(තිහගොඩ උපසේන ලියනගම)
වයඹ පළාතේ අධ්‍යාපන ආයතනයකි. එහි උසස් පෙළ විද්‍යා අංශයට පසුගියදා ඇතුළත් වූයේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියකි. කලක් විදේශගතව සිටි ඇය මෙරටට පැමිණි පසු මෙම ආයතනයට ඇතුළු වී සති කිහිපයකි.
පන්තියේ කටයුතුවලදී ඉදිරියෙන්ම සිටි ඇයට ගුරුවරුන්ගේ අනුග්‍රහය ලැබුණ ද සෙසු සිසුන් තුළ වූයේ අප්‍රසාදයකි.
පසුගියදා ගුරුවරිය විද්‍යා විෂයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් දී පිළිතුරු කඩිනමින් සපයන ලෙස පැවසූ අතර, සිසුන් තම පොත්පත්වල ඒවා සටහන් කරන අතර, මෙම ශිෂ්‍යාව තම නවින ජංගම දුරකථනයේ පිළිතුරු ටයිප් කොට ගුරුවරියට පෙන්වීමෙන් ඇයට තරු පෙනිණි.
පාසලට ජංගම දුරකථන ගෙන ඒම තනම් වූ අතර, ඇය කළ මෙම කාර්යයෙන් දැඩි අපහසුතාවට පත්වූ ගුරුවරිය ඇයට දැඩි සේ අවවාද කොට විදුහල්පතිවරයාටත් මේ ගැන දැන්වුවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විද්‍යා ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයෙන් පිළිතුරු ලියා ගුරුවරියට පෙන්වලා
පිටබැද්දර ජයා Friday, 17 June 2016 09:00 PM
තාත්තට සල්ලිත් තියෙනවා නම්, පිටරටක ඉගෙනත්ගත්තා නම්, ඉංග්‍රීසි ටිකකුත් පුලුවන් නම් මේ දැරිවියගෙන් මීටවැඩිය වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? කැපීපෙනෙන්න දඟලන චරිතයක් කියලා විතරයි කියන්න තියෙන්නේ (නි)
සෑම් Friday, 17 June 2016 09:29 PM
දියුණු රටවල බාලාංශේ දරුවන්ටත් ටැබ්ලට් එකක් නෝට් බුක් (පරිගණයක්) අනිවාර්යයෙන් ලබා දෙනවා. ඉහළ පන්ති වල සියලු කටයුතු ලැප්ටොප් පරිගණකයේ මිස කඩදාසි වල සටහන් කරන්නේ නැහැ. විශ්ව විද්‍යාල නිබන්ධන පරිගණකයෙන් කරනවා පමණක් නොව ඒවා ඉදිරිපත් කරන්නේද අන්තර්ජාලය හරහා මිසක් ගුරුවරයා මුණ සිලා නොවෙයි. හොඳ වුණත් නරක වුණත් මේ තමයි අධ්‍යාපනයේ අනාගතය (නි)
නුවන් Saturday, 18 June 2016 03:24 AM
ගෙඩක් අය ජංගම දුරකථනය භාවිතා කළයුත්තේ මොන වෙලාවෙද නොකළයුත්තේ මොන වෙලාවෙද කියලා හරියට තේරුම්ගන්නේ නැහැ (නි)
චන්ද්‍රසිරි Saturday, 18 June 2016 08:29 AM
මමත් සෑම් සමඟ එකඟයි (නි)
හේමන්ත Saturday, 18 June 2016 11:28 AM
දියුණුව ඉතා හොඳ දෙයක් නමුත් අද අලුත් තාක්ෂණය නිසා මහත් විපතක් සිදුවී ඇත. සිංහල හෝ වෙන භාෂාවක් හෝ වේවා, අද ළමයින්ගේ අත් අකුරු ලිවීමේ හැකියාව ඉතාම දුර්වල මට්ටමක පවතී. (ම)
තෙෂාන් Saturday, 18 June 2016 11:30 AM
අද අපේ රටවල වල ළමයි කිලෝ ගණන් බර පොත් බෑග් අරගෙන යන කොට ජපානයේ ළමයි ගෙනියන්නේ, ටැබ් එකෙක් විතරයි (ම)
තසංක Saturday, 18 June 2016 01:55 PM
අපේ රටේ ක්‍රමයට මේක වැරදි වුණත් සෑම් හරි ! (නි)
අබය Sunday, 19 June 2016 12:21 AM
දේසේ හැටියට බාසේ තියෙන්න ඕනෑ. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 19 June 2016 09:02 AM
තව අවුරුදු දහයකින් මේ වැඩේ කලා නම් ගුරුවරියට තරු බලන්න ඕන කමක් නැහැ. මේකේ කොමෙන්ට්ස් දාන සමහරු ශ්‍රී ලංකාව, ජපානය හෝ වෙන දියුණු රටවල දරුවන් ටැබ්ලට් එකක් නෝට් බුක් එකක් පාවිච්චි කරන එක ගැන ලියන්නෙත් ඔවුන් පිටරටවලින් මෙහාට සංක්‍රමණය වූ අය නිසා වෙන්න ඇති ! (ර)
මාලක Sunday, 19 June 2016 09:46 AM
සෑම් කියන එක හරියටම හරි. (ර)
නාමල් නිව්යෝක් Sunday, 19 June 2016 04:34 PM
ඇය ජංගම දුරකථනයෙන් පන්ති වෙලාවේ ඕපාදූප, ෆේස්බුක් බලමින් හිටියා නම් එ්ක වැරදියි. නමුත් කර තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමක්නේ. ජපානය, සිංගප්පූරුව, ඇමරිකාව වගේ රටවල බාලාංශ පන්තිවල ළමයිනුත් ටැබ්ලට් පීසී වල මෙය කරනවා. (නි)
මාලක Monday, 20 June 2016 12:59 AM
නන්දලාල්, ඔබ 'මෙහාට' කියන්නේ ප්‍රංශයටද? (නි)
උදය Monday, 20 June 2016 06:37 AM
සෑම් කියනවා වගේ අපිත් නව තාක්ෂණයට යන්න ඕනෑ. මට දුක හිතෙනවා ළමයි පොත් මලු කරේ එල්ලාගෙන යන හැටි දැක්කහම. මට මතකයි මම පොඩිකාලේ කාබන් පෑන් තහනම්. (නි)
රුපවතී Monday, 20 June 2016 09:10 AM
සෑම්, කීම සියයට සියයක්ම නිවැරදියි. මගේ දරුවෝත් විදේශයේ පාසල් වලට යන්නේ. අපෙන් පැන්සලක්වත් පාසලට අවශ්‍ය නැහැ. වසරේ දෙවතාවකදී සීත සෘතුවේ සහ සමර් කාලයට යුනිෆෝර්ම් වලට අපි ගෙවිය යුතුයි... අනිකුත් සියලුම විද්‍යුත් උපකරණ ලිපි ද්‍රව්‍ය පාසලෙන් අධ්‍යාපනයට අවශ්‍ය දේ ලබාදෙන්නේ නවීන ක්‍රමයට දියුණු තාක්ෂණයට අනුව. (ර)
සාරම් Monday, 20 June 2016 11:02 AM
සෑම් හරි, නමුත් ලංකාවේ බහුතරයකට ඔය පහසුකම් ලැබෙනතුරු හණමිටි අදහස් වලට ඔලුව නමමු. (ර)