(මීරිගම විශේෂ- පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉඩම් වාහනයකට නියමිත දැවි තෙල් වර්ගය වෙනුවට වෙනත් තෙල් වර්ගයක් දැමීමෙන් රුපියල් දහසය දහසක පාඩුවක් වුණායි කියා එහි අලාභය රියදුරාගෙන් අයකරනු වෙනුවට වගාව බලාකියා ගත් සේවකයකුගෙන් අය කිරීමේ නූතන කැකිල්ලේ තීන්දුවක් වයඹ පළාතේ ගම්මානයකින් වාර්තාවේ.
විශාල පරිමාණයේ වගා බිමකි. වගාව බලාකියා ගැනීමට සේවකයකු බඳවා ගත්තේ මසකට රුපියල් විසිදහසක වැටුපක් ගෙවන බව පවසමිනි. වත්තේ සේවයට යොදා තිබූ ඉඩම් වාහනයක් දැවි තෙල් හිඟයක් නිසා අක‍්‍රියවී තිබිණි. එහි රියැදුරා සමග තෙල් ගෙන ඒමට ගියේ වගාව බලාගත් පුද්ගලයාය.
කලක් ගත විය. වගාව බලාගත් සේවකයා සේවයෙන් ඉවත්වීමට අවශ්‍ය බව කීවේය. යන්න පුළුවන්. හැබැයි එදා ට‍්‍රැක්ටරයට වැරදි තෙල් වර්ගයක් දැමීම නිසා සිදුවූ අලාභය ගෙවන්න වේවි. අයිතිකරුත් පාලකයාත් පැවසීය. තමන්ගේ අවශ්‍යතාව නිසා සේවකයා අලාබය බව කියන රුපියල් දහසය දහස ගෙවා සේවයෙන් ඉවත් වූයේය. වැරදියට දැමූ බව කියන දැවිතෙල් ලීටර හතළිහකට ආසන්න ප‍්‍රමාණය ගෙනයාමට දෙන බව දැන්වුවත් අන්තිමේ දී ඔහුට ලැබුණේ ලීටර් බාගයකටත් අඩුවෙනි. ඉතිරිය පසුව සොයා දෙන බවද දන්වනු ලැබීය. ලැබුණු ලීටර් බාගයත් එහිම තිබිය දී එය වාහනයේ රියදුරාටම දෙන්න කියා සේවකයා පිටව ගියේ කැකිල්ලේ තීන්දුවට හිස නමමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාහනයට වැරැදි තෙල් දැමුවැයි සේවකගේ වැටුපෙන් කපලා
ලලිත් Friday, 10 October 2014 01:46 AM
ඔන්න ඔව්වට තමයි උසාවි තියෙන්නේ. (නදී)
කුමාරි Friday, 10 October 2014 05:45 AM
පහත තැනින් යයි ගලා ජලේ කිවුවලු. ලලිත්,උසාවි ගිහින් දාසයදාහ ගන්න ඒ මනුස්සයා කී දාහක් තව වියදම් කරන්න ඕනෑද?කොහොම වුණත් අයිතිකරුට කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ අලුත් සේවකයෙක් ලැබේවා කියා පතනවා! (නි)
රූපවතී Friday, 10 October 2014 06:17 AM
ඇත්තටම මගේ හිතට නැගුනේ බොහොම කලකිරීමක්. අද අපේ රටේ සෑම මිනිසෙකුගේම හදවතේ අනුන් වෙනුවෙන් තම සිත උණුවී කම්පා වෙනවට වඩා මිනිසුන්ට කරන්නේ අසාධාරණ කම්. , සත්‍ය මේක තමයි අපේ රටේ ඕනෑම මිනිසෙක් එක විනාඩියකදී මිනීමරුවෙකු කිරීමේ සම්භාවිතාවය ගොඩාක් ඉහලින් පෙනුම් කරනවා. දුකයි අප රට ගැන මිනිසුන්ගේ සිතිවිලි, හා ක්‍රියාවන් ගැන. අකමැත්තෙන් උවද පිළිගන්න වෙන සත්‍ය මේකයි සිංහලුනේ (නදී)
රුවන් Friday, 10 October 2014 07:25 AM
වැටුප අරගෙන හිමින් සීරුවේ මාරු උනා නම් මුළුමුදලම ඉතුරු වෙනවනේ. අවංක කමත් පරහට හිටිය වගේ. (නදී)
මාලි Friday, 10 October 2014 08:40 AM
ලලිත් මේවට තමයි කියන්නේ කැලෑ නීතිය කියලා. උසාවි ගියොත් 10000 පාඩුවට 25000 ක් විතර පෙරකදෝරු අයියලා හූරන් කයි (නදී)
සමීර සාලින්ද Friday, 10 October 2014 10:23 AM
ගොන්කම මහමුදලි කමටත් වැඩිය වටිනවලු නේද (නදී)
පිටිගල Friday, 10 October 2014 06:37 PM
මේක පුදුම රටක්! (නි)
නමල් Saturday, 11 October 2014 03:13 AM
ව්‍යාපාරය බලාගන්න දුන්න මිනිහ ලක්ෂ 120 ක් ගිල්ල , සහෝදර කමත් නැතිවුණා , දෙවැනි පාර බාරගත්ත මිනිහ ලක්ෂ 15 ගිල්ල , මම මිනි මරාගන්නේ නැතිව ලංකාවෙන් ආව , ලංකාව ලෝකෙන්ම තියෙන හොද රටක් , මිනිස්සු ගේ ඔලුව මකල ගත්තොත් (අ)
සෙනරත් Saturday, 11 October 2014 11:09 AM
මේවගේ අසධාරණයට ලක්වුණු මිනිස්සුන්ගේ හීල්ලීම සෙල්ලමක් නෙමේ.(හේ)
අසෝක Saturday, 11 October 2014 01:23 PM
මිනිස්සු අතින් කොච්චර වැරදී වෙනවද?(හේ)
රූෆස් Monday, 13 October 2014 11:56 PM
විශාල පාඩුවක් ලද නාමල්ගේ අන්තර්ජාල ලිපිනය දන්වන්න. (නි)