(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
පෙම්වතුන්ගේ දිනය දා පෙම්වතිය එනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි පෙම්වතා හමුවීමට ඇගේ මව පැමිණ එකම අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ අගනගරයෙන් වාර්තා වේ.
ඔවුන් දෙදෙනා පෙමින් බැඳුණත් පෙම්වතාට පෙම්වතියගේ පාර්ශ්වයෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. තදබල අකැමැත්තකි. ඒ සිය දියණියට ඔහු නොගැළැපේ යයි හේතු කාරණා කිහිපයක්ම මුල් කරගනිමින්ය. මේ නිසාම ඔහු සමග පවත්වාගෙන යන ප්‍රේමය නතර කර දමන ලෙසට මවුපියෝ ඇයට තදින්ම දැනුම් දුන්නහ.
පෙම්වතුන්ගේ දිනය දා හිමිදිරියේම පෙම්වතියගේ ජංගම දුරකතනයට ඇමතුමක් එනුයේ ඇය නානකාමරයට ගොස් සිටියදීය. ඇයගේ ජංගම දුරකතනය තිබුණේ නානකාමරය ඉදිරිපිට ඇති කෑම කාමරයේ මේසය උඩය. ඇය නානකාමරයට ගොස් වතුර සමග අවශ්‍ය කටයුතු සිදු කෙරුණු නිසා ජංගම දුරකතනය නාදවනු නොඇසිණ.
තමා පුල පුලා බලා සිටි ජංගම දුරකතන අංකය බව දැනගත් පෙම්වතියගේ මව ඊට සම්බන්ධ වූවාය. ඇය කටහඬ ඉතාම පහත් කොට ඊට සම්බන්ධ වූවාය. දුරකතන ඇමතුම ලැබුණේ දියණියගේ පෙම්වතාගෙනි. පෙම්වතියගේ කටහඬ යයි රැවැටුණු පෙම්වතා පෙම්වතුන්ගේ දිනය සැමරීමට තමා හමුවන්නට එන්න යයි ඔහු කී විට මව එයට පිළිතුරු දෙමින් එන වෙලාව හා එන තැන අසා ගත්තේ ගෙදරින් පැන ගන්න ලැබුණොත් එන්නම් යයි ඉතා රහසින් පවසමින්ය.
‘මොකෝ මේ කවදාවත්ම නැතිව රහසින් කතා කරන්නේ’ යයි පෙම්වතා ඇසූවිට ඇය පැවැසුවේ නිවාඩු දිනයක් නිසා අම්මයි තාත්තයි ආසන්නයේ ඉන්නා බවය. ‘අනේ අද කොහෝම හරි එන්න’ යයි ඔහු ඉල්ලා සිටියේය. ඉතාම රහසින් ඇය කීවේ ‘හා හරි හරි, ඔයා කෝකටත් තැනට ඇවිල්ලා ඉන්නකෝ’ කියමින් ඉතා හදිසි බව පෙන්වමින් දුරකතනය විසන්ධි කළාය.
මේ ඇමතුම ලැබීමත් සමගම සිය දියණියගේ ජංගම දුරකතනය මවගේ බාරයට පත්විය. ඒ සමගම ඇයට නිවසින් බැහැරව යාම ද තහනම් කෙරිණ.
පෙම්වතා නියමිත වේලාවටත් කලින් නියමිත ස්ථානයට පැමිණ සිටියේය. ඔහුට නොපෙනෙන්න පෙම්වතියගේ මව ඔහු අල්ලා ගැනීමට ගියත් තමාට අඩි තුන හතරක් ඉදිරියෙන් එමින් සිටි පෙම්වතියගේ මව දුටු ඔහුට දෙවියන් බුදුන් සිහි වූයේය. ගාල කඩාගත් හරකකු මෙන් ඔහු දිව ගියේ එකත් එකටම උදේ දුරකතන ඇමතුම ලබාගෙන ඇත්තේ පෙම්වතිය නොව ඇයගේ මව බව සිහියට නගමිනි.
‘මොකෝ ගිය වැඩේ හරි ගියා ද’ යැයි පෙම්වතියගේ මව ගෙට ගොඩ වැදෙනු දුටු පියා ඇසුවේය. ‘කොහේද මම දැක්ක විතරයි ඌ ගාල කඩාගත්ත හරකා වගේ දිව්වනේ, කනට දෙකක් දෙන්න ඉස්සර වෙලා’ යයි කීවේ ඒ අවස්ථාවේ නිවසේ රැඳී සිටි අමුත්තන් ද අමතක කරමින්ය. ඒ නිසා අමුත්තන්ට ද ඇය නිවෙසින් පිටව ගිය කාරණය කියන්නට සිදුවිය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැලන්ටයින් දා පෙම්වතිය වෙනුවට අම්මා ඇවිත්