday, 09 December 2015 02:33 PM

නියම කතාව! (නි)

:       0       0

ජයනාත් Wednesday, 09 December 2015 02:21 PM

රට යනතුරු ගොඩ දෙනෙකුට ඉවසුම් නැහැ. ඒත් ගියාට පස්සෙ මෙහෙදි වගෙ කන්න නැතිවුණාම ලංකාවේ කඩ හොයනවා. ලංකාවෙ අපිට තුනපහ ජාති නැතුව කන්න අමාරුයි.. (නි)

:       0       0

අබේරත්න Wednesday, 09 December 2015 04:54 AM

බී අනියන් කියන්නේ ලංකාවේ විතරයි. පරිප්පු වලට ඩාල් කියන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ විතරයි. ඒ වගේ තමයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 December 2015 01:30 PM

වික්‍රමට තව එක දෙයක් අමතකවෙලා. කෑලි මිරිස් ටිකකුත් දැම්මනේ. වෙලාවක නැවත හමුවෙමු වික්‍රම (නි)

:       0       0

හේමන්ත Wednesday, 09 December 2015 12:57 PM

ඉඳුනිල්, මම එහෙම කිවුවේ, අපේ ලංකාවේ අයට ලෙඩක් තියෙනවා, මොන දීපංකරේ ගියත් ලංකාවේ කෑම තමයි හොයන්නේ. විදේශයකට යන අනෙක් රටවල් වල අය ඒ රටේ කෑම තමයි කන්නේ, අපිට බැහැ. හැබැයි දිගටම යම් රටක ඉන්නවා නම් අපේ කෑම කන එක හොඳයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 December 2015 12:34 PM

මෙන්න මේ වෙලාවට තමයි ලංකාවේ කාන්තා රත්නෙක අගය දෙනෙන්නේ නැද්ද හා ? (අ)

:       0       0

වික්‍රම Wednesday, 09 December 2015 12:06 PM

පිටබැද්දර ජයා හදනවා හරි රසට උම්බලකඩ කෑලියි, බීලූනුයි, දෙහි,අමු මිරිසුයි දාලා කටගැස්මක් ඒ දවස් වල (නි)

:       0       0

කුමාර Wednesday, 09 December 2015 11:21 AM

නුවන් ඔබ හරියටම හරි (ම)

:       0       0

ඉනෝකා Wednesday, 09 December 2015 09:57 AM

බොහෝ දෙනා කාර්යාල වේලාවන්හීදී ,ලූනු , සුදුලුනු ආදී කෑම කෑවොත් එයින් නිකුත් වෙන සැර සුගන්ධය කතා කරන විට අනිකුත් අයට දැනේවි කියලා සිතනවා නේද..?මේ මහතාට නම් ගණනක් නැහැ වාගෙයි. (බ)

:       0       0

ඉඳුනිල් Wednesday, 09 December 2015 09:28 AM

හේමන්ත ඔබ හරියටම හරි (බ)

:       0       0

හේමන්ත Wednesday, 09 December 2015 08:05 AM

දේසේ හැටියට වාසේ කළොත් නේද සන්තෝසේ? (නි)

:       0       0

නුවන් Wednesday, 09 December 2015 06:12 AM

මේක නම් සහතික ඇත්ත වෙන්න ඕනෑ. මොකද අපිත් එක්ක වැඩකරන බංග්ලාදේශ් කම්කරුවෝ කරන ඒවා දැක්කහම තේරෙනවා. ඒ කට්ටියට තේරෙන විදිහට කතා කරලා අපිටත් දැන් ඉංග්‍රීසි අමතකවෙලා. (නි)

:       0       0

මහේෂ් Wednesday, 09 December 2015 05:42 AM

වේටර් මල්ලි නියම වැඩක් කරලා තියෙන්නේ (ම)

:       0       0

වරුණ Wednesday, 09 December 2015 04:54 AM

බංගලාදේශයේ තිබෙනවා මී මැස්සන්ගෙන් හදන ලූනු සම්බෝලයක්. හරිම රසයි. මී වද වල පිලා කුහර පිලව් පිටින්ම අරගෙන ලූනු දාලා හදන්නේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site