(ගල්ගමුව නිහාල් ජයවීර)
වෙඩි තැබීමකින් තුවාල ලබා යාම් ඊම් කළ නොහැකිව ගල්ගමුව නාහෙට්ටිකුලම වැව මැද වැටී දළ ඇතකු සිටින බවට ලැබුණු තොරතුරක් මත ප්‍රතිකාර කිරීමට පැමිණි වනජීවී නිලධාරීන්ට මුහුණ දීමට සිදුවූ අලකලංචියක් පිළිබඳව ගල්ගමුවෙන් වාර්තා වුණි.
නාහෙට්ටිකුලම වැව මැද දළ ඇතකු වැටී සිටින බවට ඉකුත් විසි වැනි දින ගම්මුන්ගෙන් ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් එහි ගොස් තිබුණි. වැව මැද නිදාගෙන මෙන් සිටි ඇතාගේ දළයක් ද හොඳින් පෙනෙන්නට තිබුණ අතර ‘ඇතා’ නිසොල්මනේ සිටි බැවින් සතා නැගිටීවීමේ අරමුණින් වනජීවී නිලධාරීහු වෙඩි කීපයක් ද දල්වා සතා සිටි ස්ථානයට දැමූහ.
ඇතා ඊට කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් වනජීවී නිලධාරීහු වැවට බැස ඇතා සිටි ස්ථානයට ළඟා වූහ. එම අවස්ථාවේ ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඒ ඇතකු නොව මියගොස් ඉඳිමී තිබූ මී හරකකුගේ සිරුරක් බවත් ඇත් දළයක් ලෙස ඈතට දිස්ව ඇත්තේ මීහරකාගේ අඟක් බවත්ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැවේ වැටී සිටි දළ ඇතාට බෙහෙත් කරන්න යද්දී මී හරකෙක් වෙලා
ravi Saturday, 22 December 2018 10:46 AM
මගේ අම්මෝ... මෙහෙමත් " මීහරක් ".