X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වසර 22 ක් වෙන්වී සිට යළි පවුල් කන්න ඇවිත් ජංජාලයක්

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 දරු මල්ලන් සිව් දෙනෙකු සමග වසර විස්සක් තිස්සේ පවුල් දිවිය ගත කර විසි දෙවසරකට පෙරදී දික්කසාද කළ බිරිය හා යළි විවාහවී මාස දෙකකින් බිරිය නිවසින් පන්නා දැමූ හැට හැවිරිදි සැමියෙකු පිළිබඳව වැව් බැඳි රාජ්‍යයේ ගම්මානයකින් පසුගිය දා වාර්තාවිය.


වැව් තාවුල්ලක දිවි ගෙවූ මෙම පවුල සාමයෙන් සාමදානයෙන් කල් ගත කළත් සැමියා අන් ළඳුන් කෙරේ වැඩි සෙනෙහසක් දැක්වීම නිසා පවුල් දිවිය කෙමෙන් කෙමෙන් කඩා වැටෙන්නට පටන් ගත්තේය.


එහි ප්‍රතිඵලයක් ලෙස දරුමල්ලන් සැමියාට බාරදී බිරිය සැමියාගෙන් වෙන්වූයේ දික්කසාදය ලබා ගනිමිනි. මෙසේ වසර විසි දෙකකටත් වැඩි කලක් ගතවිය. මේ අතර සැමියා නිවසේ හුදකලා විය. දරු මල්ලෝ විවාපත්වී වෙන්වී ගියහ. ඔහු හා ඇසුරට වැටී සිටි කතුන් ද ටිකෙන් ටික ඈත්වූයේ කපුටන් ඵල නැති රුකක් අත්හැර යන අයුරිනි.


මෙසේ කාලයක් හුදෙකලාව කල්ගතකළ සැමියා පැරණි බිරියට කතා කළේය. කතා බහ ටිකෙන් ටික වැඩීවීමෙන් පසු අපි දෙන්නා ආපහු බඳිමු සැමියා යෝජනා කළේය. කළ වැරදි තේරුම් ගිහින් වගෙයි සිතූ බිරිය ඊට කැමැත්ත දුන්නාය. අවසානයේ දෙන්නා යළි විවාහවී සැමියාගේ නිවසේ පදිංචියට ආ අතර හොදින් කල්ගත කළේ මාස දෙකක් පමණි.


සැමියා හා ඇසුරු කළ කාන්තාවකට මේ බව ආරංචිවීමෙන් පසු ඇය ඔහු සොයා නිවසට ආවාය. ඇය දබර කළාය. සැමියා අනියම් බිරිය සමග දබර කරන අන්දම බිරිය ඉහළ මහලට වී බලා සිටියාය. පැය කිහිපයක් ගතවිය. කිසියම් ආකාරයක තර්ජනයක් කළ කාන්තාව නිවසෙන් පිටත්ව ගියාය.


ඒ සමගම සැමියා බිරිය සොයා උඩු මහලට ආයේය. ඔහු සමාව අයදින්නට සූදානම්ව ඇතැයි බිරිය සිතුවාය. කමක් නැහැ මම ඕවා ගණන් ගන්නේ නැහැ ඇය කීවාය. ඒකට කමක් නැහැ. උඹ දැන්ම මගේ දෑහැට නොපෙනී මෙතනින් පලයන්. සැමියා ගෝරනාඩු කරද්දී කළ හැකි දෙයක් නොවූ බිරිය රෙදි ටිකත් කර පින්නාගෙන නිවසින් පිටත්වූවාය.


ඇයට වසර විසි දෙකක් සිටි නිවසටත් යන්නට බැරිය. ඒ ඔවුන් එපා කියද්දී යළි විවාහවීම නිසාය. මෙසේ වනු ඇති බව ඔවුන් කී බව සිහිපත්වීමෙන් පසු බිරිය දැන් දවසින් දවස තැනින් තැන කල් ගත කරමින් සිටිද්දී සැමියා යළි හුදකලාව නිවසේ කල් ගත කරන්නේ කිසිවෙකුගේ හව් හරණයක් නැතිවය.

 



අදහස් (2)

වසර 22 ක් වෙන්වී සිට යළි පවුල් කන්න ඇවිත් ජංජාලයක්

රවින් Monday, 04 March 2019 07:18 AM

දේපල ටික එහෙම ලියලද? හොර අඹුව බලාගෙනයි ඉන්නේ...

:       0       15

sampath Wednesday, 06 March 2019 11:30 AM

ඔය තරම් බය වෙන්නේ මොකටද?

:       0       6

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site