නවක නිලධාරිනිය තම ලේලිය කර ගන්නට සිතා සිටියත් ඇය විවාහයට තීන්දුවී සිටින බව දැනගත් ආයතන ප්‍රධානියකුගේ අඩන්තේට්ටම් ඉවසනු බැරිව නිලධාරිනිය මාරුවක් ඉල්ලාගෙන දුර බැහැර ගමකට ගිය පුවතක් එක්තරා ආයතනයකින් වාර්තා විය.
කඳුකර පෙදෙසක පිහිටි රජයට සම්බන්ධ ආයතනයකි. මෙහි සේවය කරන පිරිස කිහිප දෙනෙකි. මේ ආයතනයේ ප්‍රධානියා තලත්තෑනි වියේ පසුවෙන දෙදරු පියෙකි. නවක පත්වීමක්ද ලද හුරුබුහුටි පෙනුමැති තරුණියක් මෙහි සේවයට ආවාය. තරුණිය සේවයට පැමිණ දින දෙක තුනක් ගත වෙද්දී ආයතනයේ ප්‍රධානියාගෙන් ඇයට වැඩි සැලකිලි මෙන්ම උපදෙස් අවවාද අනුශාසනා ආදිය ද ලැබෙන්නට වුවේය. දුවේ යැයි කටපුරා කියන්නට ද මේ ප්‍රධානියා අමතක නොකළේය.
ඔහු සේවයට එද්දී නිවසේ හැදූ රසකැවිලි ආදිය ගෙනවිත් ඇයට දීමට ද අමතක නොකළේය. ප්‍රධානියාගේ වැඩි සැලකිලි ගැන අනෙක් සේවක පිරිසද ඇහැ ගහගෙන සිටියේ එනපොට හොඳ නැති බව කියමිනි. සති කිහිපයක් ගතවිය. සවස් කාලයට ප්‍රධානියාගේ පුත්‍රයා එන්නට පටන් ගත්තේ පියා සොයා එන බව හඟවමිනි. පුතා සේවක පිරිස සමඟ නිතර කතා බහට එක්වූයේය. එසේ සේවක පිරිසට එක්වූ පුතා පෙරකී තරුණිය හා වැඩි ඇසුරට යොමුවුයේය. සවසට එද්දී මේ පුතා චොක්ලට් කේක් ආදි රසකැවිලි ආදිය ගෙන එන්නට පුරුදු වූයේය.
එසේ ගෙන එන රසකැවිලි තරුණිය අතට දෙන්නේ පිරිස සමඟ බෙදා හදා ගන්නා ලෙස ඉල්ලමිනි. මෙසේ සිදු වෙද්දී පියා නොදැක්කා වගේ සිටියේය. මෙසේ කල් ගත වෙද්දී දිනක් ප්‍රධානියා තරුණිය ඇමතුවේය.
“දුවේ, දුවට මනමාලයෙක් එහෙම ඉන්නවද?”
ප්‍රධානියා එන්නේ හොඳකට නොවන බව තේරුම්ගෙන සිටි තරුණිය ගත් කටටම කීවේ බොරුවකි. මගේ අම්මා ගමේ කෙනෙක් කතා කරලා තීන්දු කරලා ඉන්නේ ළඟදීම බඳිනවා ඇය කීවාය.
ඇත්තදැයි කී ප්‍රධානියා සුසුමක් හෙලුවේය. පසුදා සිට ඔහුට මේ තරුණිය පේන්න බැරිය. නැති වැරදි පවා හොයමින් බැණ වදින්නට පටන් ගත්තේය. සතියක් දෙකක් ඉවසූ තරුණිය මේ ගැටලුව ප්‍රධාන කාර්යාලයට දන්වා මාරුවක් ගෙන ගමින් දුර බැහැරට ගියේ නිදහසේ රස්සාව කරගෙන ඉන්නා අදහසිනි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොක්කාගේ යෝජනාවට බියවී කන්තෝරුවෙන් මාරු