පෙම්වතා සහ පෙම්වතිය පාසල් යන වයසේ පසුවුවද පෙම්වතා ඉකුත් වසරේ උසස් පෙළට ලියා පාසල් ගමන නවතා තිබිණි. පෙම්වතිය තවමත් පාසල් යන ශිෂ්‍යාවකි. මවුපියන්ට හොරා දෙදෙනා පෙමින් වෙළී සිටියහ. පසුගිය වැලන්ටයින් පෙම්වතුන්ගේ දිනයේ දෙදෙනා හමුවීමට කතිකා කරගෙන සිටියහ.
වැලන්ටයින් දිනය උදාවිය. දෙදෙනා හමුවීමට කතිකා කර ගෙන සිටි ස්ථානයට පෙම්වතා කල්තියාම පැමිණ සිටියේය. නමුත් තම ආදරවන්තිය ඒ වන විට නියමිත ස්ථානයට පැමිණ නොසිටියෙන් ඔහු කලබල විය. පැයක්ම බලා සිටියේය. ඇය පැමිණියේ නැත. ඔහු තම ජංගම දුරකතනයෙන් පෙම්වතියගේ ජංගම දුරකතනයට කතා කළේය.
දුරකථනය නාද වුවද පිළිතුරක් ලැබුණේ නැත. ඔහු නැවතත් එම අංකයට ඇමතීය. පිළිතුරු ලැබිණි.
”හෙලෝ ඔයා තාම මොකද කරන්නේ? මම මෙතෙන්ට ඇවිල්ලා දැන් පැයකටත් වැඩියි.”
දුරකථනයෙන් පිළිතුරක් නැත.
”හෙලෝ... මොකද කතා නැත්තේ...? අම්මලා දැනගත්තද?”
”ආ... ඔයා කොහෙද ඉන්නවා කීවෙ?”
”ඔයාට කියාපු තැන මතක නැන්ද? ඇයි... බස් නැවතුම්පොළේ.”
”අනේ මට ගාණක් නැතිවුණා. ඉන්න මම ඉක්මනට එනවා.”
දුරකථනය විසන්ධි විය. ”අපෝ යන්තම් ඇති” ඔහු මග බලා සිටියේය. එකවරම ත‍්‍රිරෝද රථයක් ඔහු ඉදිරියේ නතර විය. ත‍්‍රිරෝද රථයෙන් බැසගත් තරුණයන් දෙදෙනෙක් එකවරම පෙම්වතා අල්ලා ගත්හ. තවත් කාන්තාවක් ත‍්‍රිරෝද රථය ඇතුළේය.
”පෙම්වතිය එනකන් නේද බලාගෙන ඉන්නේ?” කියමින් තරුණයන් දෙදෙනා පෙම්වතා අල්ලාගෙන හොඳටම සැලකූහ.
”කෙල්ලෙකුට පාරේ යන්න දෙන්නෙ නැහැ. දැන්මම කුලප්පුව හදාගෙන. මීට පස්සෙ මේව තියාගත්තොත් වැඩ වරදීවි. යනවා යන්න.”
පෙම්වතා හෙමින් සීරුවේ මාරු විය.
”කෝල් එකට ආන්ස්වර් කරල තියෙන්නෙ අරයගෙ අම්මනෙ” ඔහු තමාටම කියා ගත්තේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැලන්ටයින්දා පෙම්වතිය හමුවන්න ගිහින් ගුටි කාලා
හේරත් Monday, 25 February 2013 11:04 PM
ආදරණීය නැන්දේ, ඔයාට අතීතය අමතකයි නේ. (නි)
හසරැල් Thursday, 28 February 2013 10:38 AM
ගැහැණු ළමයගේ ප්‍රශ්න ඒ දෙමවුපියෝ ගැහැණු ළමයත් සමග බේරාගත යුතුයි. (නි)
හේරත් Wednesday, 27 February 2013 10:24 PM
ඔය ගුටි කන අය තමයි අන්තිමට හද එළියේ පිහිට පතන්නේ. (නි)
නසීර් Wednesday, 27 February 2013 02:18 PM
තරුණ කාලෙට ඕවා සුළු දේවල් (දී)
ගංගා Wednesday, 27 February 2013 01:35 PM
අනේ පව් (දී)
සමන්ත Wednesday, 27 February 2013 09:03 AM
මේක අසාධාරණයි, ආදරය කරන දෙන්නෙක් ඇරෙන්න අනිති අයට ඒ ආදරයේ බැරෑරුම්කම තේරෙන්නේ නෑ (ස)
සම්පත් Tuesday, 26 February 2013 05:05 PM
මේ විදියට හැසිරීම හොද දෙයක් නෙමෙයි. (නි)
සදරුවන් Tuesday, 26 February 2013 10:27 AM
මෙහෙම ඒවාට ගහලා හැරියන්නේ නැහැ. අවවාදයක් දුන්නා නම් හරි.(නදී)
වරුණ Tuesday, 26 February 2013 09:53 AM
තමන්ගේ ළමයව හදන්න බැරුව කොහොමද අනෙක් ළමයින්ව හදන්නේ? (නි)
සේනක Tuesday, 26 February 2013 03:48 AM
කොල්ලගේ දෙමාපියන්ට තිබුණේ බස් නැවතුමට ඇවිල්ලා කෙල්ලට හූ කියන්න. (නි)
රූම් Monday, 25 February 2013 10:11 AM
ඔච්චර ආදරේ කරන ගෑනු ළමයගේ කටහඩයි අම්මගේ කටහඩයි අදුර ගන්න බැරි මේ වගේ අයට හොදට සලකන්න තමයි ඕනේ.(නදී)
පද්මි Monday, 25 February 2013 10:21 PM
ආදරය යනු දඩුවම් ලැබිය යුතු වරදක්ද? (නි)
සමීර Monday, 25 February 2013 02:22 PM
අයියලා හිටියොත් ඔහොමමයි. (නි)
සිල්වා Monday, 25 February 2013 02:01 PM
මම නම් පෙම්වතුන්ගේ දිනයට විරුද්ධයි. (නි)
ප්‍රියා Monday, 25 February 2013 01:22 PM
බැන්නට බඩපුරා නැන්දට හිතපුරා.... හෙට මොනවා වේවිද??? (නි)
ප්‍රවීන් Monday, 25 February 2013 01:06 PM
ඇද්ද මල්ලී? (නි) (නි)
ලලිත් Monday, 25 February 2013 12:57 PM
මේ කතාවේ ගැහැණු ළමයාට වුණේ මොකක්ද දන්නෙ නැහැ නේද? (නි)
ලලිත් Monday, 25 February 2013 12:56 PM
අම්මයි දුවයි හදුනාගන්න නොහැකි විදියට එකම සබන් වර්ගයක්වත් ගාලද? (නි)
අමිල Monday, 25 February 2013 11:40 AM
ආලය අන්ධද මල්ලී? (නි)
චින්තක Monday, 25 February 2013 11:21 AM
මේක ගහන්න තරම් දෙයක්ද? (නි)