වන්දනා ගමනක් යාමට සූදානම් වූ පිරිසක් තමන් වන්දනාවේ යන බසය පැමිණියා යැයි සිතා කලබලවී පාරේ ගමන් කරන වෙනත් බසයකට රැවටී වන්දනාවේ රැගෙන යාමට ගෙනා බඩු බාහිරාදියද එම බසයට පටවාගෙන මඳ දුරක් එහි ගමන් ගත් සිදුවීමක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධිය සැකවින් මෙසේය. මෙම පවුලට තමන්ගේ ඥාතීන් පිරිසක් වන්දනා ගමනක් යාමට යෝජනාවක් කළහ. ඒ අනුව එම යෝජනාවට මේ පවුලේ අය එකඟ වී වන්දනා ගමන සූදානම් වූහ.
දින කිහිපයකට පසු යොදාගත් වන්දනා ගමන යන දිනය උදාවිය. ඥාතීන් පිරිස සමඟ මෙම පවුලේ දරුවෝ සිවුදෙනෙක් මව පියා සමඟ මෙම ගමනට එක්ව සිටියහ. ඔවුහු වෙනදාට වඩා උදෙන් අවදි වී වන්දනා ගමනට රැගෙන යාමට අවශ්‍ය බඩු බාහිරාදිය ද ලෑස්ති කරගෙන ඥාතීන් පිරිස බස් රථයෙන් තමන්ගේ නිවස අසලට එනතුරු මාර්ගය අසලට වී බලා සිටියහ.
සුපුරුදු පරිදි බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ල දක්වා දිවෙන පාන්දර බස් රථය මේ මොහොතේ ගමන් වාරය ආරම්භ කළේය. එම බස් රථය මෙම පිරිසගේ නිවස අසලට ළඟා වෙමින් තිබුණි. ඒ බස් එකේ හඬ ඇසී වන්දනාවේ යාමට සූදානම්ව සිටි පිරිස මාර්ගයට දුවගෙන ඇවිත් එම බසය නතර කළහ. පසුව ඔවුහු එකින් එක තමන් වන්දනාවේ රැගෙන යාමට සූදානම් කර ගත් බෑග්, වතුර කෑන් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දෑ බසයට පටවා වාඩි වූහ. මේ සියලු බඩු ටික පැටවීමෙන් පසු රියදුරු මහතා ගමන ආරම්භ කළේය.
පිරිස බස් එකට නැග කිලෝමීටරයක් පමණ ගිය පසු බසයේ කොන්දොස්තර මහතා ටිකට් ගැනීමට පිරිස වෙතට ගියේය. “ඔයාලා කොහොමද මේ ටිකට් ගන්නේ” යැයි ඇසීය. අපි ටිකට් ගන්නේ ඇයි අහවල් වන්දනාවේ අපි යන්නෙ යැයි පිරිස කීහ. කොන්දොස්තර මහතා අපි මේ උදේ කෑගලු යන බස්එක ඔයාලට වැරදිලා වෙන්නැති මේකට ගොඩ වුණේ යැයි කීය.
(බුලත්කොහුපිටිය රවීන්ද්‍ර වෙලගෙදර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වන්දනා බසය වැරැදී වෙනත් බසයකට නැඟලා
අබය Tuesday, 30 August 2016 09:54 PM
මේක නම් ඇත්තටම හිනායන වැඩක්...... (නි)
චතුරි Wednesday, 31 August 2016 01:34 AM
පුදුම කොන්දොස්තර කෙනෙක්නේ, මෙපමණ බඩු පටවනකම් බලාහිටියේ. ඊටත් වැඩිය පුදුමේ වන්දනාවේ යන කට්ටිය. (නි)
රූපවති Wednesday, 31 August 2016 09:11 AM
අනේ ඔය බස් එකට අපේ. පිටබැද්දර ජය මහත්තයත් ගොඩවෙලාද කියල බලන්න. (ර)
නන්දි - ඩුබායි Wednesday, 31 August 2016 09:58 AM
නුතන ශ්‍රී ලංකික ජනතාව ගැන කදිම උදාහරණයක්. යන්නේ කොහෙද? මොනවද කරන්නේ? කිසිම විචාරයක් නැහැ. අපි වගේ අවසිහියෙන් වැඩ කරන රටක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති .(ම)
මහේෂ් ඩුබායි Wednesday, 31 August 2016 11:53 AM
අනේ මන්ද අපේ මේ රුපවති නෝනා. පිටබැද්දර ජයාත් එක්ක එල්ලෙන එකමයි වැඩේ . නයයි මුගටියයි වගේනේ....(බ)
අබය Wednesday, 31 August 2016 10:24 PM
නන්දිගේ කතාව ප්‍රතික්ෂේප කරන්න වගේම නැහැ කියන්නත් අමාරුයි..... (නි)
වික්‍රම Thursday, 01 September 2016 05:25 AM
එතකොට බස් එකේ තමන් සමඟ වන්දනාවේ යන්න සූදානම් වූ ඥාතීන් නැති බව කිලෝමීටරක් යනතුරුම දැක්කේ නැද්ද? (නි)
ෂශී Thursday, 01 September 2016 07:36 AM
චතුරි ඔයා බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ලට යන බස් එකක ගිහින් බලන්න . ඔයාට පිළිතුර ලැබේවි . බඩු පටවනකම් නෙවි මුණ කට හෝදගෙන බත් කාල එනකම් බස් එක පාඩුවේ ඉදිවී (බ)
අරුණ Thursday, 01 September 2016 11:14 AM
ඔච්චර සිහිය නැතිවුණාම ඇති (නි)
සමන් ප්‍රියන්ත Thursday, 01 September 2016 11:15 AM
ඕක මොකද්ද. මම කටුනායකදී දිල්ලි යන යානාව මාරුවෙලා කරච්චි යන එකට නැග්ගේ.
අනුර Friday, 02 September 2016 12:12 PM
අර අපේ දේශපාලකතුමෙකුට වුණ වැඩේම තමා මේ කට්ටියට වෙලා තියෙන්නේ (නි)
ෂෙරිෆ් Friday, 02 September 2016 03:57 PM
කරුවලේ ජරමරේ! (නි)
අනුරාධ Saturday, 03 September 2016 03:34 AM
සමන් ප්‍රියන්ත,නියමයි.\"බොම්බේ කමින් කලකට ගොයින්\"(රේ)