(වියලුව වාර්තාකරු)
රෝහලක දී මියගිය අයකුගේ මළ සිරුරක් නිවෙස වෙත ගෙන ගොස් බාරදීමට පොරොන්දු වූ මල් ශාලාවක පිරිසක් එම මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළ බව දැනගෙන මෘත දේහයේ හිමිකරුවන්ට ද නොදන්වා මහ රෑම හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
මියගොස් සිටියේ නිදන්ගත රෝග කීපයකින්ම පෙළුණු ගම්බද ප්‍රදේශයක සිට නගරයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූ වියපත් පුද්ගලයෙකි.
පවත්නා කොරෝනා නීතිරීතිවලට අනුව ඔහුගේ මෘත දේහය නිදහස් කිරීමට පෙර කොරෝනා රෝගය හඳුනා ගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබිණි.
අදාළ පරීක්ෂණ සිදුකරන තෙක් මියගිය පුද්ගලයාගේ ඥාතීහු මළ සිරුර ගමට රැගෙන යෑම සඳහා රෝහලට යාබදව තිබූ ශාලාවකට ගොඩවී එම කටයුත්ත ඔවුන්ට භාර කරන ලද්දේ ඒ සඳහා වැය වන ගණන් මිනුම් පිළිබඳව ද සාකච්ඡා කරමිනි.
මෘත දේහය නිවෙසට රැගෙන ගොස් එහි සියලු කටයුතු සිදු කර දීමට බාරගත් මල්ශාලාවේ පිරිසක් ද මෘත ශරීරාගාරය අසලටම වාහනය ගෙනැවිත් රැඳී සිටියේ මෘත දේහය තමුන්ට ලැබෙන තෙක්ය.
එහෙත් මෘත දේහය ලැබීම තරමක් ප්‍රමාද වීම නිසා ඊට හේතුව සොයා බැලීමට මල්ශාලාවේ පුද්ගලයකු මෘත ශරීරාගාරය වෙත යද්දී ඔහුට දැන ගන්නට ලැබුණේ අදාළ මළ සිරුර පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කරන තෙක් නිදහස් කිරීමට හැකියාවක් නොමැති බවය.
‘‘කොරෝනා’’ යන වචනය ඇසීමෙන් පවා බියට පත්වන සිය සගයා ද රැගෙන තමන් පැමිණි වාහනයෙන් වහාම එම ස්ථානයෙන් මාරු වූයේ කටයුත්ත බාර කළ පුද්ගලයාට ද නොදන්වමිනි.
කෙසේ වෙතත් මල් ශාලාවේ පිරිස අතුරුදන්ව ඇති බව දැනගත් පිරිස යළිත් මල්ශාලාවට ගොස් මළ සිරුර රැගෙන යාමට පැමිණෙන ලෙස ඉල්ලීම් කළ ද ඊට දැඩිව අකමැත්ත පළ කළ මල් ශාලාවේ පිරිස වෙනත් ස්ථානයකින් එම කාර්යය ඉටු කර ගන්නැයි ඥාතීන්ට පවසා සිටියේ ඔවුන් දැඩි අපහසුතාවකට පත් කරමිනි.
ඊට තරමක් යාබදව පිහිටි මල් ශාලාවකට ගිය පිරිසට පෙර කී මුදලටත් වඩා අඩුවෙන් එහි හිමිකරු එම කටයුත්ත ඉටුකර දුන්නේ ඔවුන් පත්ව සිටි අසරණකම ද සැලකිල්ලට ගනිමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වචනයකට බයවෙලා අතට ආ සල්ලිත් අත ඇරලා