(හික්කඩුව ඤාණදාස රන්මුතු)
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් මහදම් ඇති ගම්මානයකි. මේ ගම් පෙදෙසේ නිතර දෙවේලේ සැරිසරන වඳුරන්ගෙන් කිසිදු වගාවක් බේරා ගැනීමට හෝ නිවෙස්වල වහල සෙවිලි කොට තිබෙන උළු කැටයක් පවා බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට බොහොමයක් දෙනාට සිදු වී තිබේ.
මේ නිසා මේ ගම්මානයේ ගැවැසෙන වඳුරන්ගෙන් තම දේපළ රැක ගැනීමට බොහෝ දෙනා රතිඤ්ඤා දැල්වීම සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්වී තිබුණි.
මේ ගම්මානයේ අලුතින් ඉදිකරන ලද නිවෙසක් විය. වහලට සෙවිලි කර තිබුණේ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩුය.
නිතර දෙවේලේ ගැවැසෙන වඳුරන්ගෙන් මෙම නිවැසියන්ටත් විඳින්නට සිදු වූයේ සුළුපටු කරදරයක් නොවේ. වඳුරු කරදරයෙන් බේරීමට අනෙක් අය වගේම රතිඤ්ඤා පත්තු කර දමන්නට සිතූ නිවෙස් හිමියා රතිඤ්ඤා පෙට්ටියක්ම රැගෙන ආවේය.
එදින ද වඳුරු රංචුවක් පැමිණ සිය නිවෙසේ වහල මත කෙළි සෙල්ලමේ යෙදෙන්නට වූහ. වඳුරන්ට හොඳ පාඩමක් උගන්වන්නට සිතූ නිවෙස් හිමියා රතිඤ්ඤා කරල් කිහිපයක් දල්වා වහල මතට වීසි කළේය.
ඒ ශබ්දයෙන් බියට පත්වූ වඳුරු රැළ පැන ගියේ පස්ස නොබලාය. නිවෙසේ සියලු දෙනා මින් බොහෝ සේ සතුටට පත්වූහ.
“ආයෙ නම් ඕකුන් මේ පළාතට එන එකක් නැහැ” යි නිවෙස් හිමියා පාරම් බෑවේ මහ හඬින් සිනාසෙමිනි.
ගත වූයේ දින කිහිපයකි. මහා වර්ෂාවක් ඇදවැටෙන්නට විය. කවදාවත් නැති විදිහට වහලෙන් ගේ තුළට ගලා ආ ජලය දුටු නිවෙසේ හැම දෙනාම පුදුමයට පත්වූහ. ඇඳ පුටු පමණක් නොව නිවෙස තුළ තිබූ හැම බඩුවක් මුට්ටුවක්ම වර්ෂා ජලයෙන් තෙත් බරිත විය. පැයක් පමණ ගත වනවිට නිවෙසේ හැම අස්සක් මුල්ලකම ජලය රැඳී තිබුණි. කරගන්නට කිසිවක් නොවීය. සවස් වනවිට වර්ෂාව නතර විය. ගමේ තරුණ ගැටයෙක් ගෙන්වා වහල මතට නග්ගවා සිදු වූ දේ ගැන සොයා බැලීය.
වහලේ ෂීට් තුන හතරකම කකුලක් දමන්නට පුළුවන් තරමේ විශාල හිල් කිහිපයක් තිබෙන බවත්, කවුරුන් හෝ වහලට රතිඤ්ඤා දමන්නට ඇති බවත්, දැල්වීමෙන් පසු පත්තු නොවූ රතිඤ්ඤා කරල් කිහිපයක් ද වහල මත තිබෙන බවත් වහලට ගොඩ වූ තරුණයා නිවැසියන්ට කතා කොට පැවැසුවේය.
වඳුරන් එළවන්නට ගොස් සිදු වූ දෙය තේරුම් ගත් නිවෙස් හිමියා ඇස්බැස්ටෝස් ෂීට් හතරක් මිලට ගෙනැවිත් ඒ තරුණයා ලවාම වහල යළි සකස් කරගත්තේය. මේ සිද්ධිය දැනගත් නිවෙස් හිමියාගේ ඥාතීන් ඔහුට තවමත් මේ ගැන කියා විහිළු තහළු කරන බවත් දැනගන්නට ලැබුණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වඳුරන්ට උගන්නන්න ගිය ගෙහිමියාට පාඩමක්