X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


වසර 3 ක් රට සිට ආ බිරිය සැමියාට අංකල් කියලා

වසර තුනක් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක වශයෙන් සේවය කොට සිය  නිවසට පැමිණි දා තම සැමියාට ”අංකල්” යැයි කියා ආමන්ත‍්‍රණය කළ කතකගේ පවුල් ජීවිතය අනූනවයෙන් බේරුනාලූ. තරුණ දෙදරු මවක වූ මෙම කාන්තාව සිය සැමියාට එසේ ආමන්ත‍්‍රණය කර ඇත්තේ ඇය එදින නිවසට පැමිණෙන විට රැගෙන ආ බඩු පෙට්ටියක් වාහනයෙන් බිමට බෑම සඳහා කි‍්‍රයාකළ අවස්ථාවේ දී බවද පැවසේ. මෙහි සිටි කීප දෙනෙකු එක්වී එම බඩු පෙට්ටිය බිමට බෑමට සුදානම් වූ අවස්ථාවේදී එතෙක් පසෙක වී සිටි සැමියාද එහි කෙළවරකට අත තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ ”අනේ අංකල්ට බෑ ඉන්න මං අල්ලනැයි” කියා එය වළක්වා ඇති බිරිය ඒ සඳහා ඇය ඉදිරිපත්වී ඇත. මේ අවස්ථාවේ දී පිරිස ඉදිරියේ ලජ්ජාවටත්, කෝපයටත් පත් එම පුද්ගලයා අවුරුදු තුනට තමන්ගේ මිනිහත් අමතක වුනාදැයි  අසමින් ශබ්ද කෝෂය හිස් කළාලූ. මෙහිදී ඊට මැදිහත්වූ කීපදෙනකු නිසා පසුව සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකිවී  තිබේ. සැබෑවටම මෙය එම කාන්තාව හිතාමතාම කළ දෙයක් නොවන බවද සිදුවී ඇත්තේ වසර තුනක් නොසෑහෙන සේ මතට ඇබ්බැහිවූ මෙම පුද්ගලයා නිතර දකින අයකුට හැර වෙනත් අයකුට හඳුනාගත නොහැකි තරමට වෙනස්වී සිටීම බව ගැමියෝ කියති. බිරිය එවූ සල්ලිවලින් ඔහු වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ ගමේ කසිප්පු මුදලාලි ළඟලූ.



අදහස් (0)

වසර 3 ක් රට සිට ආ බිරිය සැමියාට අංකල් කියලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site