නිකවැරටිය ප්‍රදේශයේ ගම්මානයක පැවති භාණ්ඩ සල්පිල් වෙන්දේසියකදී උපදේශාත්මක වැකියක් රුපියල් 250/=ක මුදලකට වෙන්දේසිවීම පිළිබඳ වූ රසවත් පුවතකි.
එම ගම්මානයේ අවමංගල්‍යාධාර සමිතියේ අරමුදල තරකර ගැනීම සඳහා දෙබස් කථන මුද්‍රා නාට්‍යයක්ද සමග මෙම භාණ්ඩ සල්පිල් වෙන්දේසිය පැවැත්වුණේ ගමේ ප්‍රජාශාලා භූමියේය. අදාළ දිනයේ වෙන්දේසිය ආරම්භ කෙරිණි. ඒ වනවිටත් අති විශාල ජනකායක් එම ස්ථානයට පැමිණ සිටියහ. සල්පිල් වෙන්දේසිය මෙහෙයවනු ලැබුවේ ප්‍රදේශයේ දක්ෂ හිටිවන කවියෙකි.
රසබර කවිද සමග වෙන්දේසිය කරනු ලබමින් සිටින අතරතුර සංවිධායක මණ්ඩලය වෙන්දේසිය සඳහා ඔහු වෙත ලබා දුන්නේ ලියුම් කවරයකි.
”මෙය ගත් කෙනකුට ලක්ෂපතියෙක් විය හැක” යනුවෙන් කවරයේ පිටපැත්තේ ලියා තිබුණේ ලස්සන අත් අකුරෙනි. එහි ලියා තිබූ දෙයද කියවා ලියුම්කවරය වෙන්දේසි කිරීම අරඹන ලද අතර එහි සිටි සෑම දෙනාම සිතුවේ කවරය තුළ ලොතරැුයි පත් කිහිපයක් ඇතැයි කියාය.
ලියුම් කවරය රුපියල් 250ක මුදලකට වෙන්දේසි විය. එම මුදලට එය ඉල්ලූම් කර අදාළ මුදල ගෙවා ලබාගත්තේ මධුවිත තොල ගා හොඳ පමණට සූර්වී එහි පැමිණ සිටි එම ගමේම පුද්ගලයෙකි.
ගතවූයේ සුළු මොහොතකි. එම පුද්ගලයා සංවිධායක මණ්ඩලය වෙත පැමිණ කියා සිටියේ ලියුම් කවරය තුළ ඇත්තේ කුඩා කොළ කැබැල්ලක් පමණක් බවත් තමා ගෙවූ මුදල ආපසු ලබාදෙන ලෙසත්ය.
කවරය පරීක්ෂා කිරීමේදී සංවිධායක මණ්ඩලයටද දැකගත හැකි වූයේ එහි කුඩා කඩදාසි කැබැල්ලක් පමණි. ”අද කළ යුතු වැඩය හෙටට කල් නොදමනු” යනුවෙන් එහි ලියා තිබිණි.
වහාම කි‍්‍රයාත්මකවූ සංවිධායක මණ්ඩලය එම පුද්ගලයාගේ මුදල ගෙවා ඔහු පිටත්කර යැව්වේ මහත් කලබගෑනියක් ඇති කිරීමට පෙරය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වචන 7 ක ඔවදනක් රු. 250 කට වෙන්දේසිවෙලා
සරත් Friday, 26 April 2013 11:45 AM
හරියටම ක්‍රියාත්මක කලොත් ලක්ෂෙකට වඩා පුළුවන්.(නදී)
වරුණ Friday, 26 April 2013 12:38 PM
ඕවා මොනවද අනේ? ලංකාවේ ඉන්න සමහර උපදේශකවරු කිසි වැඩක් නොකර ගෙදර ඉදගෙන මාසෙකට ලක්ෂ එකහමාර දෙක පඩි ගන්නේ. (නි)
ගාමිණී සිරි Friday, 26 April 2013 09:25 PM
" අද කළ යුතු වැඩය හෙටට කල් නොදමනු" මේ උපහැරණය කෙලින්ම වටහා ගත යුතුයි. (නි)
අජිත් කරුණාරත්න Saturday, 27 April 2013 07:51 AM
අපේ අය නම් අද කළ යුතු වැඩ හෙටට කල් දාන්නේ නැහැ. දැක්කනේ ලයිට් බිල වැඩි කළ හැටි. (නි)
දයා Saturday, 27 April 2013 01:10 PM
මේ ඔවදන දෙසිය පනහක් නෙමෙයි, කෝටියක් වටින එකක්. (නි)
හේවාවිතාරණ Sunday, 28 April 2013 01:30 AM
පනින්න පෙර එබී බලනු! (නි)
චානක Monday, 29 April 2013 04:54 PM
බීලා වුණත් එයා කිව්ව දේ හරි (නි)
පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:05 PM
ඒ ගානට වටිනවා වචන ටික වුණත්. මුග්ධ මිනිසාට හරි වැරැද්ද වටහා ගැනුමට බැරිය (නි)