(මීරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කුඩය බෑගයේ තබාගෙන මහ වැස්සේ තෙමෙමින් දුම්රියට ගිය ඉහළ තනතුරක් දරන නිලධාරියකු බිරියගේ දෝස්මුරයකට ලක්වීමේ පුවතක් පසුගියදා කොළඹ කොටුව දුම්රිය පොළේදී අසන්නට ලැබුණි.
කොලොම්පුරේ ආයතනයක සේවය කළ නිලධාරියා පිටව යාමට පැමිණි අවස්ථාවේ මහ වැස්සක් ඇද හැළුණ ඔහු වැස්ස ගැන නොසලකා තෙමි තෙමීම දුම්රියපොළ දක්වා ගමන් කළ අතර ඒ වනවිට හොඳටම තෙතබරිත වී සිටියේය. දුම්රියපොළ අසලින් තුවායක් මිලදී ගත් ඔහු සිරුර වියළාගෙන දුම්රිය එනතුරු බලා සිටියදී ඔහුට බිරියගෙන් ඇමතුමක් ලැබිණි. අනේ මම හොඳටම තෙමිලා මට කොත්තමල්ලි ටිකක්වත් තම්බලා තියන්න ඔහු බිරියට කීය.
බිරිය තවදුරටත් විස්තර විමසද්දී ඔහු පැවසුවේ අනේ ඔයා බෑග් එකට කුඩය දාලා තිබුණා නං මේ කරදරේ වෙන්නේ නෑනේ යනුවෙනි. ඒ සමගම බිරිය පරල වූවාය. අනේ මනුස්සයෝ තමුසේ බෑග් එක බැලුවනම් කුඬේ තියන බව දකින්න ඕනෑ නිකරුණේ මට දොස් කියන්න එපා යැයි කියනු අසල සිටි අයටද ඇසුණි. අනතුරුව සැමියා බෑගය විවෘත කර බලනු අසල සිටි ජනතාව දුටු අතර කූඩය පරීක්ෂා කර බැලූ ඔහු බෑගය වසා බිරියට හීන්සීරුවේ පින්සෙන්ඩු වෙනවා ඇසුණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වැස්සට තෙමිලා බිරියගෙනුත් අම්බානක බැණුම් අහලා
Kumar Wednesday, 20 November 2019 07:18 PM
ඕක එතරම් දෙයක්ද. ලඟදි අපේ වත්තේ කරපිංචා ගහේ අතු කැපුවා කියලා මටත් පතුරුයන්න බැන්නා. ඉතින් මම කිව්වා අපේ අම්මවත් මට ඒ ආකාරයෙන් කවමදාවත් බැනලා නැහැ කියලා.