X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ලොක්කෙකු වෙන්න ගිහින් රෙද්ද ගැලවිලා

තමා ලොකු ආයතනයක ලොක්කකු යැයි කියමින් ලොකුවට රඟපෑ  අයෙකුගේ රෙද්ද  ගැලවුණු පුවතක් දකුණේ නගරයකින් වාර්තාවේ.


 හේ ගමේ ආයතනයක අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළේය. එම ආයතනයේ  අධ්‍යක්‍ෂවරයකු වූ ඔහු තමා රටේ නමක් ගත් නගරයේ ලොකු හෝටලයක ලොක්කකු බව පවසමින් අධ්‍යක්‍ෂකම දැරූ ආයතනයේ ලොකු රඟපෑමක් කරමින් සිටියේය. ගමේ ආයතනයේ පොඩි සේවකයකු ඔහුට සර් නොකීවොත් ඔහුට පස්සෙන් පන්න පන්නා තරහ පිරිමහයි. මෙලෙස ඔහුගේ මේ රංගනය කාලයක් තිස්සේම ගෙන ගියේය.


 මේ අතරවාරයේදී ඔහු අධ්‍යක්‍ෂකධූරය දරන ගමේ ආයතනයේ සනීපාරක්‍ෂක කම්කරුවෙකු නගරයේ පැවති හෝටලයක විවාහ මංගල උත්සවයට සහභාගි වූයේය. එහි ගොස් ටික වේලාවකින් හෝටලයේ වේටර්වරයකු පැමිණි පිරිසට සිසිල් බීම අල්ලන්ට පටන්ගෙන  තිබිණ. තමා හොඳින් දැක පුරුදු වේටර් කෙනෙකු සිසිල්බීම අල්ලනු දුටු ඒ පිළිබඳව තවත් විමසිලිමත් වුවේය.


තමා සේවය කරන ආයතනයේ අධ්‍යක්‍ෂවරයාගේ මුහුණට මේ වේටර්වරයාගේ මුහුණ බොහෝ දුරට සමාන වුවත් ඔහුට  ඒ ගැන සිතීමටවත් සිතට ඉඩක් නොදුන්නේ තමාගේ අධ්‍යක්‍ෂවරයා හෝටලයක ලොක්කකු යයි මුලු ආයතනයේම ප්‍රචලිතවී තිබීම නිසාය.


මේ වේටර්වරයා ක්‍රම ක්‍රමයෙන් සිසිල්බීම අල්ලමින්  මේ  සනීපාරක්‍ෂක කම්කරුවාටද සිසිල්බීම ඇල්ලීමට පැමිණියේය. දෙදෙනාගේම දෙනෙත් එක ලෙසම  විනාඩියක්  දෙකක් පටලැවී ගියේ දෙන්නට දෙන්නා හඳුනා ගැනීමත් සමගය. හනේ මේ අපේ සර්නේ සනීපාරක්‍ෂක  කම්කරුවා කීවා නොව කියැවිණි. මුවින් කිසිවක් නොකියා හනි හනිකට අඩියට දෙකට එතනින් ඉවත් වූ මේ වේටර්වරයා ඉන් පසු සිසිල්බීම ඇල්ලීමට තියා වෙන කිසිම දේකට ඒ පැත්ත පළාතටවත් නොආවේය. 


ඒ විතරක් නොව ඔහු ගමේ ආයතනයටද අධ්‍යක්‍ෂක කමේ ලොකුකම පෙන්වීමටද  මින්පසු නොආවේය. සනීපාරක්‍ෂක කම්කරුවා තමාට අත්විදින්නටවූ මේ  අත්දැකීම ආයතනය පුරාම  විදුලි වේගයෙන්  පැතිරී ගියේය. 
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

 



අදහස් (0)

ලොක්කෙකු වෙන්න ගිහින් රෙද්ද ගැලවිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site