X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


වඳින්න ගිය දේවාලය කඩහිමියාගේ හිස මත

කඩ කුලී නොදී පැන ගොස් සිටි අයකුගෙන් කඩ කුලී ඉල්ලීමේදී කඩ හිමියා තම බඩු මුට්ටු සොරා ගත්තා යැයි ලක්‍ෂ දහයක වන්දියක් ඉල්ලා කඩ හිමියාට එරෙහිව පොලිසි යෑමේ සිද්ධියක් කොස්ගොඩ පොලිස් වසමෙන් වාර්තා විය.

කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ප‍්‍රදේශයේ කඩ කාමර කීපයක් ආපනශාලාවක් පවත්වාගෙන යාම සඳහා කඩ හිමියා පිටස්තර අයෙකුට බදු දී තිබුණි. ආරම්භයේදී කඩ කුලිය නියම ලෙස ගෙවූ මුත් පසුව එය මග හරින්නට විය. හිටිහැටියේම ආපන ශාලාව පවත්වාගෙන ගිය අය මාස ගණනක කඩ කුලිය නොගෙවා කඩය වසා දමා අතුරුදන්විය. මේ නිසා කඩ හිමියා ආපන ශාලාවට සීල් තබා ඉබි යතුරු දැමීය. වසරක් වැනි කාලයක් බලා සිට යළි කඩයේ දොර ගුල විවෘත කළ කඩ හිමියා එය අලූත්වැඩියා කොට වෙනත් අයෙකුට ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා කුලියට දී තිබේ.

මෙය ආරංචි වූ වහාම පොලීසියට පැමිණි ආපන ශාලාව කලින් පවත්වාගෙන ගෙන ගිය කඩකාමර කුලිය නොදී මග හැරී අය කඩ හිමියාට එරෙහිව බොරු පැමිණිල්ලක් කොට ඇත.

ආපන ශලාවේ තිබූ තමාට අයත් උපකරණ හා බඩු භාණ්ඩ ලක්‍ෂ දහයක පමණ දේපොළ කඩ අයිතිකරු සොරාගෙන ඇති බවත් ඒ සඳහා ලක්‍ෂ දහයක වන්දියක් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.

මෙම කඩ පෙළ අයිතිකරුවන් පොලීසිය ඉදිරියේ සැබෑ තත්ත්වය හෙළිකර සිටියදී කඩකුලි නොදී මඟ හැරි අය නිරුත්තර වී ඇති අතර ප‍්‍රශ්නය උසාවි නොගොස් ගොඩින් බේරා ගන්නැයි පොලිස් ස්ථානාධිපතිවරයා දෙපාර්ශවයටම උපදෙස් දී ඇත. කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (0)

වඳින්න ගිය දේවාලය කඩහිමියාගේ හිස මත

සෑම් Friday, 12 June 2015 10:10 PM

"බොරු පැමිණිල්ලක් දැමීම" කියන චෝදනාව උසාවි නොගිහින් ගොඩින් බේරාගන්න අවස්ථාව ලබාදීමෙන් මට නම් පෙනෙන්නේ පොලිසිය පක්ෂග්‍රාහී විදියට කටයුතු කරන බවයි. ගෙවල් කුලිය නොගෙවීම ගොඩින් බේරාගන්න ඉඩදිය හැකිවුණත් බොරු පැමිණිල්ලකින් පොලිසිය නොමඟ යවා යමෙකු අමාරුවේ දැමීමට තැත්කිරීම ගැන තීන්දුවක් දියහැක්කේ උසාවියට පමණයි. (නි)

:       0       0

ටිකිරි Saturday, 13 June 2015 05:28 AM

ඔය වැනි අවස්ථා වලදී කඩ හිමිය මුලින්ම පොලිසියේ පැමිණිල්ලක් දමල තිබුන නම් බොරු චෝදනා වලින් බේරෙන්න තිබුන (බ)

:       0       0

පහන් Saturday, 13 June 2015 05:42 AM

අපේ පුතාට මම පොලිස් නිලධාරියෙක්ව පෙන්නල්ල එයාගේ රාජකාරි කියල දුන්න .අපේ පුතා කියනවා ඒ පොලිස් නිලධාරියෙක් නෙමේ ලු .මම ඇහුව ඇයි කියල ?පුතා කියනවා කෝ ඉතින් බඩ ලොකු නැහැ නේ එයාගේ කියල .කොහෙන් ඉගෙනගෙනද මන්ද ? (අ)

:       0       0

අසාද් Saturday, 13 June 2015 06:35 AM

පොලිස්යත් නීතිය හරියට දන්නෙ නෑ (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 13 June 2015 12:43 PM

පොලිස් නිළධාරීන් පොඩි ඇඳුනුම් කමක් තිබුණොත් කවදාවත් සාදාරන විදියට ප්‍රශ්නයක් සමථයකට පත් කරන්නේ නැහැ , ඒ නිසාම මිනිස්සුත් දැන් පුරුදු වෙලා ඉන්නේ අඩුම තරමේ පලා බබෙක් ලවුව හරි කෝල් එකක් දෙල්ල පොලොසියට යන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site