බිරිය රජයේ රැකියාවකනිරත වූ අතර සැමියාසේවය කළේපෞද්ගලිකආයතනයක ය.
දෙදෙනා සතුව ජංගම දුරකතන දෙකකි. ඔවුන් භාවිතා කළේ එකම දුරකතන සමාගමකට අයත් සිම්පත් දෙකකි. වෙනසකට තිබුණේ සැමියාගේ සිම්පත පෙර ගෙවුම් වීමත්, බිරිඳගේ සිම්පත පසු ගෙවුම් පැකේජයක් වීමත්ය. බිරියට ඇමතුමක් දීමට අවශ්‍ය වූ විට සැමියා කළේ ‘රිංග් කට්’ එකක් ගැසීමය. එවිට බිරිඳ ඇමතුමක් ලබාගනී.
සතියකට වරක් රුපියල් පනහක් රීලෝඞ් කරන සැමියා අත්‍යවශ්‍ය ඇමතුමක් මිතුරෙකුට ගන්නේ නම් එය විනාඩියකට සීමා කළේ ඔහු අරපිරිමැස්මට පුරුදු වූ අයෙකු හෙයිනි.
නොබෝදා ඔහු රුපියල් පනහක් රීලෝඞ් කළ විට රුපියල් පනස් දෙකක් ඇති බව කෙටි පණිවිඩයක් ලැබිණි. පසු දින ශේෂය පරීක්ෂා කිරීමේදී රුපියල් 34. ශත 97ක් බව සඳහන් විය. ඔහු කිසිවකුට ඇමතුමක් ගෙන නොතිබුණි. රින්ග් කට් දෙකක් පමණක් බිරිඳට ලබාදී තිබුණි. මුදල් අඩුවීම පිළිබඳව දැනගැනීමට පාරිභෝගික සේවා නිලධාරියකු හා සම්බන්ධවීමට දෙතුන් වරක් උත්සාහ කළත් අසාර්ථක විය. පසුදා උදේ නැවතත් ඉතිරි මුදල පරීක්ෂා කිරීමේදී රුපියල් හයයි ශත හැත්තෑ පහක් විය.
“මම පෙරේදා රුපියල් පනහක් රීලෝඞ් කළා. එක කෝල් එකක්වත් ගත්තේ නැහැ. ඒ වුණාට දැන් බැලැන්ස් එක රුපියල් 6.75යි. සල්ලි බහිරවයා ගිලිනවා ද දන්නෙ නැහැ” ඔහු මිතුරකුට පැවසීය. “ඕකට තමයි මචන් වැට් බද්ද කියන්නේ. දැන් සනීපයිනේ” මිතුරා පැවසුවේ සිනාසෙමිනි.
ක්‍රිස්ටෝපර් සීපියන්
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැට් බහිරවයා රීලෝඞ් එක දෙපාරට ගිලලා
බෙන්තර මහේෂ් Monday, 06 June 2016 07:00 AM
ඇමතුම් ගන්නා විට මිස රීලෝඩ් දමා දුරකථනය නිකම් තැබූ පමණින් වැට් වදින්නේ නැත.(ම)
සරත් Monday, 06 June 2016 07:35 AM
මහේෂ්, සමහර ඒවා රින් කරනකොට අතරමඟ නතර කළත් ගණනක් කපනවා. (නි)
බන්දුල Monday, 06 June 2016 07:36 AM
යහපාලනේ සළකලා තියන හැටි පේනවා නේද? (නි)
හිමාල් Monday, 06 June 2016 07:39 AM
මෙයා නොදැනුවත්ව යම් සේවාවක් ක්‍රියාත්මක කරගෙන වෙන්න ඕනෑ. (නි)
අසෝකා Monday, 06 June 2016 10:43 AM
යාලුවන්ගේ ලණු ගිලින්නේ නැතුව පාරිභෝගික නිලධාරියෙක් හමුවෙන්න! (නි)
නිලුකා Monday, 06 June 2016 12:42 PM
ඒකනම් ඇත්ත මහේෂ්. (ර)
සෞදි-සිංහ Monday, 06 June 2016 07:33 PM
මගේ බිරිඳටත් ඔයදේම වුණා. නොකියම කපනවද දන්නෙ නැහැ. (නි)
රාජිත Tuesday, 07 June 2016 12:41 AM
මේක නම් මමත් කියන්නේ වෙන මොකක්හරි ප්‍රශ්නයක් (නි)
සඳුන් Tuesday, 07 June 2016 12:56 AM
මම නම් හිතන්නේ යාළුවා හොරපොල් විපක්ෂයේ සාමාජිකයෙක්. වැට් ගැන ඔච්චර හොඳට දන්නේ කොහොමද? (නි)
බෙස්ට් Tuesday, 07 June 2016 06:00 AM
මමත් කියන්නේ අමතර සේවාවක් ඇති (නි)
දුමින්ද Tuesday, 07 June 2016 08:20 AM
වෙනස මොනව වුණත් සාප වෙනවා (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 08 June 2016 10:42 PM
රටට ජාතියට හෙණ ගැහුනත්, ජනතාවට මොනතරම් ගැටළු මතුවුණත් සඳුන්ලගේ දෙනෙත් කවදාවත් විවරවෙන එකක් නම් නැහැ. තව තව සෙල්ලම් ඉදිරියට බලාගන්න පුළුවන් වේවි. වෙනස මාරයි. රට නම් හමාර වේගෙන එනවා. එ්ත් කට්ටිය තාම නිදි. (නි)