රෝගියා පැවසූ වදනින් වෛද්‍යවරයා නිරුත්තරවීමේ පුවතක් වයඹ පුරවරයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
වයඹ පුරවරයේ ප්‍රසිද්ධ නගරයක රාජ්‍ය සේවයේ නියැලී සිටි අයෙක් හදිසියේ නැගිට ගැනීමේ අපහසුතාවයකින් පසු වූ නිසා ඔහු නිවාඩු ලබා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි තම නිවහන කරා ගොස් ඇත. එම රෝගී තත්ත්වය තවත් උත්සන්නවීම නිසා සිරිලක රෝහල් අතර ප්‍රසිද්ධියක් උසුලන රෝහලකට ඔහු ගොස් ඇත්තේ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර මත හෝ එය නිට්ටාවට සුවකර ගැනීමේ අධිෂ්ඨානයෙන් යුතුවය.
එසේ ගිය පසුව පළමුව රෝගියා සායනයේ ලියාපදිංචි කොට ඊට අදාළ පොතක් ද රැගෙන රෝගියා ඉන් අනතුරුව පෝලීමේ රැඳී සිට විශේෂඥ වෛද්‍යවරයකුගේ පරික්ෂාවට ලක් කෙරුණි.
රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරයා රුධිර පරික්ෂාවක් කරගෙන එන ලෙසට රෝගියා දැනුවත් කර ඇත.
ඒ අනුව ඔහු පෞද්ගලිකව මුදලක් ගෙවා පරික්ෂණය සිදුකරගන දින කිහිපයකට පසුව ලද ප්‍රතිඵල වාර්තාවත් රැගෙන නැවතත් අදාළ වෛද්‍යවරයා හමුවීමට වෙනත් දිනයක සායනය සඳහා ගොස් තිබේ.
වෛද්‍ය වාර්තාව පරික්ෂාවට ලක් කළ වෛද්‍යවරයා රෝගියාගේ කොඳු ඇට පේළියේ තිබෙන යම් රෝගීතාවක භයානකකම තේරුම් කර දී එය සුවකර ගැනීමට කඩිනමින් එන්නත් හයක් ද්‍ිය යුතු බවත්, ඒ එකක මිල රුපියල් ලක්ෂයක් වන නිසා එන්නත් හයට ලක්ෂ හයක් පෞද්ගලිකව මිල දී ගත යුතු බවත් රෝගියාට පැවසීය.
රෝගියා එවැනි මුදලක් වැයකර එන්නත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් තිබේ ද කියා විමසීය.
‘‘සමහර විට හරි යයි. හරි ගියේ නැත්නම් ආයෙත් සැත්කමක් කරන්න වෙනවා’’ වෛද්‍යවරයාගේ පිළිතුරු විය.
‘‘සැත්කමකින් පස්සෙ ලෙඩේ නිට්ටාවට සනීප වෙයිද?’’ රෝගියා නැවතත් ප්‍රශ්න කළේය.
‘‘සමහර විට හරියන්නත් පුළුවන්, සමහරවිට වරදින්නත් පුළුවන්. වැරදුණොත් දිගටම ඔත්පලව ඉන්න වෙන්නේ’’ දොස්තර කීය.
ඒ සමඟම රෝගියා පුටුව පස්සට දමා නැගිට්ටේය.
‘‘සර්, මම යන්නම්. සර් සායන පොත තියා ගන්න. මට ඔය පොත එපා. මම ආයෙත් බෙහෙත් ගන්න සායනයට එන්නෙත් නෑ’’ යැයි කීවේය.
‘‘ඇයි? බෙහෙත් ගන්නේ නැතිව ඔයා මොකක්ද කරන්න හදන්නේ?’’ පිටත්ව යාමට සූදානම් වන රෝගියාගෙන් දොස්තර මහතා ප්‍රශ්න කළේය.
‘‘නැහැ සර්, මම ඔත්පල වෙනකම් ඉන්නම්. මම යන්නම්.’’ රෝගියා නික්ම ගියේය.
දොස්තර සායන පොතත් නැතිව නික්ම යන රෝගියා දෙස බලා සිටියේය.
රෝගියා එදා සිට මේ දක්වා එවැනි කිසිදු රෝගයකට ලක් නොවී තවමත් යහතින් සිටිනවාලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලෙඩාගේ උත්තරෙන් දොස්තරගේ කට ‘ලොක්’ වෙලා
fairoos Sunday, 28 March 2021 08:22 AM
මේක විහිලුවක් නෙමෙයි මේක තමයි දොස්තරලා හැමදාම කළේ