වරෙන්තුකරුවකු වූ සිය සැමියා පොලිසියට හසු නොවී බේරා ගැනීමට ඇඳේ මෙට්ටය යට දිගාවී සිටින සැමියා පිටට නොපෙනෙනසේ ඔහුගේ ඇඟ උඩ නිදා සිටින භාර්යාවක පිළිබඳව පුවතක් කොස්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.
කෙනෙකුට කැති පහර එල්ල කිරීම සහ නිවසක් පොඩි කිරීම සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි වරෙන්තු කරුවෙකි. ඔහු කාලයක් තිස්සේ සිටම පොලීසිය මගහරිමින් සිටියේය. ඔහු සිය නිවසේ ඇතැයි යන්න පිළිබඳව නිවැරදි තොරතුරු පොලිසියට ලැබුණත් ඔහු ලෙහෙසියෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. නිවසේ ඔහු සිටිනවා යයි කී සැණින් පොලිසිය ඔහුගේ ගේ වට කළත් ඔහු අල්ලා ගැනීමට බැරිවූ වාර බොහෝය.
එදා කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජිත් ජයන්ත මහතා ඔහුගේ නිවස වට කළේ ලැබුණු තොරතුරකට අනුවය. ඒ අනුව ඔහුත් සමඟ ගිය පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසේ සෑම තැනම සෙව්වත් ඔහු සිටින ඉසව්වක් හෝ ඒ සඳහා හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය. සැකකරුගේ භාර්යාව වෙනදාමෙන් එදාද අසනීපවී කාමරයක ඇඳේ සිටියේ කෙඳිරි ගාමිනි. ඒ කාමරයට ගිය පොලිස් නිලධාරීන් සැමියා ගැන ඇහුවත් ඇය කීවේ තම සැමියා කාලයකින් ගෙදර නොආ බවය.
උකුසු ඇස් ඇති පොලිස් පරීක්‍ෂක විජිත් ජයතිලක මහතා ඇඳේ නිදා සිටින කාන්තාව අස්වාභාවිකව ඉහළ පහළ යනසේ ගැස්සෙනු දුටුවේය. මේ ගැන ඇතිවූ සැකය මත අසනීපවී සිටිනවා යයි කී කාන්තාවට ඇඳෙන් නැගිටින ලෙස විජිත් මහතා ඇයට කීවත් ඇය කීවේ තමාට ඇඳෙන් නැගිටීමට තරම්වත් සනීප නැති බවය.
තමන් සමග ගිය පොලිස් කාන්තාවක් මාර්ගයෙන් ඇය ඇඳෙන් බැස්සවූ විට කාලයකින් ගෙදර නොආ වරෙන්තුකරුවකු වූ ඇයගේ සැමියා ඇඳේ මෙට්ටය යට සිටිනු පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වූයෙන් මෙතෙක් කලක් සැකකරු නිවසේ සිටින බවට තොරතුරු ලැබුණත් සැමියාගේත් භාර්යාවගේත් මේ උපක‍්‍රමය නිසා ඔහු අත්අඩංගවට ගැනීමට නොහැකි විය.
පොලීසිය ආ සෑම දිනකම සැකකරු ඇඳේ තිබූ ඝනකම මෙට්ටය හාරා ඒ තුළට යන අතර ඔහුගේ භාර්යාව ඔහුගේ ඇඟ උඩ නිදා සිටිනුයේ ඔහුව පිටට නොපෙනෙන පරිදිය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වරෙන්තුකාර සැමියා පොලිසියෙන් බේරාගන්න බිරිය ඇඟෙන් වහගෙන
ජෙහාන් Monday, 07 December 2015 12:48 AM
මෙට්ටය අස්සේ සැමියා සොරකම් කරන හොර බඩු හංගන කාන්තාවනුත් ඉන්නවා. ඒ නිසා අනියම් අන්දමින් හෝ සැමියාට නීතිවිරෝධී හෝ සමාජවිරෝධි වැඩකට අනුබලදීම ගුණයහපත් භාර්යාවකගේ ලක්ෂණයක් නෙමෙයි. (නි)
නීලා Saturday, 05 December 2015 11:06 PM
ජයනාත්,චිත්‍රපටි වෙනයි, සැබෑ ජීවිතයේ සිදුවීම් වෙනයි. මෙතන ඕනෑම කතාවක ගැහැණුන්ගේ පැත්තම ගන්නේ නැතුව වැරැද්දට වැරදියි කියන්නත් හරිදේට හරියි කියන මිනිහා තමයි මට නියම පිරිමියෙක් වාගේ පෙනෙන්නේ. මෙහි එන කාන්තාව කී සැරයක් පොලිස් නිලධාරින් බොරුවෙන් රවටා ඇද්ද? (නි)
කෝනාර Sunday, 06 December 2015 01:29 AM
වරෙන්තුකාරයෙක්ව මෙට්ටය අස්සෙ තියාගෙන රකින්න බහැ කියලාවත් දන්නෙ නැති ස්ත්‍රියක්. දරුවො ඉන්නවා නම් ඒ දරුවන්ටත් වැරදි ආදර්ශයක්. නීතියට ගරුකරන්න ඉගෙනගන්න ඕනෑ ගැහැණු පිරිමි කවුරුත්. (නි)
සුරනි Sunday, 06 December 2015 03:49 AM
පිටබැද්දර ජයාට හිතට අල්ලන්නේ කාන්තා පුවත්මනේ. (නි)
සොපි Sunday, 06 December 2015 03:41 PM
පොලිසියට බාර වෙලා සහනයක් ලබා ගත්තනම් මීට වඩා හොඳයිනේ ... හැමදාම හැංගෙන්න බැහැනේ ...(බ)
නිශාන්ත Sunday, 06 December 2015 07:32 PM
අනේ මෙහෙමත් මෝඩ ගැහැණු? (නි)
මලික් Monday, 07 December 2015 12:09 AM
දැන් අපරාධ කරන්න අඹු සැමි ජෝඩු පිටින් එකතුවෙලා. ඒ නිසා සැමියාව පොලිසියෙන් බේරාගැනීම පති භක්තියේ ලක්ෂණයක් ලෙස හැඳින්වෙන්න මෙතන කරුණු කාරණා මදි. සැමියා හෙවත් හවුල් අපරාධකාරයා නැත්නම් තමන්ට කන්න බොන්න ක්‍රමයක් නැතිවෙන බව සමහර චෞර භාර්යාවන් දන්නවා. (නි)
කාන්ති Monday, 07 December 2015 12:23 AM
වරෙන්තුකරුවෙකු ආරක්ෂා කිරීම වැනි නීතිමය වරදක් සමස්ත කාන්තා පරපුරට වැරදි ආදර්ශයක්. (නි)
චාන්දනී Monday, 07 December 2015 12:29 AM
පිටබැද්දර ජයා , ඔය කලින් පුවතේදී පාඨක කාන්තාවන් බහුතරයක් අමනාප වුණේ මට තේරෙන හැටියට පිරිමි පාඨකයන් දෙන්නෙක් කාන්තාවන්ගේ වයස ඉලක්ක කරගෙන පොදුවේ ඔවුන්ව ඇමතූ නොමනා ආකාරයයි. එහෙම නැතුව පුවතේ බිරිය සැමියාට සැළකූ වැරදි විදිය අනුමතකළේ නැහැ. (නි)
මේනක Monday, 07 December 2015 12:37 AM
දැන් මේ පිටබැද්දර ජයාගේ බවලතුන් සමග පැටළෙන ලෙඩේ ඉස්සර තිබුනේ පිවිතුරු යහපාලට. අනේ මන්දා වයසේ වැරැද්දක්ද කියලා. (නි)
මෙල්වින් Monday, 07 December 2015 12:42 AM
මේ වගේ හිරේ විලංගුවේ වැටෙන කපටි වැඩ මොන ආදර්ශයක්ද? මෙහෙම භයානක තත්වයකට වැටෙන්න යන සැමියාව එයින් යහමඟට ගැනීම තමයි ආදර්ශය. (නි)
ස්වර්ණා Saturday, 05 December 2015 10:58 PM
හිමාෂී ,වරක් පිටබැද්දර ජයා මෙහි ලියා තිබුනා මතකයි,එයා බිරිඳට කිවුවාලු උපයන දෙයින් බාගයක් දෙන්නම්, කැමති නම් යන්න කියලා. ගියේ නැහැ කියලා නහයෙන් අඬ අඬ හිටියේ. ඒකෙ පළියට තමයි මෙහි හැමෝගෙම වැරදි හොය හොයා යන්නේ. හැබැයි දෙන්නෙක් විතරක් පතිනියන්. (නි)
රංග Monday, 07 December 2015 01:12 AM
පිරිමියෙකුව හංගන්න පුළුවන් මෙට්ටයක් කියන්නේ මේක නිකන් සුල්තාන් රජුගේ මෙට්ටය වගේ එකක් වෙන්න ඇති. (නි)
උදයානි Monday, 07 December 2015 02:20 AM
මෙහෙම කරලා දැන් අන්තිමට මොනවද ලැබුණේ? (නි)
ගයනි Monday, 07 December 2015 02:26 AM
දැන් ඉතින් මේ පුවතේ කාන්තාවට හෝයියා නොකියන සියලුම බවලතුන් ගුණමකු, පති භක්තියක් නැති බවලතුන්ගේ ඝනයට දමන්න සුදානම් උදවියත් ඇති. (නි)
නෙලුම් Monday, 07 December 2015 02:40 AM
සමහරු පතිභක්තියට අර්ථකථනය කරන්නේ සැරපරුෂ සැමියාට යටත්ව ඕනෑම ශාරීරික මානසික පීඩාවක් ඉවසා දරාගැනීමයි. පතිභක්තිය යනු සාපේක්ෂ දෙයකි.පිරිමියාගේ පිරිමිකමට බයේ දක්වන යටහත්පහත්කමේ පති භක්තියක් කොහෙන්ද? කොන්ද කෙළින් පිරිමියෙකු සේ බිරියව බලෙන් මෙල්ලකර ලැබෙන යටහත්පහත්කමේ සහ පිරිමියාගේ කාරුණික මානුෂිකකමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන අවංක පක්ෂපාතබවේ වෙනසක් ඇත. (නි)
චම්පි Monday, 07 December 2015 02:47 AM
ඇයි උදයානි, පිටබැද්දර ජයාගේ නොමසුරු ප්‍රශංසාව? ඒකම මදැයි මේ කාන්තාවට මේ අලකලංචි මැද්දේ! (නි)
ලසිත් Monday, 07 December 2015 04:10 AM
අන්න බිරින්දෑවරු.(හේ)
පිටබැද්දර ජයා Monday, 07 December 2015 09:46 AM
වැරදි කරපු වරෙන්තු කරුවාටත් වඩා මෙතන මාව වැරදි කාරයෙක් කරලනේ , බවලත් උදවිය ඉතින් ඔහොමම තමයි මොනවා කරනද ? බලමු ඊළග නිව්ස් එක මොකක්ද කියලා. (ර)
භද්‍රා Monday, 07 December 2015 06:44 PM
ඒක බිරිඳගේ ස්වාමි භක්තිය තමයි (නි)
දීපිකා Tuesday, 08 December 2015 06:18 AM
නිදා සිටින රජතුමා මැස්සන්ගෙන් බේරාගන්න කඩුවෙන් කොටපු වඳුරා වගේ දැන් වැරදී කීයක්ද? සැමියා ආරක්ෂා කරනවා කියන්නේ වැරදිවලට උඩගෙඩි දීම නොවේ අපාය සහායක බිරිදක් (බ)
සේන Tuesday, 08 December 2015 06:47 PM
කොයි බිරිඳද කැමතිවෙන්නේ ස්වාමි පුරුෂයා ආණ්ඩුවේ බෝඩිමේ උළු ගනන් කරන්න යවන්න. හැම බිරිඳක්ම වාගේ වැඩි කැමැත්තක් දක්වන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක සහයෝගයෙන් ගෙදර වහලේ උළු ගණන් කරන්නනේ. (ස)
දිලුම් Saturday, 05 December 2015 07:31 AM
මොනවා ලිව්වත් හරි හෝ වැරදි සමහර දෙනෙකුගේ නොමනා කතා අහගෙන තමයි නතර වෙන්නේ. දැන් සමහරු හොයනවාද දන්නේ නැහැ මේ බිරිඳට වයස කීයද කියලා . 45 ට අඩු නම් මේනෝනා හරි . වැඩි නම් අසවල් නම්බු නාමයත් එක්ක මේ කාන්තාව වැරදි! (ස)
සුපුන් Friday, 04 December 2015 09:35 PM
ඔය අපරාධකාරයාව අල්ලන්න උකුසු ඇසක්වත්, පොලිස් කාන්තාවක්වත් ඕනෑ නැහැනේ. පොලිස් සුනඛයෙකුට වැඩේ බාරදුන්නා නම්, කලින්ම අල්ලගන්න තිබුනානේ. (නි)
අබරන් Friday, 04 December 2015 10:51 PM
අනේ අපිට ඒ වගේ නෝනලා නැහැනේ (නි)
පිටබැද්දර ජයා Friday, 04 December 2015 11:20 PM
පේනවා නේද ආදරේ තරම! රටේ නීතියට වරෙන්තුකාරයෙක් වුණත් "මේ ඉන්නේ මගේ සුවාමියා නේද, මට පුළුවන්තරම් කල් මම මොහුව පරෙස්සම් කරගන්නවා" කියලා හිතපු මේ බිරිඳ, ස්වාමියා බත්පත ඇල්ලුවායි කියා ස්වාමියාව ප්‍රතික්ෂේප කළ බිරිඳ සහ ඒ කළ නොමනා පිළිකුල් සහගත ක්‍රියාව අනුමත කරමින් අදහස් දැමු සියලුම කාන්තා පාර්ශවයට ආදර්ශයක්ම වේවා! දැන් ඉතින් කබලට අබ දැම්ම ගානට පුපුරයි කට්ටියම (නි)
කෝනාර Saturday, 05 December 2015 01:05 AM
මේ වගේ මෝඩ ස්ත්‍රී රත්න නිසා තමයි පවුල් පිටින් විනාශ වෙන්නේ. සැමියා වරදක් කර පොලිසියෙන් වරෙන්තු කර ඇත්නම් නීත්‍යානුකූල විදියට පොලිසියට බාරවෙලා බේරෙන්න සැමියට කියන්නේ නැතුව දාගන්නවා මෙට්ටෙ යට. දැන් වරදවල් 2-3 වුණා. ප්‍රශ්නය දෙගුණ වුණා. (නි)
දිනේෂ් Saturday, 05 December 2015 01:11 AM
ස්වාමි පුරුෂයා කළ වැඩ වලට දඬුවම් ලැබෙන්න ඕනෑ. එහෙත් මේ බිරිඳ ස්වාමියා බේරගන්න කළ දෙය නම් නපුරු නරක ගැහැණුන්ට ආදර්ශයක්. ඒවගේම පිරිමිත් තේරුම් ගන්න තමන්ට ලැදි භාර්යාවන්ට ඉතා හොඳින් සළකන්න. අපිට හොඳ ගැහැනුන් ලැබීමට අපිත් පිරිමින් වශයෙන් පින්කරලා තියෙන්න ඕනෑ. භාර්යාවන්ට නරකට සළකන්න එපා. (නි)
හිමාෂි Saturday, 05 December 2015 03:17 AM
පිටබැද්දර ජයා ස්ත්‍රි පාර්ශවයේ අයගේ වැරදි අඩුපාඩු හොයනවනෙ හරියට. (ස)
සදහම් Saturday, 05 December 2015 03:17 AM
සැමියා බිරිඳගේ දෙවියාය. ඔහු වරදක් කලත් ඇය ඔහුව රකින්න ඇත්තේ ඒ නිසයි. (ස)
තිලිනි Saturday, 05 December 2015 03:44 AM
ජයා හිතන්නේ, බිරින්දෑවරු ස්වාමියාට වැඳගෙන මොන වැරදි තිබ්බත් එවා වහගෙන ඉන්න ඕන කියලා. (ර)
අමල් Saturday, 05 December 2015 03:59 AM
වැරදි කරුවන්ට උදව් කිරීමත් වරදක්. (ර)
ලලිත් පෙරේරා Saturday, 05 December 2015 04:34 AM
මිනිසුන් කටුයුතු කරන්නේ තමන්ගේ නුවන හා අවස්ථාවේ ඇතිවන තත්වය අනුව. මේ බිරිද ඉතා හොද කාන්තාවක්. (ර)
සශිකාන්ත් Friday, 04 December 2015 09:14 PM
හොරෙක් උඩ හෙරක්....! (නි)
ඉනෝකා Saturday, 05 December 2015 10:40 AM
ආදරණීය බිරිඳක් නම් කලයුතු වන්නේ මෙට්ටය යට සැඟවී සිටින පුරුෂයාව හංගාගෙන ආරක්ෂා කිරීම නොවෙයි. නොමඟ යනවිටම කරුණු පැහැදිලි කරදී අපරාද කාරයෙක් වීමට ඉඩ නොදී සමාජයට හිරිහැරයක් නොවන යහපත් පුරවැසියෙක් කරන එකයි. මේ කාන්තාව කර ඇත්තේ අපරාදයට උඩ ගෙඩි දීමකි. (ර)
හිමාෂි Saturday, 05 December 2015 11:37 AM
පිටබැද්දර ජයා දකින්නෙම වැරදිම තමා. (ර)
තිලක් Saturday, 05 December 2015 11:45 AM
දිනේෂ් කියන විදිහට බිරිඳ තමන්ට ලැදිනම් හොරකම් කරලා හරි භාර්යාවන්ට සලකන්න ඕනේ කියාද?? ඉනෝකා මහත්මියගේ අදහස අගය කරමි. (ර)
ජයනාත් Saturday, 05 December 2015 11:56 AM
මඩොල් දුවේ, අපරාධකරුගේ බිරිද සැමියා ආරක්ශා කරගන්න කොපමන දේ කරනවාද? දූවේ හැන්ගිලා ඉන්නයි,අමාවක දවස් වල රෑට අවශ්‍ය කෑම බීම ඔරුවෙන් ගෙනත් දෙන්නෙයි, උපදෙස් දෙන්නෙයි ඇයම තමයි. (ර)
චාරු Saturday, 05 December 2015 12:13 PM
පිටබද්ද්දර ජයාගේ තියරියේ හැටියට අපරාධ වලට උල් පන්දම් දීමත් යහපත් භාර්යා ලක්ෂණයක්. (ස)
සරසි Saturday, 05 December 2015 12:23 PM
ඇතැම් විට සැමියාගේ හදිසි ආවේග වලට හේතුවත් බිරිය විසින් ඔහුව පිට උදවිය සමග කෝලාහල වලට යාමට පෙළඹ වීම විය හැක. මෙට්ටය අස්සේ තියා රැක ගත් පමණින් ඇගේ යහපත් කම තීරණය කල නොහැකියි. (හේ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 05 December 2015 02:23 PM
වරදට දඬුවම් කිරීම නීතිය ක්‍රියාත්මක කරන පාර්ශවයේ වගකීමක්. අද කාලේ වෙන දේවල් වල හැටියට වැරදිකාරයෝ නිදහස්වෙලා නිවැරදිකාරයෝ මිල මුදල් නැති නිසා සිරගෙවල් වල දුක් විඳිනවා. කවුරු කළත් වරද වරදමයි. දයාබර බිරිඳක් ,සෙනෙහෙබර මවක් කවදාවත් හිතන්නේ නැහැ තම පුරුෂයා, තම දරුවා වරදක් කළා කියලා. (නි)
ලලිත් Saturday, 05 December 2015 03:44 PM
ඒක එම ගැහැණියගේ ස්වාමි භක්තිය (නි)
ලතා Saturday, 05 December 2015 03:54 PM
ඉනෝකා, හරි ආදරණිය බිරියක් නම් කරුණු වටහා දී පොලිසියට බොරු නොකර උන්නා නම් සමහරවිට මේ ස්වාමියාට සමාවක් ලැබෙන්නත් තිබුනා. දැන් දඬුවම් දෙකක්නේ (නි)
ගුණවර්ධන Saturday, 05 December 2015 07:47 PM
පුපුරනවා, පුපුරනවා අබ ජයට පිටබැද්දරට. නමුත් එයා කියන කතාවේ සම්පුර්ණ ඇත්තක් තිබෙනවා. මේ වගේ දේවල් කරන අය කොච්චර ඉන්නවද? (නි)