X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


වැඩි පරෙස්සමට ගිහින් තෙල් ටික පිනට දීලා

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අවශ්‍යම දේකට ගමනක් බිමනක් යාමට යතුරුපැදියේ ඉන්ධන ටික ඉතිරි කරගැනීමට යෙදු උපක්‍රමය වැරැදී  අත්‍යාවශ්‍ය ගමනක්වත් යාමට නොහැකිව යතුරුපැදිය මහ රාත්‍රියේම කිලෝමීටර් දෙකතුනක් තල්ලු‍කර ගෙන ඒමට සිදුවූ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි. 


 ඔහුගේ අවශ්‍යම කාර්ය වූයේ දියණිය උපකාර පන්තියට දැමීමය. අනෙකුත් කටයුතු සඳහා ඔහු ගියේ පයිනි. නිවසට අවශ්‍ය බඩුමුට්ටු ගෙන ඒම ඇතුළු අනෙකුත් දෛනික අවශ්‍යතා ඒ අතර විය. 


එදා සිය දියණිය නගරයේ උපකාර පන්තියට ගෙන ගොස් දැමුවේ පස්වරු හයටය. වෙනදා නම් දියණිය උපකාර පන්තියට දමා ඔහු නිවෙසට  යන්නේය. මේ දිනවල පවතින උග්‍ර තෙල් අර්බුදය හමුවේ දින කිහිපයක් පෝලිමේ සිට යතුරුපැදියේ ටැංකිය පුරවාගත් නිසා ඔහු එදින නිවෙසට යතුරු පැදියෙන් නොගියේ තෙල් ටික ඉතිරි කර ගැනීමටය. 


පන්තිය රාත්‍රී අටට අවසන් වෙන්න තවත් වෙලාව ඇති නිසාත් යතුරුපැදියේ තෙල් ටික ඉතිරි කර ගැනීමට තිබූ අවශ්‍යතාව නිසාත්  ඔහු නගරයේ වෙ​ෙළඳ සල් කිහිපයකට ගියේ යතුරුපැදිය උපකාර පන්තිය ආසන්නයේ මහමග නවතා තැබීමෙනි.


උපකාර පන්තියෙන් දියණිය අරගත් ඔහුට නිවෙස බලා ඒමට සිදුවූයේ ටික දුරකි. යතුරුපැදිය ඉබේම නතරවිය. ඔහු සිතුවේ යතුරුපැදියේ යාන්ත්‍රික දෝෂයක් යැයි කියාය. ඒ යතුරුපැදියේ ටැංකිය පිරෙන්නම තෙල් තිබූ නිසාය. දන්න ශිල්ප දා යතුරුපැදිය පණ ගැන්වීමට ක්‍රියා කළද එය කිසිදු හාවක් හූවක් නොමැතිව ගල් ගෙඩියක් මෙන් නිසොල්මනේමය.


යතුරුපැදිය සොලවා බැලු‍වේ ඔහු නිකමටය. එහි ටැංකියේ තෙල් වදිනා ශබ්දය නොඇසුණු ඔහුට දෙවියන් බුදුන් සිහිවිය තෙල් ටැංකියෙන් හොරාට ඇද ඇති බව ඔහුට තේරුම් ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය. තෙල් නැතිවූ හේතුව දියණියට පැවැසූ පසු ඔහුට ඇය හොඳටම දෙහි කැපුවේ දැන් ඉතින් බල බලා ඉන්නේ නැතිව යතුරුපැදිය තල්ලු‍ කරගෙන යමුයි කියමිනි.


 තාත්තයි දුවයි මහා රාත්‍රියේම යතුරුපැදිය නිවෙසට තල්ලු‍ කරගෙන එනවිට යක්කු ගස් නගින වෙලාවත් ළංවෙමින් තිබුණාලු



අදහස් (1)

වැඩි පරෙස්සමට ගිහින් තෙල් ටික පිනට දීලා

himal Thursday, 07 July 2022 08:41 AM

මේ මනුස්සයාගේ තෙල් ටික හොරෙක් ගත්තු එක වැරැදියි කියන්නේ නැතුව ඒක විහිළුවකට අරන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site