X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


ලොතරැයි දිනුම වසං කළාට නෑනලා දෙන්නා විරසක වෙලා

එක ළඟ ගෙවල් දෙකක එකටම හැදුණු වැඩුණු මේ දෙදෙනා ඥාතිත්වයෙන් නෑනලා වුවත් ඔවුන් අතර තිබුණේ දැඩි මිත‍්‍රත්වයකි. දෙදෙනාම ගමන් බිමන් ගියේද එකටමය. එසේ ගිය ගමනකදී එක් අයකු රුපියල් විස්සක ලොතරැයි ටිකට්පතක් ගත්තත් ඇය අත වූයේ රුපියල් දහයක මාරු සල්ලි පමණකි.
මෙය දැනගත් නෑනා ඇයට තම අත වූ රුපියල් දහය දුන්නේ කැමැත්තෙනි. පසුව ඒ මුදල අනෙකා දුන්නත් ”පිස්සුද” කී ඇය පසුව විහිළුවට කීවේ ” ඕක ඇදුන දවසක දෙකට බෙදා ගනිමු” කියාය.
තම නිවෙස අසලින් ගිය ජංගම ටිකට්පත් වෙළෙන්දකුගෙන් පසුදා ටිකට් පත පරීක්ෂා කළ විට ඇය මවිත වූයේ එම ටිකට්පතට රුපියල් විසිදහසක ජයක් තිබූ නිසාය.
වහාම සිය නෑනා හමුවූ ඇය එදාගත් රුපියල් දහය බලෙන් මෙන් ඇයට දී ආවත් ටිකට් පත ජය ගැනීමේ පුවත ගම පුරා යාමත් සමඟ කිරි පැණි මෙන් සිටි මේ දෙදෙනා දැන් නයා පොළඟා වගේලූ.



අදහස් (0)

ලොතරැයි දිනුම වසං කළාට නෑනලා දෙන්නා විරසක වෙලා

විපුල් Monday, 03 June 2013 11:53 PM

ඔය පණ්ඩිතකම් කියන කට්ටියට ඔය වගේ දිනුමක් ඇදුනත් ඔයගොල්ලොත් කරන්නේ ඔය දේම තමයි. මොකද දෙකට බෙදාගනිවිද ? (නි)

:       0       0

අනුර දිසානායක Saturday, 08 June 2013 10:17 AM

මුදලට වඩා මිනිස්කම වටිනවා. ඔයාලා දෙන්නා නැවත මිත්‍ර වන්න (නි)

:       0       0

රුවිනි Saturday, 08 June 2013 04:20 AM

බලන්න මිනිසුන්ගේ මනසෙහි තිබෙන කුහකකම නේද මෙයින් ඔප්පුවෙන්නෙත්? දෙන්න මේ මුදල සතුටින් බෙදාගත්තා නම් ඉස්සරහට කොයිතරම් විශ්වාසයක් ගෙනදෙනවද? අද රුපියල් 10000 මොකක්ද? (නි)

:       0       0

බන්දුල මාපලගම Wednesday, 05 June 2013 10:53 PM

අපරාදෙ නෑනා. රුපියල් ශතට වානා. ඉවසන්න ඕනා.(නදී)

:       0       0

මංජු Wednesday, 05 June 2013 05:35 PM

අපරාදේ ඔය දිනුම ඇදුනේ දෙන්නත් තරහ උනානේ ඕක නිසා.(නදී)

:       0       0

රුවන් Wednesday, 05 June 2013 02:37 PM

ඵහෙම වෙච්ච එක හොදයි මස්සිනා.  නැත්නම් මේ  දෙන්නා  එකතු වෙලා අපි දෙන්නත් විකුනලයි පස්ස බලන්නෙ මස්සිනා.(නදී)

:       0       0

මනෝජ් Wednesday, 05 June 2013 12:00 AM

අපේ රංජනී අක්කා වැඩ කරන්නේ ක්ලබ් එකකද ? (නි)

:       0       0

හේරත් Tuesday, 04 June 2013 11:59 AM

අනේ සල්ලි අමතක කොරල දාලා නෑනලා දෙන්නා හොඳින් ඉන්නකෝ. මස්සිනාලා දෙන්නටටම පපුවේ අමාරු නොහදා. අමතක කොරලමු පැරණි කතා එක්වෙමු පවුලේ දියුණ පතා. (නි)

:       0       0

පද්මිණී Tuesday, 04 June 2013 10:41 AM

රු 10 කින් නෑනගේ හැටි දැනගන්ට ලැබුණු එකම ජයක් නෙමෙයිද?(නදී)

:       0       0

සම්පත් Tuesday, 04 June 2013 09:14 AM

දෙයියෝ සාක්කි

:       0       0

රොෂාන් Tuesday, 04 June 2013 07:21 AM

කොයි පැත්තෙ වුනත් මොකද මේ ලංකාවනේ (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 02:40 AM

ඒ අවාසනාවන්ත නෑනට ඕනෑ නම් පුළුවන් ගිවිසුම් නීතිය යටතේ නඩු දාලා තමන්ට හිමි මුදල ලබාගන්න. හැබැයි ඉතින් වැඩක් නැහැ. ඒ 10000 අන්තිමට නවතින්නේ පෙරකදෝරු මහත්තය අතෙයි. (නි)

:       0       0

චන්දා Tuesday, 04 June 2013 01:41 AM

නිල්මිණි හරි. ඒ පැත්තේ වැඩක් තමයි. සුනාමිය කියයි පාර. (නි)

:       0       0

චන්දි Tuesday, 04 June 2013 01:06 AM

පව් රුපියල් 1000ක් හරි දෙන්නනේ තිබුනේ. තණ්හාව නිසා නෑකනුත් ඉවරයි යාලුකමත් ඉවරයි නේද? (නිල්මිණි කියන්නේ කොයි පැත්තේ කියලද මට ආසයි දැන ගන්න ප්ලීස් ) (නි)

:       0       0

රංජනී Tuesday, 04 June 2013 12:52 AM

මෙය සත්‍ය සිදුවීමක්. ලංකාවෙ නම් නොවේ එංගලන්තේ. මම වැඩ කරන ක්ලබ් එකට ගැහැණු දෙන්නෙක් එනවා. ගේම් එකකින් එයාලා ලොකු ගාණක් දිනුවා. හරියටම මේ සල්ලි දෙන්නා දෙකට බෙදා ගත්තනේ. අපි හැමෝටම පුදුම හිතුනා.මෙන්න නියම යාලුවෝ. (නි)

:       0       0

සමන් Monday, 03 June 2013 09:48 AM

'ඉට් කුඩ් හැපන් ටු යූ' සිනමා පටය නරඹන්න. (නි)

:       0       0

ගාමිණී-සිරි Monday, 03 June 2013 09:57 PM

නංගී , රුපියල් 10 ට ස්වීප් ටිකට් නැහැ.10 ක් දුන්න නිසා 10,000/- දීම යුතුකමකි. බැරිවෙලාවත් කෝටි 2 ක් ඇදුනානම් ,මිනිත් මරාගනී.නෑණා අමනාප නම් මට දෙන්න. මම ගිහින් දෙන්නම් !! (නි)

:       0       0

ලලිත් Monday, 03 June 2013 08:10 PM

සල්ලිත් එක්ක සෙල්ලම් නැහැ නංගිලා. (නි)

:       0       0

අජිත් Monday, 03 June 2013 07:42 PM

රුපියල් 20000 කට. (දී)

:       0       0

සමන් පෙරේරා සෞදි Monday, 03 June 2013 05:20 PM

දැන් ලංකාවේ නෑනා - නෑනා වෛරයකුත් දිගටම පටන් ගනීද දන්නේ නැහැ. ඕක තමා කියන්නේ හවුලේ කැඳවත් එපා කියලා (නි)

:       0       0

සරත් Monday, 03 June 2013 03:52 PM

භාගයක් දුන්නම ඉතුරු ටික මදිනේ. ඒකයි 10 දුන්නේ. (නි)

:       0       0

අනුර Monday, 03 June 2013 03:06 PM

ඔන්න සල්ලි නිසා තිබුණු හිතවත්කමක් ඉවර වුණ හැටි (නි)

:       0       0

ආනන්ද Monday, 03 June 2013 02:09 PM

ඇත්ත විරසක වෙන්න වටිනවා (දී)

:       0       0

පහන් Monday, 03 June 2013 01:51 PM

දයා එහෙම නෙමේ බොක්ක කෑවත් එකට වෙනස්.(නදී)

:       0       0

නිල්මිණි Monday, 03 June 2013 01:45 PM

සුවර් එකටම අර පැත්තේ සිදුවීමක් වෙන්න ඇති.(නදී)

:       0       0

පුෂ්පා Monday, 03 June 2013 01:20 PM

සල්ලි තමයි මේ ලෝකය විනාශ කලේ (දී)

:       0       0

ඉසාම් Monday, 03 June 2013 12:22 PM

අතීතය ඉදලා ඔහොම දේවල් ලංකාව වෙනවා.(ස)

:       0       0

දයා අලහකෝන් Monday, 03 June 2013 11:37 AM

එකට කෑවත් බොක්ක වෙනස්ලුනේ. (ස)

:       0       0

ශශීමාල් Monday, 03 June 2013 11:11 AM

ඔයා හරි වරුණ. (නි)

:       0       0

වරුණ Monday, 03 June 2013 09:48 AM

මුල අමතක වීමේ රෝගය ලාංකිකයන්ට ජානවලින් එන දෙයක් .මේරට මෙතරම් අරාජික වීගෙන යන්නෙත් සියල්ලන්ට මුල අමතක වීම නිසයි මේ නැනල දෙන්නගේ කතාව එක උදාහරණයක් පමණයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site